Author: LFN
ඔක්තෝබර් මාසයේ පසුගිය සති 03 තුළ පමණක් සංචාරකයින් 120,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය පවසන්නේ ඔක්තෝබර් මස 23 වන දින වන විට සංචාරකයින් 119,670 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවය. ඒ අනුව මේ වසරේ ගත වූ කාලය තුළ සංචාරකයින් 1,845,164 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. මේ අතර මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ඉහළ යාමක් දක්නට ලැබුණ ද සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට බලධාරීන් කටයුතු කර නොමැති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ගේ එකමුතුව පවසයි. එහි සභාපති සමීර සේනක ද සිල්වා මහතා පවසන්නේ සංචාරක කර්මාන්තයේ පහසුකම් වැඩිදියුණු කිරීම සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කළ යුතු…
රට පුරා රෝහල්වල ඖෂධවේදීන් දහසකට වැඩි පිරිසකගේ හිඟයක් බව රජයේ ඖෂධ වේදීන්ගේ සංගමය පවසයි. මේ හේතුවෙන් ජනතාවට දිගු බෙහෙත් පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇති බව සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතා පැවසීය. මෙම ගැටළුව වහා විසදන ලෙස සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි
ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් මේ දවස්වල හිතාගන්න බැරි කතාවකට කොටුවෙලා ඉන්නවා. ඇයට තියා අපිටවත් හිතාගන්න බෑ ඒ කතාව ගැන නම්. ඉතින් ඇය සම්බන්ධ කරගෙන ඒ ගැන අහන්න ‘හාට්’ අපි හිතුවා. ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි බොතේජු. පියුමි මොකක්ද මේ හිතාගන්න බැරි කතාව? ඒ ගැන මටවත් හිතාගන්න බෑ. ඇයි එහෙම කියන්නේ? මෙහෙමයි. ඒ නමින්ම තේරෙනවනේ හිතාගන්න බැරි කතාවක් කියලා. බලන ප්‍රේක්ෂකයන්ටත් තවම ඒ කතාව හිතාගන්න බැරිව ඉද්දී කොහොමද අපි හිතාගන්නේ? බුද්ධික සේමසිංහ කියන විදියට අපි එවෙලෙට රඟපානවා. ඒ සිදුවීම් අවස්ථාවේ හැටියට අපිට ඒ මොහොතේ පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් අපි ප්‍රේක්ෂක පිරිසටම එය තේරුම් ගන්න ඉඩ දෙමු. ලලිතා ටීචර්ට වැල නොකැඩී තවමත්…
වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, සෙසු සැකකරුවන් හා සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත භාර දී තිබේ. නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය අංශය පවසා සිටියේ, එම කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරන බවය. මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක් කැකිරාව ප්‍රදේශයේදී ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබුණි. එම අවස්ථාවේ දී පලාගිය ප්‍රධාන සැකකරු අද සවස මහරගම නාවින්න ප්‍රදේශයේදී විශේෂ විමර්ශන කණ්ඩායමක්, පොලිස් විශේෂ කාර්ය බලකාය, රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් හා ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අත්අඩංගුවට ගන්නා ලදී. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධව පොලිස්…
ඉන්දියාවේ රංචිහිදී ඊයේ (26) නිමාවට පත් වූ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. තරග ඉසව් රැසකදී ඉන්දියාවට කරට කර සටනක් දුන් ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ පෙරමුණ අහිමිව ගියේ රන් පදක්කම් 4ක වෙනසකින්ය. ශ්‍රී ලංකාව මෙහිදී රන් 16ක්, රිදී 14ක් හා ලෝකඩ 10ක් සමගින් පදක්කම් 40ක් දිනාගැනීමට සමත් විය. රන් පදක්කම් 20ක් දිනූ ඉන්දියාවට පදක්කම් සටහනේ පෙරමුණ හිමි වූ අතර, ඔවුන් රිදී 20ක් හා ලෝකඩ 18ක්ද දිනාගත්හ. කෙසේ නමුත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව හැරෙන්න වෙනත් කිසිදු රටකට රන් පදක්කමක් දිනාගැනීමට නොහැකි විය. විශේෂයෙන් නේපාලය රිදී පදක්කම් 02ක් දිනාගැනීම හැරෙන්න වෙනත් කිසිදු රටකට රිදී පදක්කමක්…
රුපියල් තුන් කෝටි හතලිස් ලක්ෂයක් වටිනා හෙරොයින් සමග විදෙස් ජාතිකයෙකු, කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 32ක් වන ඉන්දීය ජාතිකයෙකි. මෙම පුද්ගලයා ඊයේ (26) පස්වරු 04.15ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 832ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත. මෙම මත්ද්‍රව්‍ය තොගය කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක දී මෙරට මත්ද්‍රව්‍ය නියෝජිතයන් වෙත භාර දීමට සැළසුම් කර තිබූ බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් මෙම ඉන්දීය ජාතිකයා අද…
දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස මේ වන විට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක ප්‍රමාණයක් දිවයිනට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. ඒ අනුව පසුගිය 23 වනදා එහි පළමු තොගය දිවයිනට පැමිණ ඇති බව සදහන් වේ. මීට අමතරව පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දින තුළ ද ආනයනික පොන්නි සම්බා සහල් තොගයක් මෙරටට රැගෙන විත් ඇති බව ශ්‍රී ලංකා රේගුව පැවසුවේය. දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස පසුගිය 15 වනදා සිට ජී.ආර් 11 පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබුණි. ඒ අනුව ආනයනකරුවන්ට ආනයන පාලන බලපත්‍ර…
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු කරමින් සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයින් දියබෙදුම සහ කපුගොල්ලෑව ප්‍රදේශයන් හිදී අත්අඩංගුවට ගත් බවය. ඒ අනුව ඊයේ (26) අලුයම් කාලයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දියබෙදුම පොලිස් වසමේ නුවරගේයාය ප්‍රදේශයේදී පොළොන්නරුව අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ. එහිදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 20-43 වයස්වල පසුවන පුත්තලම හා අත්තනකඩවල ප්‍රදේශයන් හී පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධ ඉදිරි විමර්ශන දියබෙදුම පොලීසිය විසින් සිදුකරති. මේ අතර ඊයේ දහවල් කාලයේදී හොරොව්පොතාන, කපුගොල්ලෑව…
වැල්ලවාය පොලිස් වසමේ වැල්ලවාය තණමල්විල මාර්ගයේ ආදාවෙලයාය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ගමන් කළ යුද හමුදාවට අයත් බස් රථයක් ඊට ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක් වූ රජමාවත, වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයෙකි. මෘත ශරීරය වැල්ලවාය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
උතුරු, උතුරු – මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රීකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. (50-60)ක පමණ තද සුළං ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.