Author: LFN

තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එය අද (28) උදෑසන 7ට නිකුත් කර ඇති අතර, ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වේ. එම නිවේදනය අනුව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රාකරන බහුදින ධීවර යාත්‍රා සහ දිවයිනේ නැගෙනහිර මුහුදු ප්‍රදේශ සඳහා වලංගු වේ. එම ප්‍රදේශවල ජනතාවට මේ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙස ද අදාළ නිවේදනයේ දැක්වේ. දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශදේ ඇති වූ “මොන්තා” සුළි කුණාටුව, අද උදෑසන 2.30 පමණ වන විට මුලතිව් සිට කිලෝමීටර 650ක පමණ ඊසාන දෙසින් අක්ශාංෂ 14.4° N සහ දේශාංශ 83.3° E ආසන්නයේ කේන්ද්‍රගතව තිබුණි. මෙම පද්ධතිය…

Read More

‍පළමුවරට බෙලරූස් රාජ්‍යයේ බෙලාවියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතව තිබේ. අද (28) දහවල් සංචාරකයින් පිරිසක් සමග අදාළ ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟාවීමට නියමිත බව වාර්තා වේ. සංචාරකයින් 170 දෙනෙකු සමග අදාළ ගුවන් යානය පැමිණීමට නියමිතය. රුසියාවට අයත් රෙඩ්වින්ග්ස් ගුවන් සේවයේ ගුවන් යානයක් ද අද දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

Read More

‍මේ වසරේ ගතවූ පළමු මාස 9 තුළ ළමුන්ට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 414ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. එම අධිකාරිය පෙන්වා දෙන්නේ, එම කාලය තුළ බරපතළ ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් පැමිණිලි 192ක් ලැබී ඇති බවය. මේ වසරේ ජනවාරි මස පළමු වන දින සිට සැප්තැබ්මර් මස 30 වන දින දක්වා කාලය තුළ ජාතික ළමා රක්ෂක අධිකාරියට පැමිණිලි 7,677ක් ලැබී ඇති බව සඳහන්ය. එහිදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පනතට අදාළව පැමිණිලි 6,296ක් සහ ළමා ආරක්ෂක අධිකාරියේ පනතට අදාළ නොවන පැමිණිලි 1,381ක් වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය. එම පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් සැප්තැම්බර් මාසය තුළ ලැබී…

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙකු පත්කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය සී. අමරසේකර මහතා 2025 ඔක්තෝබර් මස 24 වන දා සිට ද සහකාර අධිපති ලෙස සේවය කළ කේ.ජී.පී. සිරිකුමාර මහතා 2025 නොවැම්බර් මස 03 වන දා සිට ද ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස පත් කර ඇත.

Read More

ජනතාවට‍ ඉදිරියේ දී මෙරට නිෂ්පාදනය කරනු ලබන ටයිල් සහන මිලකට ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. ඔහු පවසන්නේ, ඒ සඳහා රජය විසින් නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවය. කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. “අපේ රටේ පාරිභෝගික ජනතාවට තත්ත්වයෙන් උසස්, ඒ වගේම ගුණාත්මක, කල්පවතින ටයිල් ලබාදීමේ වගකීම කර්මාන්ත අමාත්‍යාංශය විදියට අපිට තියෙනවා. අපේ ආනයනික ටයිල්වල තියෙන කොලිටි එකට වඩා හොඳ ගුණාත්මක ටයිල්, බාත්වෙයාර් සහ අනෙකුත් දේ ලබාදීමට අපිට හැකියාව තියෙනවා. ලංකාවේ අද වෙද්දි ටයිල් කර්මාන්තය සියයට සියයක් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න පුළුවන් මට්ටමක තියෙනවා. විශේෂයෙන්ම තියෙන ප්‍රශ්නය ජනතාවට ළඟා වෙන්න පුළුවන්…

Read More

පසුගිය සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ තුනේ සීමාවට වඩා පහළ ගොස් තිබේ. ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රු 298,000ක් ලෙස දැක්වුණි. මෙරට රන් මිල පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා දිනට සාපේක්ෂව රු 81,000කින් පහළ ගොස් ඇත. පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා කැරට් 22 රන් පවුමක මිල රු. 379,200ක් ලෙස දැක්වුණි. මේ අතර එදින රු. 410,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 322,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරු දෙදෙනා විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. මෙම අභියාචනා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (28) කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ අභියාචනා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙසටය. මෙම අභියාචනා කැඳවූ අවස්ථාවේදී සිරගතව සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරුන් දෙදෙනාව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Read More

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට එල්ල වී ඇති මරණීය තර්ජනය හමුවේ පොලීසිය ලබා දුන් ආරක්ෂාව පිළිබඳව මාධ්‍යයට පොලිස්පතිවරයා කළ ප්‍රකාශය සමගි ජන බලවේගයේ අවධානයට යොමුව තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ දේශපාලනික නොවන කරුණු කාරණා මත මන්ත්‍රීවරයාට තර්ජන එල්ල වී ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් කරනු ලබන ප්‍රකාශය තුළ මන්ත්‍රීවරයා වෙනත් අනීතික ක්‍රියාවකට හෝ පෞද්ගලිකව ඉස්මතු වූ ක්‍රියාවකට හෝ තර්ජනයක් එල්ල වී ඇති බව හැඟේන බවය. එය කුමක්දැයි නිවැරදිව ප්‍රකාශ කිරීම පොලිස්පතිවරයාගේ වගකීමක් වන බවත් එසේ නොමැතිව වක්‍රෝත්තියෙන් ප්‍රකාශ සිදු කිරීම තුළ මහජන සේවාවේ නිරත මන්ත්‍රීවරයෙකුට සිදු කරනු ලබන අපහාසාත්මක ප්‍රකාශයක් ලෙස එය…

Read More

රජය මහජන නියෝජිතයින්ගේ ආරක්‍ෂාව තහවුරු නොකරන්නේ නම් ඉදිරියේදී එ් පිළිබඳව ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත. මහජන නියෝජිතයින්ගේ ආරක්‍ෂාව තහවුරැ කිරීමට රජය නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් එක්සත් ජාතික සංවිධානය, ජිනීවා මානව හිමිකම් කොමිසම යන ආයතන දැනුවත් කිරීමට සිදු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවසීය

Read More

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයද මැදිහත් වීමෙන් ඒ සඳහා මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතින බවය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වසර 40ක් සපිරීම නිමිත්තෙන් අද (27) පැවැති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා, “දැනටමත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා විදේශගත ඔබට ඡන්දය ලබාදීමට අවශ්‍ය කරන පහසුකම් සලසලා ඊට අවශ්‍ය කරන නෛතික තත්ත්වය ඇති කරන්න. විදේශ ගත ඔබ සියලු දෙනාට දායක විශ්‍රාම වැටුප්…

Read More