Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රුපියල් කෝටි දෙකකට අධික මූල්‍ය වංචාවක්
    Featured

    රුපියල් කෝටි දෙකකට අධික මූල්‍ය වංචාවක්

    By LFNOctober 30, 2025No Comments3 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදේශ රැකියා ජාවාරම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයට ලද පැමිණිලි අනුව ඊයේ දිනයේ (28) පමණක් විදේශ රැකියා වංචාකරුවන් සිව්දෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කැනඩාවේ සාත්තු සේවා රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් අටදෙනෙකුගෙන් රුපියල් එක්කෝටි විසිඅට ලක්ෂයක මුදලක් වංචාකළ පුද්ගලයෙකු ඊයේ මහරගම ප්‍රදේශයේදී කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු YR Immigration නමින් ජාත්‍යන්තර උපදේශන ආයතනයක් ගම්පහ වෝට්සිටි ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් ඇති අතර, එමගින් උපදේශන වැඩසටහන් සංවිධානය කරමින් විදේශ රැකියා සඳහා තරුණ තරුණයින් බඳවාගෙන තිබේ.

    කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් ලබාගැනීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ දින (29) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 5 බැගින් ශරීර ඇප 2ක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

    මේ අතර, ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් වංචාකළ සැකකරුවෙකු විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ කොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු විදේශ රැකියා ආයතනවල කාර්මික පුහුණු උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර, එම ආයතනයට පැමිණෙන තරුණ තරුණියන් රවටා ඉක්මණින් ඊශ්‍රායලය වෙත යොමු කළ හැකි බව පවසා මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

    මෙම සැකකරුට එරෙහිව තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතින අතර, අත්අඩංගුවට ගත් සැකකරු අද හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

    එහිදී සැකකරු වරද පිළිගෙන පැමිණිලිකරුවන්ට යලි මුදල් ගෙවීමට එකඟ වූ හෙයින් ලක්ෂ 8 ශරීර ඇප මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානයට ලද තොරතුරක් අනුව, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව ජපන් රැකියා ලබාදීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකරමින් කොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ පුද්ගලයෙකුද ඊයේ දින කාර්යාංශයේ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

    ජපන් භාෂා පුහුණු පාසල්වල අධ්‍යාපනය ලබන තරුණ තරුණියන් මේ සදහා සහභාගි කරගෙන ඇති අතර, අදාල හෝටලය තුළදීම සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිළධාරීන් සමත්වී තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී වරද පිළිගෙන ඇති අතර, නඩුව නොවැම්බර් 12 දිනට කල්තබන ලදී.

    එසේම ජපානයේ රැකියාවේ නියුතු පුද්ගලයෙකුගේ බිරිඳක විසින් ජපානයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබාගත් බවට ලද පැමිණිල්ලක් අනුව අදාළ කාන්තාව විමර්ශන අංශය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඊයේ දින අත්අඩංගුවට ගන්නා ලදී.

    මෙම සැකකාරිය අද දින පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී වරද පිළිගෙන පැමිණිලි පාර්ශවයට යළි මුදල් ලබාදීමට එකගවිය. ඒ අනුව ඇය ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහරින ලද අතර, ලබන වසරේ පෙබරවාරි 26 දිනට නඩුව කල්තබන ලදී.

    සමාජ මාධ්‍ය ඔස්සේ පළකරනු ලබන මෙවැනි දැන්වීම්වලට අදාළව මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර අදාළ ආයතනය කාර්යාංශයේ ලියාපදිංචි වලංගු බලපත්‍රයක් සහිත ආයතනයක්ද, නීත්‍යානුකූල ආයතනයක් නම් අදාළ රැකියාව සඳහා කාර්යාංශයේ අනුමැතියක් ලබාගෙන ඇත්ද යන්න පිළිබඳවත් කරුණු සොයාබලන මෙන් කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

    එසේම වංචනික ආයතන හෝ වංචනික පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ 0112882228 අංකයට හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන මෙන් කාර්යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.