Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තවමත් බලය පිහිටුවා නැති සීතාවක ප්‍රාදේශීය සභාව
    Featured

    තවමත් බලය පිහිටුවා නැති සීතාවක ප්‍රාදේශීය සභාව

    By LFNOctober 30, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාස තුනකට අධික කාලයක් පුරාවට තවමත් පිහිටුවා නොමැති සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා සභා වාරයක් කැඳවන ලෙසට එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

    මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම ගැටලුව සම්බන්ධයෙන් සංදේශයක් මැතිවරණ කොමිෂන් සභාව, ආණ්ඩුකාර කාර්යාලය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත බාර දී ඇති බව වාර්තා වේ.

    සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට සමස්ත ආසන සංඛ්‍යාවෙන් 50% කට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට නොහැකි විය.

    ඒ අනුව, 2012 අංක 22 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනතට අනුව සභාපති හා උප සභාපති තෝරා පත් කර ගැනීම සඳහා පසුගිය ජුනි මස 17 වන දින පළමු රැස්වීම කැඳවූ නමුත්, තෝරා ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මතුවූ අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් සභාවේ ඝණ පූර්ණය නොමැතිවීමෙන් රැස්වීම කල් තැබිණි.

    යළිත් වරක් ජූලි 15 වන දින දෙවන රැස්වීම කැඳවූ අතර, එහිදීද තෝරා ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මතුවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ සභාවේ ඝණ පූර්ණය නොමැතිවීම මත රැස්වීම කල් තැබිණි.

    ඒ අනුව එදින සිට මේ දක්වා මාස තුනකට අධික කාලයක් ගත වී ඇතත්, සභාපතිවරයා හෝ උප සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රැස්වීමක් කැඳවීමට කිසිදු නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගෙන නොමති බව මන්ත්‍රීවරුන් චෝදනා කරති.

    මෙම තත්ත්වය තුල හැකි ඉක්මනින් සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හෝ උප සභාපතිවරයා තෝරා පත් කර ගැනීමට අදාළ සභා රැස්වීමක් කැඳවීමට අවශ්‍ය කඩිනම් නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසද මන්ත්‍රීවරුන් ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.