Author: LFN
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේ දී සිය භාරයට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 53ක් තිබී සොයාගත් බව නාවික හමුදාව පවසයි. මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට වූ සැකයක් මත මෙම ධීවර යාත්‍රාව සිය භාරයට ගෙන අද (17) පෙරවරුවේ ගාලු වරායට රැගෙන එනු ලැබීය. එහිදී සිදුකල සොයාබැලීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිව ඇත. මේ වනවිට අදාළ ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් පස් දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.
ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට ශ්‍රී ලංකා භූමිය පරිහරණය කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. ඇය මේ බව සඳහන් කළේ, සිය ඉන්දීය නිල සංචාරයට සමගාමීව ඇය ඉගෙනුම ලැබූ දිල්ලි හින්දු විද්‍යාලය වෙත පැමිණි අවස්ථාවේදීය. ඉන්දියාවේ නිල සංචාරයක නිරත අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ (16) දිනයේ රාජ්‍යතාන්ත්‍රික හමුවීම් කිහිපයකට ද එක්විය. මෙම සංචාරයේ විශේෂ අවස්ථාවක් සටහන් කරමින් අගමැතිනිය ඇය ඉගෙනුම ලැබූ දිල්ලියේ හින්දු විද්‍යාලයේ සංචාරයකට ද එක්විය. මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය. “හින්දු විද්‍යාලය දැන් අංක එකට ඇවිත්. ඒ ගැන ආඩම්බරයි. අපූරුයි. මම මුලින්ම මෙහෙට එද්දි, PEPSI ඉන්දියාවට ආව විතරයි. ඒ කාලේ ඒක…
ලොව උසම කන්ද ලෙසින් පිළිගැනෙන අඩි 8,848ක් උසැති එවරස්ට් කන්ද සාර්ථකව තරණය කළ පළමු ගවේෂණ කණ්ඩායමේ අවසන් සාමාජිකයා වූ නේපාලයේ කාංචා ෂර්පා ඊයේ (16) අභාවප්‍රාප්ත විය. පසුගිය දින කිහිපයේ දී රෝගාතුරව සිටි ඔහු කත්මණ්ඩු නුවර දී සිය දිවිසැරිය නිමා කරන විට වයස අවුරුදු 92ක් විය. එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සිං නෝර්ගේ නායකත්වයෙන් යුත් 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම 1953 දී වසරේ දී ලොව පළමුවරට එවරස්ට් කඳු මුදුන සාර්ථකව තරණය කරනු ලැබීය. කඳු නැගීමේ අත්දැකීම් නොතිබුණද සති 2කට වඩා වැඩි කාලයක් පැවති මෙම දුෂ්කර ගමනට ඔහුද සහායයෙකු ලෙස එක්ව ඇත. ඒ වනවිට කාංචා ෂර්පාට වයස අවුරුදු 19කි. එතැන් සිට දශක දෙකකට වැඩි කාලයක්…
මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ බවට සැකකෙරෙන යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ. අදාළ යාත්‍රාව සහ එහි සිටි පස් දෙනෙකු ගාල්ල වරාය වෙත රැගෙන එමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළේය.
තංගල්ල රැකව මුහුදු තීරයේ පාවෙමින් තිබියදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය අපරාධකරුවකු වන දෙහිබාලේ නැමැත්තාට අයත් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 5දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීය. ඔවුන් අවුරුදු 24 ත් 56ත් අතර වයස්වල පසුවන දෙවුන්දර, දෙවිනුවර, සුල්තානාගොඩ සහ ගන්දර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. සැකකරුවන් සතුව තිබී අයිස් ග්‍රෑම් 19කට අධික ප්‍රමාණයක්, අශ්වබල 40 බෝට්ටුවක්, මෝටර් රථයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකතන 05ක් පොලීසිය සිය භාරයට ගෙන තිබේ. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කොටවිල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී ඇති අතර වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මකය. තංගල්ල රැකව මුහුදු…
අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නන්ගර නොහොත් “බස් ලලිත්” ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ. බස් ලලිත් නැමැත්තා වෙඩිතැබීම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ චෝදනා රැසක් එල්ලව සිටි අයෙකි.
රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න මහතා ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ. නඩුව අද (14) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී කරුණු සළකා බැලූ කුරුණෑගල මහාධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත. අලව්ව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව මත හිටපු නාවික හමුදාපතිවරයා පසුගිය ජූලි මස 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එමෙන්ම හිටපු නාවික හමුදාපතිවරයාට අමතරව හිටපු බුද්ධි ප්‍රධානී රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් මොහොට්ටි ඇතුළු තිදෙනෙක් පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
අල්ලස් කොමිසම මඟින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇප මත මුදාහරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා විසින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැඟිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ…
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ ඉල්ලීම නිෂ්ප්‍රභ කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නේය. මනූෂ නානායක්කාර මහතා හෙට (15) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන බවත් ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. ඉකුත් රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී අක්‍රමිකතාවක් සිදු වී ඇතැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් සිදුකරන බවත් එම විමර්ශනය හේතුවෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අධිකරණයට ඉදිරිපත් කළ සිය…
මහජන චීන සමූහාණ්ඩුවේ නිල සංචාරයක නිරත අගමැති ආචාර්ය හරිනි අමරසූරිය , බීජිංහිදී මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය Li Qiang මහතා හමුවී තිබේ. මෙම හමුව අතරතුර, 2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීමට චීනය කළ ආරාධනය සහ ශ්‍රී ලංකා දූත පිරිසට දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය කෘතඥතාව පළකර ඇත. අග්‍රාමාත්‍යවරිය විසින් මහජන චීන සමූහාණ්ඩුවේ 76 වන සංවත්සරයට සුබ පැතුම් එක් කළ අතර, අග්‍රාමාත්‍යවරිය ලෙස ඇයගේ මෙම පළමු චීන නිල සංචාරය හරහා දෙරටේ වෙළෙඳාම, ආයෝජන, සංචාරක, සංස්කෘතිය සහ ජනතාව අතර ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවස්ථාවක් ලැබෙන බව සඳහන් කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය කළ…