Author: LFN

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව නීතිඥවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා පැමිණි ඉෂාරා සෙව්වන්දිට පිස්තෝලය සැඟවා රැගෙන ඒම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දී ඇත්තේ මෙම නීතීඥවරිය බව සඳහන්ය. මෙම නීතීඥවරිය ඊයේ (28) රාත්‍රී කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය පෙබරවාරි 19 වන දින නඩු කටයුත්තක් සදහා අලුත්කඩේ අධිකරණය වෙත බන්ධනාගාර නිළධාරීන් විසින් රැගෙන ආ ගනේමුල්ල සංජීව එම අධිකරණ සංකීර්ණය තුළ දී වෙඩි තබා ඝාතනය කෙරුණි. සිද්ධියේ වෙඩික්කරු එදිනම ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුව ද ගිනි අවිය අධිකරණ භූමිය තුළට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දැරුවේය.…

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වල අද (29) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ඇතිවිය හැකි බවය. තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇති වූ දරුණු සුළි කුණාටුවක් වන “මොන්තා” දරුණු සුළි කුණාටුව ඊයේ මධ්‍යම රාත්‍රියේදී (28 ) ආන්ද්‍ර ප්‍රදේශ් සහ යනාන් වෙරළ තීරයන් හරහා ගමන් කර ගොඩබිමට ඇතුළු…

Read More

බද්දේගම ප්‍රාදේශීය සභාව් උපසභාපතිවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 31වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත තිබේ. සැකකරු සැඟව සිට දින 4කට පසුව නීතීඥයෙකු මාර්ගයෙන් පෝද්දල පොලීසියට භාරවී ඇති බව සඳහන්ය. අනතුරුව සැකකරු ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩම්ගොඩ මහතා හමුවට ඉදිරිපත්කළ අතර එහිදී ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් සී. ලියනගේ මහතාට පසුගිය 24 වනදා අදාළ සැකකරු විසින් පහරදී ඇති බවට පැවසෙන අතර පහරකෑමෙන් තුවාල ලැබු උපසභාපතිවරයා ගාල්ල ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රථිකාර ලබාගෙන ඇති බව සඳහන්ය. සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

එළැඹෙන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.1% දක්වා වර්ධනය විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, තෝමස් හෙල්බ්ලින් විසින් ඒ බව සඳහන් කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුද හරහා ශ්‍රී ලංකායේ රජය ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ආරම්භ කළ පසුබිමක ආර්ථික වර්ධනයේ ශක්තිමත් ප්‍රකෘතියක් ඇති වූ බවත් පසුගිය වසරේ වර්ධනය 5% ක් වූ අතර මෙම වසරේ පළමු භාගයේදී වර්ධනය 4.8%ක් බවත් එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී සඳහන් කර ඇත. මේ වන විට එම ශක්තිමත් ප්‍රකෘතියෙන් යම් ප්‍රමාණයක් සාමාන්‍යකරණය කිරීමක් පමණක් වූ අතර, ආර්ථික ක්‍රියාකාරකම්වල මට්ටම අනුව, ඇතැම් වර්ධනයන්හි බලපෑම තාවකාලික බව ද එහිදී අදහස් පළ…

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද (29) යළි කැඳවීමට නියමිතව තිබේ. ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනුකර තිබුණි. ඒ අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය අගෝස්තු මස 22වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි. හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා…

Read More

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත්කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඵ් ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුතු බඳවාගැනීම් ප්‍රමාණයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත්කිරීමට පසුගිය වසරේ දෙසැම්බර් මස 30 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමුවුණි. ඒ අනුව ඒ ඒ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ…

Read More

කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් පාසල් ළමුන් 230,000කට අධික පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (27) අකුරැස්ස ගොඩපිටිය ජාතික පාසලේදී පැවැත්වු මත් උවදුර වැළැක්වීම සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි. “බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පාසල් ළමුන් 230,982ක් මත්ලෝලීන්. දකුණු පළාත ගැන කිව්වොත් මීට වඩා දැවැන්ත තැනකට තල්ලු කරනවා කියලා මට විශ්වාසයි. දකුණ තමයි පාතාල ක්‍රියාකාරකම් වලින් අංක 1ට යන්නේ. ලංකාවේ බන්ධනාගාරගතව වැඩි හරියක් ඉන්නේ තාරුණ්‍යය. ඒ වගේම වැඩියෙන්ම ඉන්නේ සාක්ෂරතාව අඩු මට්ටමක ඉන්න අය. ” “අවුරුදු 5ට අඩු ළමුන් 42ක් ඉන්වා ඔවුන්ගේ අම්මා කළ වැරදි නිසා. අපි හිතමු…

Read More

හෙරොයින් ග්‍රෑම් 106ක් සමග ඝාතන තුනක වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කළ අයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනකු ඊයේ (27) පස්වරුවේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අනුරාධපුරයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි. පොලීසිය පැවසුවේ, අවුරුදු 44ක යුද හමුදා සේවය අතහැර ගිය පුද්ගලයෙකු හා අවුරුදු 40 සහ 30ක මත් ජාවාරම්කරුවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවය. වෙඩික්කරු ලෙස සැකකෙරෙන පුද්ගලයා ඩුබායිහි සංවිධාන අපරාධකරුවෙකු යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ හෙරොයින් ජාවාරම් නිරත අයෙකු ලෙසට ද හඳුනාගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 88යි මිලිග්‍රෑම් 490ක්ද තිබූ බව පොලීසිය පැවසුවේ.

Read More

සැලකිලිමත් වන ලෙස දැනුම්දෙමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලට මෙන්ම ත්‍රීකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය වලංගු වේ. ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “මොන්තා” සුළි කුණාටුව හේතුවෙන් මෙම තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ. එම ප්‍රදේශ සඳහා විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත.

Read More

මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළවන රීතී සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අද (28) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. සෑම බලපත්‍රලාභියෙකුම සුරාබදු ආඥා පනතේ 22 වන වගන්තිය යටතේ නියමිත දිනට හෝ එම දිනට පෙර බදු ගෙවිය යුතු බවට ප්‍රකාශයට පත්කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව නියමිත දින සිට දින 30ක් ඇතුළත ගෙවිය යුතු බද්ද හෝ ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවීමට අපහොසත් වන බලපත්‍රලාභීයෙකුගේ බෝතල් කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බව නව ගැසට්…

Read More