Author: LFN
අත්තනෝමතික ස්ථාන මාරුකිරීම් ක්රමවේදයට විරෝධය පළ කරමින් හෙට (31) දිනයේ දීපව්යාප්ත වෘත්තීය සමිති ක්රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම ස්ථාන මාරුවීම් ක්රමවේදය අද (30) දිනයේ ක්රියාත්මක වුවහොත් දිවයින පුරා රෝහල්වල සහ සෞඛ්ය ආයතනවල සිදුවිය හැකි සේවා බිඳවැටීම පිළිබඳ වගකීම බලධාරීන් විසින් භාරගත යුතු බවය. අදාළ වෘත්තීය සමිති ක්රියාමාර්ගය සම්බන්ධයෙන් ඊයේ (29) පැවති මාධ්ය හමුවේදී රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්ය ප්රභාත් සුගතදාස මහතා මේ බව දැනුම්දුන්නේය.
මාස තුනකට අධික කාලයක් පුරාවට තවමත් පිහිටුවා නොමැති සීතාවක ප්රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා සභා වාරයක් කැඳවන ලෙසට එම ප්රාදේශීය සභාවේ මන්ත්රීවරුන් පිරිසක් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මන්ත්රීවරුන් පිරිසක් විසින් මෙම ගැටලුව සම්බන්ධයෙන් සංදේශයක් මැතිවරණ කොමිෂන් සභාව, ආණ්ඩුකාර කාර්යාලය සහ රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය වෙත බාර දී ඇති බව වාර්තා වේ. සීතාවක ප්රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්රතිඵලවලට අනුව කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට සමස්ත ආසන සංඛ්යාවෙන් 50% කට වඩා වැඩි ආසන සංඛ්යාවක් දිනා ගැනීමට නොහැකි විය. ඒ අනුව, 2012 අංක 22 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනතට අනුව සභාපති…
සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක වශයෙන්ම ජයග්රහණය කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. විෂ මත්ද්රව්ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ සමාරම්භයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. මත්ද්රව්ය රට වෙලාගත් මායාකාරී ව්යවසනයක් බවත් එය පරාජයට පත්කිරීමට තමා කටයුතු කරන අතර, දරුවන්, පොදු සමාජය හා ජාතිකයක් ලෙස මුළු මහත් රටම මෙම මයාකාරී ව්යවසනයේ ගොදුරු බවට පත්වෙමින් තිබෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. මේ අතර තරුණ පරම්පරාව මත් උවදුරේ විශාලතම ගොදුර බවට පත්ව ඇතැයි ද සඳහන් කළ ජනාධිපතිවරයා, මේ…
විදේශ රැකියා ජාවාරම් සම්බන්ධයෙන් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයට ලද පැමිණිලි අනුව ඊයේ දිනයේ (28) පමණක් විදේශ රැකියා වංචාකරුවන් සිව්දෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කැනඩාවේ සාත්තු සේවා රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් අටදෙනෙකුගෙන් රුපියල් එක්කෝටි විසිඅට ලක්ෂයක මුදලක් වංචාකළ පුද්ගලයෙකු ඊයේ මහරගම ප්රදේශයේදී කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු YR Immigration නමින් ජාත්යන්තර උපදේශන ආයතනයක් ගම්පහ වෝට්සිටි ප්රදේශයේ පවත්වාගෙන ගොස් ඇති අතර, එමගින් උපදේශන වැඩසටහන් සංවිධානය කරමින් විදේශ රැකියා සඳහා තරුණ තරුණයින් බඳවාගෙන තිබේ. කාර්යාංශයේ වලංගු බලපත්රයක් නොමැතිව විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් ලබාගැනීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු…
කුලියාපිටිය බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු ඊයේ (29) දහවල් හැඳ සිටි සරමෙන් ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ. සැකකරු ගෙල වැළලාගෙන ඇති බවට දැනගැනීමෙන් පසු කඩිනමින් ඔහුව රෝහල්ගත කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබුණත් ඒ වනවිටත් සැකකරු මියගොස් සිටි බවද කුලියාපිටිය පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ඇරෑපොල සිරිපැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුට එරෙහිව කොල්ලකෑමේ සිද්ධි සම්බන්ධ චෝදනා රැසක් එල්ලවී තිබූ බවද වාර්තා වෙයි. ඒ අනුව මෙම සැකකරු කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි බවද සඳහන් ය. මියගිය සැකකරුගේ සිරුර මේ වනවිට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙන අතර මහේස්ත්රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
