Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉදිරි පැය 24 සඳහා අවවාදාත්මක නිවේදනයක්
    Featured

    ඉදිරි පැය 24 සඳහා අවවාදාත්මක නිවේදනයක්

    By LFNOctober 28, 2025No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

    එය අද (28) උදෑසන 7ට නිකුත් කර ඇති අතර, ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වේ.

    එම නිවේදනය අනුව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රාකරන බහුදින ධීවර යාත්‍රා සහ දිවයිනේ නැගෙනහිර මුහුදු ප්‍රදේශ සඳහා වලංගු වේ.

    එම ප්‍රදේශවල ජනතාවට මේ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙස ද අදාළ නිවේදනයේ දැක්වේ.

    දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශදේ ඇති වූ “මොන්තා” සුළි කුණාටුව, අද උදෑසන 2.30 පමණ වන විට මුලතිව් සිට කිලෝමීටර 650ක පමණ ඊසාන දෙසින් අක්ශාංෂ 14.4° N සහ දේශාංශ 83.3° E ආසන්නයේ කේන්ද්‍රගතව තිබුණි.

    මෙම පද්ධතිය උතුරට බරව වයඹ දිශාවට ගමන් කරමින් චණ්ඩ සුළිකුණාටුවක් දක්වා තව දුරටත් වර්ධනය වී අද සවස හෝ රාත්‍රියේ දී අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන්කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ඉදිරි පැය 24 තුළ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

    හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවල නිරත ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

    පහත සිතියදම් ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළඟේ වේගය විටින්විට පැ.කි.මී. 70-80 දක්වා වැඩිවීමත් සමග එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.