Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
තංගල්ල රැකව මුහුදු තීරයේ පාවෙමින් තිබියදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය අපරාධකරුවකු වන දෙහිබාලේ නැමැත්තාට අයත් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 5දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීය. ඔවුන් අවුරුදු 24 ත් 56ත් අතර වයස්වල පසුවන දෙවුන්දර, දෙවිනුවර, සුල්තානාගොඩ සහ ගන්දර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. සැකකරුවන් සතුව තිබී අයිස් ග්‍රෑම් 19කට අධික ප්‍රමාණයක්, අශ්වබල 40 බෝට්ටුවක්, මෝටර් රථයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකතන 05ක් පොලීසිය සිය භාරයට ගෙන තිබේ. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කොටවිල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී ඇති අතර වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මකය. තංගල්ල රැකව මුහුදු…
අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නන්ගර නොහොත් “බස් ලලිත්” ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ. බස් ලලිත් නැමැත්තා වෙඩිතැබීම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ චෝදනා රැසක් එල්ලව සිටි අයෙකි.
රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න මහතා ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ. නඩුව අද (14) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී කරුණු සළකා බැලූ කුරුණෑගල මහාධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත. අලව්ව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව මත හිටපු නාවික හමුදාපතිවරයා පසුගිය ජූලි මස 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එමෙන්ම හිටපු නාවික හමුදාපතිවරයාට අමතරව හිටපු බුද්ධි ප්‍රධානී රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් මොහොට්ටි ඇතුළු තිදෙනෙක් පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
අල්ලස් කොමිසම මඟින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇප මත මුදාහරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා විසින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැඟිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ…
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ ඉල්ලීම නිෂ්ප්‍රභ කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නේය. මනූෂ නානායක්කාර මහතා හෙට (15) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන බවත් ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. ඉකුත් රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී අක්‍රමිකතාවක් සිදු වී ඇතැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් සිදුකරන බවත් එම විමර්ශනය හේතුවෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අධිකරණයට ඉදිරිපත් කළ සිය…
මහජන චීන සමූහාණ්ඩුවේ නිල සංචාරයක නිරත අගමැති ආචාර්ය හරිනි අමරසූරිය , බීජිංහිදී මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය Li Qiang මහතා හමුවී තිබේ. මෙම හමුව අතරතුර, 2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීමට චීනය කළ ආරාධනය සහ ශ්‍රී ලංකා දූත පිරිසට දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය කෘතඥතාව පළකර ඇත. අග්‍රාමාත්‍යවරිය විසින් මහජන චීන සමූහාණ්ඩුවේ 76 වන සංවත්සරයට සුබ පැතුම් එක් කළ අතර, අග්‍රාමාත්‍යවරිය ලෙස ඇයගේ මෙම පළමු චීන නිල සංචාරය හරහා දෙරටේ වෙළෙඳාම, ආයෝජන, සංචාරක, සංස්කෘතිය සහ ජනතාව අතර ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවස්ථාවක් ලැබෙන බව සඳහන් කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය කළ…
අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ තෙවන අර්ධය සඳහා විදුලි බිල සංශෝධනය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ. ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය ඉදිරි මාස තුන සඳහා කිසිදු වෙනසක් නොකරන බව එම කොමිසමේ සභාපති, මහාචාර්ය කේ. පී.එල් චන්ද්‍රලාල් මහතා පැවසීය. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව දැනුම් දුන්නේය. මේ වසරේ තුන්වන විදුලි ගාස්තු සංශෝධනය සඳහා සියයට 6.8ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබුණි. ඒ අනුව අදාළ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් හා යෝජනා ලබාගැනීම…
ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයෙකු සමග ඇතිවූ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා ගල්කිස්ස පොලිස් ස්ථානයේ සිට පිළියන්දල පොලිස් ස්ථානයට ස්ථාන මාරු කර තිබේ. අද (14) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ස්ථාන මාරුවීම ලබාදී ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා සඳහන් කළේය. ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයෙකුට පහරදුන් බවට චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පොලිස් කොස්තාපල්වරයා ඊයේ (13) දිනයේ ඇප මත මුදා මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි. පසුගිය සිකුරාදා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේ දී නීතිඥවරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු අතර ඇතිවු බහින් බස්වීමකදී පොලිස් කොස්තාපල්වරයා විසින් අදාල නීතිඥවරයාට පහරදීමක් සිදුකර ඇති බවට චෝදනා එල්ලවී…
කොළඹ ජාතික රෝහලේ එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍ර තුනක් මේ වන විට අක්‍රීය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ එක් එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍රයක් පමණක් ජාතික රෝහලේ ක්‍රියාත්මක මට්ටමේ පවතින බවය. මෙම තත්ත්වය හේතුවෙන් රෝගී සත්කාරක සේවාවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය. මහනුවර රෝහලේ වකුගඩුවල ගල් කුඩු කිරීම සඳහා වන යන්ත්‍රයක් මීට වසරකට පෙර මිලදී ගෙන ඇති අතර එය මෙතෙක් භාවිතයට ගෙන නොමැති බව ද චානක ධර්මවික්‍රම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
යෝජිත වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වැවිලි සමාගම් නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. පසුගිය අයවැයෙන් රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට සමගාමීව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීමේ යෝජනාව පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. වතු කම්කරු ජනතාවට ජීවත් වීමට සරිලන වැටුපක් ගෙවා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරිමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා එම වැටුප් වැඩි කිරීමේ ක්‍රමවේදය පිළිබඳව වතු සමාගම් නියෝජිතයන් සමඟ සාකච්ඡා කළේය. වැවිලි කර්මාන්තකරුවන් මුහුණ දෙන අභියෝග පිළිබඳවද වැවිලි සමාගම් නියෝජිතයන් විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී. වැවිලි කර්මාන්තය නඟා සිටුවීමේ රජයේ ප්‍රතිපත්තිය මෙහිදී පැහැදිලි…