Author: LFN

අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේදී නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. 2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව අද දිනයේ දිවුරුම් දුන් නව අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පහතින් දැක්වේ. බිමල් නිරෝෂන් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක – වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ – නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍යවරු ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් – නිවාස ඉදිකිරීම් සහ…

Read More

උසස් නිලතල පිළිබඳ කාරක සභාව තුළ දී සාකච්ඡාවට ලක් නොවුණු කතාවක් පිළිබඳව මන්ත්‍රීවරයෙක් විසින් වැරදි ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඊයේ (09) පාර්ලිමේන්තු සභාවාරය අමතමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය. එමෙන්ම උසස් නිලතල පිළිබඳ කාරක සභාව තුළ සාකච්ඡාවට ලක් වන කරුණු පිළිබඳව මාධ්‍යයට තොරතුරු ලබා දීමට එහි සිටින කිසිවෙකුට හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති බවද එහිදී ඔහු සඳහන් කළේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ලේකම්වරයා මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් වැරදි ප්‍රවෘත්ති ප්‍රචාරය කළ පුද්ගලයින්ටත්, පුවත ලබා දුන් අයටත් නීතිය…

Read More

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන එමින් සිටි පරවියන් 149 දෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ. නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ පරීක්ෂාවකදී ඉන්දියාවේ සිට කල්පිටිය දක්වා රැගෙන එමින් තිබූ යාත්‍රාවක් තුළ සගවා සිටියදී මෙම පරවියන් සොයා ගෙන ඇත. මෙම සත්ත්වයින් ඉන්දියාවේ රාමේෂ්වරම් හෝ ආසන්න ස්ථානයක සිට මෙරට මුහුදු සීමාවට රැගෙන ඒමෙන් පසුව මෙම ධීවර යාත්‍රාවට ලබා දී ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ යාත්‍රාවේ ක්‍රියාකරු සහ තවත් අයෙකු ද නාවික හමුදා විසින් සිය භාරයට ගෙන ඇති අතර පරවියන් 149 දෙනා වනජීවි නිලධාරීන්ට භාර දී ඇත. කෙසේවෙතත් සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ…

Read More

සමගි ජන බලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙයවීමෙන්, එක්සත් ජාතික පක්ෂය සමග පොදු වැඩපිළිවෙළකට දේශපාලන වශයෙන් ප්‍රවේශවීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සමගි ජන බලවේගය ඊයේ (09) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සහ ඊට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී මේ පිළිබඳව ඒකමතිකව තීන්දු කළ බව ඔහු සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසුවේ රටටත් ජනතාවටත් බලපාන කරුණු කාරණා ගැන සහ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට ප්‍රායෝගික හා ජනතාවාදී ප්‍රතිපත්තිමය එකඟතාවයන් මත පක්ෂ දෙකේ අනන්‍යතාව පවත්වා ගනිමින් ඉදිරියට කටයුතු කරන බවය.

Read More

අද (10) දින‍යේ නැගෙනහිර, මධ්‍යම, ඌව, දකුණු සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව දැක්වෙයි. බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකිය. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මගින් සිදුවිය හැකි අනතුරු, අවම කරගැනීමට අවශ්‍ය පියවර…

Read More

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරය වෙනුවෙන් යෝජනාකළ සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ සාම සැලැස්මට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ සැලැස්ම අනුමත කර ඇති බවය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා හමාස් සංවිධානයට අවසන් නිවේදනයක් නිකුත්කළ අතර, ඉන් අනතුරුව ගාසා තීරය සඳහා අමෙරිකානු සාම සැලැස්මේ පළමු පියවර පිළිගැනීමට හමාස් සංවිධානය එකඟ විය. ඒ අනුව හමාස් විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් එළැඹෙන සඳුදා හෝ අඟහරුවාදා නිදහස් කරනු ඇති බව වාර්තා වේ. එමෙන්ම ඊශ්‍රායලය විසින්ද පලස්තීන සිරකරුවන් සිය ගණනක් නිදහස් කරනු ඇති අතර, ඊශ්‍රායල…

Read More

නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයක පිහිණුම් තටාකයක් තුළ වයස අවුරුදු 5ක දරුවෙකු මියයෑම සම්බන්ධයෙන් එම දරුවා ඉගෙනුම ලැබූ පෙර පාසලේ සහකාර විදුහල්පති ඇතුළු 7ක් මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 8වනදා පෙරවරුවේ මිරිහාන, ස්ටැන්ලි මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක දී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා විය. එදින මියගිය දරුවා ඇතුළු දරුවන් කණ්ඩායමක් ගුරුවරුන් හා පුහුණුකරුවෙකු යටතේ ඉහත හෝටලයේ පිහිණුම් කටයුතු සිදුකරමින් සිටියදී මෙම දරුවා දියේ ගිලී ඇත. ඒ හේතුවෙන් එම දරුවා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ. දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (9) සිදුකළ අතර, එහිදී කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් මෘත ශරීරය සම්බන්ධයෙන් විවෘත…

Read More

මෙරට පාසල් සිසුන්ගෙන් සියයට 60ක් මානසික පීඩනයෙන් පෙළෙන බව අනාවරණය වී තිබේ. ඉහළ වසරවල ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 24ක් විශාදය රෝගී තත්ත්වයෙන් පෙළෙන බවද එහිදී වැඩිදුරටත් හෙළිවී ඇත. සිදුකළ පර්යේෂණ හරහා මෙම තොරතුරු අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා පැවසීය. “මෙම මනෝ වෛද්‍ය පරීක්ෂණයෙන් හොයා ගත්තේ, අධ්‍යාපන පිළිබඳ තිබෙන දැඩි පීඩනය, නිවසේ දෙමව්පියන් සමග තිබෙන ගැටලු, සමාජ මාධ්‍ය භාවිතය සහ දරුවන්ට ඇතිවෙන ශාරීරික පීඩා මෙම මානසික පීඩනයට හේතුවූ බවයි.” “ලංකාවේ ජනගහනයෙන් 19%ක් වැනි ප්‍රතිශතයකට විශාදයේ ලක්ෂණ තිබෙන බව මින් පෙනෙනවා.” අදට (10) යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන්…

Read More

2026 වර්ෂයේ පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ රජයේ පාසල්වල හා රජයේ ආධාර ලබන /නොලබන පෞද්ගලික පාසල්වල 2026 වර්ෂයේ දී පළමුවන ශ්‍රේණියේ සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල් සඳහා 2026 ජනවාරි මස 20 වන දා (අඟහරුවාදා දින) සිදු කිරීමට තීරණය කර ඇති බවත්, එදිනට පෙර පළමුවන ශ්‍රේණියට තෝරා ගත් සිසු දරුවන් පාසලට ඇතුළත් කිරීම සිදුකළ යුතු බවත්ය. ඒ අනුව, 2026.01.20 දින පළමුවන ශ්‍රේණියේ සිසුන්ට විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීමට අදාළ පිළිගැනීමේ වැඩසටහන පහත අංග…

Read More

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත්, එය පිටුපස ඉන්දියාව සිටින බවටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා විසින් පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවට ප්‍රකාශ කළ බවට සාවද්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව පොලීසිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ, අදාළ පුවත තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, එය සත්‍යයෙන් තොර පුවතක් බවට අවධාරණය කරන බවය. එම පුවත සම්බන්ධව කරුණු දක්වමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා සඳහන් කරන්නේ, 2025.10.08 වන දින පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාව විසින් කරන ලද කැඳවීමකට අනුව එම කාරක සභාව හමුවේ පෙනී සිට මතු වූ…

Read More