Author: LFN

දිවයින පුරා සිදුවූ මාරක අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කර ඇත්තේ මෙම අනතුරු ඊයේ (12) දිනයේදී පුනරීන් සහ හුංගම ප්‍රදේශයන් හී සිදුව ඇති බවය. ඒ අනුව පුනරින් පොලිස් වසමේ පරන්තන් පුනරීන් ප්‍රධාන මාර්ගයේ 20 කිලෝමීටර් කණුව ආසන්නයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වාහනයක ගැටී තිබේ. අනතුරින් පසු අදාළ වාහනය නොනවත්වා ධාවනය කර පලා ගොස් ඇති අතර අනතුරට පත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලීසිය පැවසීය. සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 82ක් වූ පුනරීන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සිදුකළ වාහනය සහ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා පුනරීන් පොලීසිය විමර්ශනයක්ද ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය. මේ අතර…

Read More

ගාසා තීරයේ වෙසෙන ජනතාව වෙනුවෙන් එක්සත් රාජධානිය විසින් පවුම් මිලියන 20ක මානුෂීය ආධාර පැකේජයක් ලබා දීමට තමන් කටයුතු කරන බව එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් පවසා තිබේ. ගාසා යුද්ධය අවසන් කිරීම සඳහා වන ලෝක නායකයින්ගේ සමුළුවට අද (13) ඊජිප්තුවේ ෂර්ම් එල් ෂෙයික් නගරය වෙත පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ. එහිදී දෙපාර්ශ්වයේම ජනතාවට ආරක්ෂිතව තම ජීවිත නැවත ගොඩනගා ගැනීමට හැකි වන පරිදි සාම සැලැස්ම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා ඊළඟ අදියරේ සාකච්ඡා සඳහා එක්සත් රාජධානියේ සහාය ලබා දෙන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා ඇත. මේ අතර ගාසා තීරයේ ඉතිරිව සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හමාස්…

Read More

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එහි සඳහන් වේ.

Read More

ගල්කිස්ස අධිකරණ භූමිය තුළ සිදු වූ බව කියන පහරදීමේ සිදුවීමට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් නිලධාරියා වෙනුවෙන් හෙට (13) දිනයේ රජයේ නීතිඥවරයෙක් පෙනී සිටින බව පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. එමෙන්ම එහිදී පොලීසිය නිසි ආකාරයෙන් ක්‍රියා කළේ දැයි සෙවීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාර දී ඇති බවද ඔහු සඳහන් කළේය. එමෙන්ම පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන බවය. තවදුරටත් අදහස් දැක්වූ පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා, “හෙට දින මෙම අධිකරණ කටයුත්ත නැවත කැඳවනවා. ඒ සඳහා නීතිපතිවරයාත් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා ඔහුගේ සහාය ඇතිව රජයේ නීතිඥවරයෙක් සම්බන්ධ කරගෙන අවශ්‍ය නීතිමය පියවර ගන්නවා” යැයි පැවසීය.

Read More

මෙම වසර තුළදී වතුකම්කරු දෛනික වැටුප රුපියල් 1,750 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. බණ්ඩාරවෙලදී පැවැති කඳුකර මලයගම් ප්‍රජාවේ ප්‍රතිලාභීන් 2000ක් සඳහා නිවාසලාභී හිමිකම් පත් ප්‍රදානයේ කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ඉන්දීය ආධාර යටතේ ක්‍රියාත්මක නිවාස 10,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ සිව්වැනි අදියර යටතේ කඳුකර මලයගම් ප්‍රජාවට එම හිමිකම්පත් ප්‍රදානය කිරීමේ උත්සවය අද (12) පෙරවරුවේ බණ්ඩාරවෙලදී ආරම්භ විය. එහිදී නිවාස හිමිකම් පත් ලබන ප්‍රතිලාභීන් 2000දෙනා සංකේතවත් කරමින් හිමිපත්කම් ප්‍රදානය ජනාධිපතිවරයාගේ අතින් සිදු කෙරිණි. වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ” මෙම මලයගම් ජන ප්‍රජාව විසින් ප්‍රබලතම වැඩ කොටසක් ඉටු කරනවා.. ඒ…