මෙරට ගිනිකොන දිග මුහුදු ප්රදේශයේදී අනතුරට ලක්වු බහුදින ධීවර යාත්රාවේ සිටි ධීවරයින් බේරාගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාවට අයත් විශේෂ නෞකාවක් පිටත් කර හැර තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, අදාළ නෞකාව මේ වන විට බහුදින ධීවර යාත්රාව අනතුරට පත් වු ස්ථානය වෙත පිටත් කර හැර ඇති බවය. ගිනිකොන දිග මුහුදු ප්රදේශයේ නාවික සැතපුම් 300ක පමණ දුරින් මෙම ධීවර යාත්රාව අනතුරට ලක්ව ඇති බව සඳහන් ය. එහිදි අදාළ ධීවර යාත්රාවේ සිටි ධීවරයින් සිව්දෙනෙකු ඉන්දුනීසියානු ධීවර බෝට්ටුවක් මඟින් මුදාගෙන ඇති බවට නාවික හමුදාව වෙත තොරතුරු ලැබී තිබේ. ඒ අනුව එම ධීවරයින් මුදාගැනීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් මේ වන විට පිටත්කර…
මට්ටක්කුලිය සහ පමුණුගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත නාඳුනන පිරිමි මෘත ශරීර තුනක් සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (29) අදාළ පොලිස් ස්ථානවලට ලද තොරතුරු මත විමර්ශන ආරම්භ කර ඇති බවය. මට්ටක්කුලිය, කාක දූපත වෙරළ තීරයේ සහ කැළණි ගඟ මෝයකට අසල තිබී නාඳුනන පිරිමි මෘත ශරීර දෙකක් හමුව ඇති අතර අනෙක් පිරිමි මෘත ශරීරය පමුණුගම, එපාමුල්ල ප්රදේශයේ ඉදිකරමින් පවතින දෙමහල් නිවසක පිටුපස ඇති ඉඩමේ තිබී හමුව ඇත. මෙම පුද්ගලයා අවසන් වරට හැඳසිට ඇත්තේ කළු පැහැති සරමක් හා ලානිල් පැහැති අත්කොට කමිසයක් වන බවත් ඔහු වයස අවුරුදු 50ත් 60ත් අතර උස අඩි 05 අගල් 07 ක් පමණ වන කෙට්ටු සිරුරකින් යුක්තව සිටි…
විෂ මත්ද්රව්ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල “රටම එකට – ජාතික මෙහෙයුම” අද (30) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. එහි සමාරම්භක වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් අද පෙරවරු 10.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ආගමික නායකයින්, මහජන ආරක්ෂක කමිටුවල කණ්ඩායම්, පොලීසියේ සහ ත්රිවිධ හමුදා සාමාජිකයින් මෙන්ම විදේශ තානාපතිවරු 50 දෙනෙකු ද මෙම ජාතික වැඩසටහන සඳහා සහභාගී වීමට නියමිතව ඇත. මෙරට තරුණ ප්රජාවගේ මෙන්ම පාසල් ළමුන්ගේ ද ජීවිත අවධානමට ලක් කර ඇති විෂ මත්ද්රව්ය උවදුර සහ විෂ මත්ද්රව්ය ජාවාරම තුරන් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ. මහජන සහභාගීත්වයක් සහිත පුළුල් යාන්ත්රණයක් ඔස්සේ මෙය ක්රියාත්මක වන…
ශ්රී ලංකාව, ආසියානු කලාපයේ වැඩිහිටි ජනගහනයේ වැඩිවීමේ ශීඝ්රතාව ඉහළ රටක් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්ය අංශ පවසයි. ප්රජා සෞඛ්ය විශේෂඥ වෛද්ය නිශානි උභයසේකර මහත්මිය සඳහන් කළේ, 2012 වසරේ දී මෙරට වැඩිහිටි ජනගහනය සියයට 12ක් වූ අතර එය 2024 වසරේ දී සියයට 18 දක්වා ඉහළ ගොස් ඇති බවය. සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්ය හමුවට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ප්රජා සෞඛ්ය විශේෂඥ වෛද්ය නිශානි උභයසේකර මහත්මිය, “ලංකාවේ 2012 සංගනනයට අනුව, 12%ක් තමා හිටියේ අවුරුදු 60ට වැඩි ජනතාව. 2024 සංගනනයේ දී 18%ක් වෙලා තියෙනවා වැඩිහිටි ප්රජාව. අපි පූරෝකථනය කරලා තියෙනවා 2040 වෙද්දි මේ ජනතාවගේ 25%ක් ඒ කියන්නේ හතර දෙනෙකුගෙන් එක් අයෙක් වැඩිහිටියෙක්…
සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල පස්වරු 4 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය.