Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් ගැන ඛේදනීය අනාවරණයක්
    Featured

    කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් ගැන ඛේදනීය අනාවරණයක්

    By LFNOctober 28, 2025No Comments2 Mins Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් පාසල් ළමුන් 230,000කට අධික පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ ඊයේ (27) අකුරැස්ස ගොඩපිටිය ජාතික පාසලේදී පැවැත්වු මත් උවදුර වැළැක්වීම සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

    “බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පාසල් ළමුන් 230,982ක් මත්ලෝලීන්. දකුණු පළාත ගැන කිව්වොත් මීට වඩා දැවැන්ත තැනකට තල්ලු කරනවා කියලා මට විශ්වාසයි. දකුණ තමයි පාතාල ක්‍රියාකාරකම් වලින් අංක 1ට යන්නේ. ලංකාවේ බන්ධනාගාරගතව වැඩි හරියක් ඉන්නේ තාරුණ්‍යය. ඒ වගේම වැඩියෙන්ම ඉන්නේ සාක්ෂරතාව අඩු මට්ටමක ඉන්න අය. ”

    “අවුරුදු 5ට අඩු ළමුන් 42ක් ඉන්වා ඔවුන්ගේ අම්මා කළ වැරදි නිසා. අපි හිතමු නඩු අහලා අවුරුදු 10ක් අච්චු කළ කියලා. අවුරුදු 5ක් එයාටයි ළමයටයි අපි එකට ඉන්න දෙනවා. අවුරුදු 05ක් පිරෙන දවසට ළමයයි අම්මයි අපි වෙන්කරනවා. ඒක තමයි මගේ ජීවිතේ දැක්ක ඛේදනීයම අවස්ථාවල්. ළමයා අම්මා ඉල්ලලා කෑ ගහනවා. අම්මා ළමයා ඉල්ලලා කෑ ගහනවා. ඒ දෙන්නට ඒ දෙන්නා විතරයි අවුරුදු 5ක් පුරා හිටියේ. නීතිය හරස් වෙනවා. ඒ නිසා කවදාවත් කාන්තාවක් විදියට වැරදි කරන්න එපා. මේ රජයට මහ දැවැන්ත විදියට උවමනාවක් තියෙවා මත්ද්‍රව්‍ය වලින් තොර රටක් නිර්මාණය කරන්න.”

    මේ අතර, ඊයේ කළුතර පැවති උත්සවයකට එක්වෙමින් කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිනී වීරසූරිය මහත්මිය පෙන්වා දුන්නේ, පාසල් ආශ්‍රිතව සිදුවන මත් ජාවාරම් මැඩලීමට පියවර ගෙන ඇති බවය.

    “අපි මේ වනවිට සිවිල් ඇඳුමින් නිලධාරීන් බොහෝමයක් පිරිස යොදවලා තියෙනවා. ඔයාලා ඉස්කෝලේ ඇරිලා එනකොට කොහොමද යන්නේ ඔබ ඇසුරු කරන්නේ කවුද ඔබ රංචු ගැහිලා ඉන්නේ කොහෙද කියන එක බලන්න. ඔබට කිසියම් තොරතුරක් තියෙනවා නම් ඉස්කෝලේ ඇරිලා යනකොට බස් ස්ටෑන්ඩවල, කඩවල්වල, එහෙම දේවල් තියෙනවා නම් ඔබ අපට කියන්න. මගේ ටෙලිෆෝන් නම්බර් ඒක 071 859 2683.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.