Author: LFN
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටි නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. ඉකුත් දිනයේ අධිකරණය ආශ්‍රිතව සිදුවූ සිදුවීම්වලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබේදැයි විමර්ශන සිදුකර ඊට වගකිව යුතු පුද්ගලයින් කවුරුන්ද, ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව මීළඟ නඩු දිනයේ අධිකරණයට දැනුම්දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා මෙහිදී නියම කළේය. ඉන් අනතුරුව නඩුව ජනවාරි මස 28 වනදා කැඳවීමට නියම විය.
අවශ්‍ය කරන සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි. රුපියල් මිලියන 150ක් වටිනා ඉඩමකට ව්‍යාජ ලේඛණ සකස් කර දේපල අත්පත් කර ගැනීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 03 මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි. අදාළ සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව අන්අයෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ඔප්පුවෙහි අත්සන් කර ඇති අතර, මෙම සැකකාර කාන්තාව පොලීසිය මඟහරිමින් සැඟව සිටින බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කරන්නේ, ඇය පදිංචිව සිටින ස්ථානයක් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවය. සැකකාරියගේ ඡායාරූපයක් පොලීසිව විසින් මාධ්‍ය වෙත යොමු කර අතර, සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන්…
පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව ජාතික පොලිස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පියවර ගෙන තිබේ. පොලිස් මූලස්ථානයේ වගකිව යුතු ඉහළ තනතුරක් හොබවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු මාරු කර යවමින් විනය පරීක්ෂණයක් සිදුකරන ලෙසට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන් ඇතුළු උසස් නිලධාරීන් සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍යට ලබාදීම හා පොලිසියේ අතිශය රහසිගත අභ්‍යන්තර ලිපිගොනු බාහිර පාර්ශ්වයන් වෙත ලබාදී ඇති බවට වූ අනාවරණයක් මත පොලිස්පතිවරයා මෙම පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි. මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු බවට පවසන…
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නීතිඥවරියගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 72ක් රඳවුම් නියෝග ලබාගෙන තිබේ. ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා පැමිණි ඉෂාරා සෙව්වන්දිට පිස්තෝලය සඟවා රැගෙන ඒම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබාදී ඇත්තේ මෙම නීතීඥවරිය බව සඳහන් ය. මෙම නීතීඥවරිය ඊයේ (28) රාත්‍රියේ කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. පසුගිය පෙබරවාරි 19වනදා නඩු කටයුත්තක් සඳහා අලුත්කඩේ අධිකරණය වෙත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ආ ගණේමුල්ල සංජීව එම අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කෙරුණි. සිද්ධියේ වෙඩික්කරු එදිනම ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුව ද ගිනිඅවිය අධිකරණ භූමිය තුළට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක…
නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනිනිවන රථ 13ක් පිටත්කර යවා තිබේ. අදාළ නිවාස සංකීර්ණයේ සිව්වන මහලේ මෙම ගින්න හටගෙන තිබුණු අතර, ඉහළ මහල්වල සිරවී සිටින ජනතාව මුදාගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. ඒ සඳහා skylift වාහන දෙකක් ද එම ස්ථානයට පිටත් කර යවා තිබේ. කෙසේවෙතත් ගින්න හට ගැනීමත් සමඟ පිටවීමේ දොරටු සිරවී ඇති බැවින් මෙම skylift වාහන භාවිත කරමින් සිරවී සිටින පිරිස මුදාගැනීමට මේ වනවිට කටයුතු කරමින් සිටී. මේ අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්න හේතුවෙන් එක් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, එම නිවසේ සිරවී…
රථවාහන සඳහා ස්ථානීය දඩ ගෙවීමේ ක්‍රමය දෙසැම්බර් මාසය වන විට මුළු දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම පහසුකම හඳුන්වා දුන් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක මේ වනවිට ගින්නක් හටගෙන තිබේ. අදාළ නිවාස සංකීර්ණයේ පස්වන මහලේ මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ. ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ තුනක් ද යොමු කර තිබේ.
රජය ලොකු ලූනු මිලදී ගැනීමේදී කොන්දේසි 17ක් ද පනවා තිබේ. ඒ් අනුව රජය මිලදී ගන්නා ලොකු ලූනු ගෙඩියක විෂ්කම්භය විය යුත්තේ මිලිමීටර් 35 – 65කි. විෂ්කම්භය මිලිමීටර් 65ට වැඩි සහ මිලිමීටර් 35ට අඩු ලොකු ලූනු තොග මිලදි ගැනීමේදී ද කොන්දේසි පනවා තිබේ. ඒ් අනුව එම ලූනු මුළු තොගයේ බරින් සියයට දහය ඉක්ම නොවිය යුතු වෙයි. එමෙන්ම මිලදී ගැනීමේ ප්‍රමිතියට අනුව ලොකු ලූනු කිලෝවක් සඳහා ගෙඩි අටක් පමණ අන්තර්ගත යුතු බවද රජය ලූනු ගොවීන්ට කොන්දේසි පනවා තිබේ. කෙසේ වෙතත්, රජයේ ලොකු ලූනු මිලදී ගැනීමේදී පනවා ඇති කොන්දේසි තමන්ට පීඩනයක් එල්ල කරන බව ගොවීන් පවසයි. සතොස සභාපති සමිත පෙරේරා මහතා අද පැවැති…
ගාසා තීරයට ‘දරුණු ප්‍රහාර’ එල්ල කරන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට හමුදාවට නියෝග කර තිබේ. අගමැතිවරයා විසින් ඊශ්‍රායල හමුදාවට නියෝගය කර ඇත්තේ, එම ප්‍රහාරය වහාම ක්‍රියාත්මක කරන ලෙසය. අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් ඇති වූ සටන් විරාමය නැවත නැවතත් උල්ලංඝනය කරන බවට චෝදනා කරමින් හමාස් සංවිධානයට එරෙහිව “දැඩි ප්‍රහාර” එල්ල කරන බව ඊශ්‍රායලය පවසයි.