Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ගාසා තීරයේ සාම ගිවිසුම යටතේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හමාස් සංවිධානය විසින් ආරම්භ කර තිබේ. ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු මෙලෙස අද (13) දිනයේ නිදහස් කෙරෙන අතර ඔවුන්ගේ නම් ලැයිස්තුව එම සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබුණි. ඒ අනුව පළමු අදියර යටතේ හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 07දෙනෙකු උතුරු ගාසා තීරයේ දී රතු කුරුස සංවිධානය වෙත භාරදීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අනතුරුව රතු කුරුස සංවිධානයේ නිළධාරීන් විසින් ඊශ්‍රායල ආරක්ෂක අංශ වෙත එම පිරිස භාරදෙනු ඇති. නිදහස ලබන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිළිගැනීම සඳහා ඔවුන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් එරට ටෙල්අව්වි අගනුවරට එක් රැස්ව සිටින බව විදෙස්…
ගල්කිස්සේ නීතීඥවරයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයාට ගල්කිස්ස අධිකරණය මගින් ඇප ලබා දී තිබෙනවා. ඒ, ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් නියම කරමින්. එමෙන්ම මෙම සිද්ධිය සමථ මණ්ඩලයාට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව, මෙම නඩුව නොවැම්බර් 14 දක්වා කල්යනවා. 2025.10.10 වන දින ගල්කිස්ස අධිකරණ භූමියයෙන් නීතීඥවරයෙකුගේ කාර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අදාල පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2025.10.13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.
ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම්.තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර තිබේ. ඒ අනුව ඒ මහතා වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇත. පසුගියදා ගල්කිස්ස උසාවි සංකීර්ණය අසලදී නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර සිදුවූ සිදුවීමේදී පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව සිදු කෙරෙන විශේෂ විමර්ෂනකට අදාළව මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇතැයි පොලීසිය පැවසීය. ඒ අනුව සිදු කෙරෙන මූලික විමර්ශනවලට අදාළව මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇතැයිද පොලීසිය සඳහන් කළේය.
කුරුණෑගල කුඩා ගල්ගමුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව වාර්තා වේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වූ පැපොලේවෙල, කුඩා ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා තම සහෝදරයාගේ නිවසේ තවත් පිරිසක් සමඟ මත්පැන් පානය කරමින් සිටින අතරතුර සහෝදරයා සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සහෝදරයා විසින් කඩුවකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
වර්ෂ 2030 වන විට දේශගුණික විපර්යාස සහ ව්‍යසනවල බලපෑම් හේතුවෙන් ලෝකයේ ජීවත්වන මිලියන 37.6ක ජනතාවක් අන්ත දරිද්‍රතාවයට පත්වනු ඇති බව ආපදා අවදානම් කළමනාකරණය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාල පවසයි. වසර 2030 වන විට වසරකට ආපදා 560කට පමණ ලෝකයේ රටවල් මුහුණ දෙනු ඇති බව ඔවුන් පෙන්වා දී ඇත. ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ගෝලීය සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ඔක්තෝබර් 13 වනදා ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ජාත්‍යත්‍යන්තර දිනය පවත්වනු ලබයි. සාමුහිකත්වය තුළින් පමණක් අපට ලෝකය සුරක්ෂිත කරගත හැකියි යන්න ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනයේ තේමාව වී තිබේ.
මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 695.7ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක මේ බව සඳහන් කර තිබේ. එම වාර්තාවේ සඳහන්ව ඇත්තේ පසුගිය 2024 වසරේදී ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 555.6ක් බවය. ඒ අනුව මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 140.1ක ඉහළ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇත. මේ අතර මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට මේ දක්වා විදෙස් ප්‍රේෂණ තුළින් මෙරටට ලැබී ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 5,811.7ක් බවද මහ බැංකුව පවසයි. එය ගිය වසරේ…
වංචනික විදේශ රැකියා ආයතන හෝ පුද්ගලයින් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය වෙත තොරතුරු ලබා දෙන ලෙස එම කාර්යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. 0112882228 යන දුරකතන අංකය ඔස්සේ විශේෂ විමර්ශන අංශයේ ස්ථාපිත පොලිස් ඒකකයට එම තොරතුරු ලබා දිය හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් දැනුම් දී ඇත. මේ වන විටත් එම පොලිස් ඒකකයට විදේශ රැකියා වංචනිකයින් පිළිබඳ පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී ඇති අතර ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් පුළුල් මෙහෙයුම් ආරම්භ කර ඇති බව ද සඳහන් වේ. ගත වූ දින 02 තුළ ද විදේශ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගත් කාන්තාවක් ඇතුළු…
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් තුළ කාන්තාවන්ට හිතකර, පීඩනයෙන් සහ හිංසනයෙන් තොරව දේශපාලනයේ යෙදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය සමඟ එකට එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය, සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි. “වෛරයෙන් තොර විවාදයක් වෙනුවෙන්” යන තේමාව යටතේ පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා පාර්ලිමේන්තු සමුළුව ආමන්ත්‍රණය කරමින් අමාත්‍යවරිය මේ බව පවසා ඇත. බාබඩෝස් බ්‍රිජ්ටවුන් හි පැවැත්වෙන 68 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවේ (CPC) එක් අනු සමුළුවක් වන 9 වන කාන්තා පාර්ලිමේන්තු සමුළුව වැඩමුළු කිහිපයකින් සමන්විත විය. එහි DebateNotHate: Not Accepting Abuse as an Outcome of Free Speech යන මැයෙන් පැවති වැඩමුළුව සඳහා අමාත්‍ය…
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ පස් කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටීම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ. මේ හේතුවෙන් දුම්රියේ ඉදිරි කොටසකට ද හානි සිදුව ඇති බව වාර්තා වේ.
ගල්කිස්ස අධිකරණය පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහරදුන් බවට වාර්තා වු සිද්ධියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඔහුගේ නිවසට ගොස් තිබේ. පොලිස් කොස්තාපල්වරයාගේ රාජකාරියට බාධා කිරීම හා තර්ජනය කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පැවසුවේය. මාධ්‍ය කළ විමසීමක දී පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි අදාළ නීතිඥවරයාගේ නිවසට පොලිසිය පැමිණි අවස්ථාවේ ඔහු නිවසේ සිට නොමැති බවය. පසුගිය සිකුරාදා දිනයේ ගල්කිස්ස අධිකරණ භූමියෙන් නීතිඥවරයෙකුගේ මෝටර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහරදුන් බවට චෝදනාවක් එල්ල වී තිබුණි. එම අවස්ථාවේ අදාළ නීතීඥවරයා ද තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු සමග පොලිස් කොස්තාපල්වරයාට පරුෂ…