Read More

සිය ආරක්ෂාව සඳහා ලබා දී තිබූ වෙඩි නොවදින වාහන නැවත ලබා දෙන ලෙස හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ. හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂක නිලධාරීන්ට ලබාදී තිබූ සියලුම වාහන පසුගියදා රජයට බාර දෙනු ලැබීය. එසේ බාර දුන් වාහනවලට වෙඩි නොවදින වාහනද ඇතුළත් විය. මෙම ආරක්ෂක වාහන භාරදීමෙන් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු සහගත තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ. මේ අතර ආරක්ෂාවට අදාළ පහසුකම් සම්බන්ධයෙන් යළි ඉල්ලීමක් කළොත් සලකා බැලිය හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඉකුත්දා පැවසීය.

Read More

මෙරට නිෂ්පාදිත ගිනිඅවි 2ක් හා පතරොම් සමග සැකකරුවෙකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඊයේ (11) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත. ලද තොරතුරක් මත තිස්සමහාරාම පොලිස් වසමේ සාමගුලිය වැව අසල වගා ඉඩමක සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. එහි වාඩියක් තුළ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක්, T56 පතරොම් 11ක්, M16 පතරොම් 03ක් හා HPMG පතරොම් 03ක් ද පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 37ක් වන කාවන්තිස්සපුර, තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි හිටපු යුධ හමුදා සෙබලෙකු වේ. අදාළ පුද්ගලයා තිස්සමහාරාම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර තිස්සමහාරාම පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පසුගිය (10) පොලිස් නිලධාරියෙක් නීතීඥයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මගින් මේ වන විට විර්මශනයක් ආරම්භ කර ඇත. නීතීඥවරයෙකුගේ කාර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. ඒ අනුව මෙම සිදුවීමට අදාළ නීතීඥවරයා සමඟ පැමිණි තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු එම සිදුවීමට පාදක වූ පොලිස් නිලධාරියා හට බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරයපෑම සම්බන්ධයෙන් මෙසේ විර්මශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. සිද්ධියට අදාළ පොලිස්…

Read More

චීනයේ බීජිං හි පැවැත්වෙන “කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව 2025” සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (11) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනය අනුව අග්‍රාමාත්‍යවරිය චීනය බලා පිටත්ව ගොස් ඇති අතර අද සිට ලබන 15 වනදා දක්වා එරට සංචාරය කිරීමට නියමිතය. එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් චීන රජය සහ බීජිං හි පිහිටි එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය එක්ව සංවිධානය කරන “එක් අනාගතයක්: කාන්තාවන් සඳහා නව සහ වේගවත් සංවර්ධනයක්” යන තේමාව යටතේ පැවැත්වෙන කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව ඇමතීමට ද නියමිතව තිබේ. මෙම සංචාරයේදී මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං සහ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී චියැං…

Read More

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සිය මන්ත්‍රීධුරවලින් ඉල්ලා අස්වී එළැඹෙන පළාත් සභා මැතිවරණයට සටන් කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක දේශපාලන අධ්‍යාප තිරසර සංවර්ධන විද්‍යා පීඨය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු ඊයේ (11) මේ බව පැවසීය. එහිදී අදහස් දක්වමින් විපක්ෂනායකවරයා පැවසුවේ අදාළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වී පළාත් සභා මැතිවරණයට තරග කරනුයේ සමගි ජනබලවේග ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් වන බවත්ය. එමෙන්ම විපක්ෂයේ සිටින මොහොතක මෙවැනි කැප කිරීම් සිදුකිරීමේ අවස්ථාද දුර්ලභ බවද විපක්ෂනායකවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. එහිදී…

Read More