Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇමති සරෝජාගේ යෝජනා පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා පාර්ලිමේන්තු සමුළුවේ පැසසුමට
    Featured

    ඇමති සරෝජාගේ යෝජනා පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා පාර්ලිමේන්තු සමුළුවේ පැසසුමට

    By LFNOctober 13, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් තුළ කාන්තාවන්ට හිතකර, පීඩනයෙන් සහ හිංසනයෙන් තොරව දේශපාලනයේ යෙදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය සමඟ එකට එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය, සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.

    “වෛරයෙන් තොර විවාදයක් වෙනුවෙන්” යන තේමාව යටතේ පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා පාර්ලිමේන්තු සමුළුව ආමන්ත්‍රණය කරමින් අමාත්‍යවරිය මේ බව පවසා ඇත.

    බාබඩෝස් බ්‍රිජ්ටවුන් හි පැවැත්වෙන ⁣68 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවේ (CPC) එක් අනු සමුළුවක් වන 9 වන කාන්තා පාර්ලිමේන්තු සමුළුව වැඩමුළු කිහිපයකින් සමන්විත විය.

    එහි DebateNotHate: Not Accepting Abuse as an Outcome of Free Speech යන මැයෙන් පැවති වැඩමුළු⁣ව සඳහා අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සාකච්ඡා මණ්ඩල සාමාජිකයෙකු ලෙස සහභාගී විය.

    එම වැඩමුළුව තුළ දේශපාලනයේ යෙදෙන කාන්තාවන් සුරක්ෂිත කිරීම උදෙසා,

    භාෂණයේ නිදහස හිංසනය සහ පහත හෙළිම වෙනුවෙන් අවභාවිතා කිරීම අවසන් කිරීම,

    ඩිජිටල් අවකාශය කාන්තාවන් වෙනුවෙන් සුරක්ෂිත අවකාශයක් බවට පත්කිරීම යන කරුණු කෙරෙහි අවධානය යොමුව තිබූ අතර,

    දේශපාලනයේ නියැලෙන කාන්තාවන් වෙනුවෙන් සුරක්ෂිත සහ ගෞරවාන්විත වේදිකාවක් නිර්මාණය සඳහා

    1)ජාත්‍යන්තරව පිළිගත් චර්යාධර්ම සංග්‍රහයක් හඳුන්වාදීම,

    2)ආයතනික සුරක්ෂිතතාවය සහ නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු කටයුතු වලදී විනිවිදභාවය පවත්වා ගැනීම ඇතුළු කරුණු සඳහා හොඳ පුරුදු පද්ධතියක් බෙදාහැරීම,

    3)පාර්ලිමේන්තු නියෝජිතයින් සහ කාර්යමණ්ඩල යන්හි ස්ත්‍රී – පුරුෂ සමාජභාවී සහකම්පනය වර්ධනය කිරීමට සහ සන්වේදීතාවයකින් සහ සංයමයකින් යුතුව කටයුතු කිරීම උදෙසා අනිවාර්ය පුහුණු වැඩසටහන් පැවැත්වීම,

    ඇතුළු කඩිනමින් ගතහැකි ක්‍රියාමාර්ග කිහිපයක් ඇය විසින් පෙන්වා දෙන ලදී.

    මෙම යෝජනා පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ පැසසුමට ද ලක්ව තිබේ.

    අමාත්‍ය, සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සභාපති ලෙස ද කටයුතු කරයි.

    මෙම වැඩමුළුව සඳහා අනෙකුත් සාකච්ඡා මණ්ඩල සාමාජිකයින් ලෙස ගර්න්සි හි පාර්ලිමේන්තු මන්ත්‍රීනි Sasha Kazantseva-Miller මහත්මිය සහ බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්හි ව්‍යවස්ථාදායක සභාවේ කථානායක Corine N. George-Massicote මහත්මියත් සහභාගී වූ අතර පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්, නියෝජිතවරියන් සහ කාර්යමණ්ඩල ද සහභාගීව සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 202602 Views

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කිරීමට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර…

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.