Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාස 9යට ළමා ලිංගික අතවර පැමිණිලි 414ක් – ළමා ගැබ් ගැනීම් පැමිණිලි 62ක්
    Featured

    මාස 9යට ළමා ලිංගික අතවර පැමිණිලි 414ක් – ළමා ගැබ් ගැනීම් පැමිණිලි 62ක්

    By LFNOctober 28, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‍මේ වසරේ ගතවූ පළමු මාස 9 තුළ ළමුන්ට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 414ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

    එම අධිකාරිය පෙන්වා දෙන්නේ, එම කාලය තුළ බරපතළ ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් පැමිණිලි 192ක් ලැබී ඇති බවය.

    මේ වසරේ ජනවාරි මස පළමු වන දින සිට සැප්තැබ්මර් මස 30 වන දින දක්වා කාලය තුළ ජාතික ළමා රක්ෂක අධිකාරියට පැමිණිලි 7,677ක් ලැබී ඇති බව සඳහන්ය.

    එහිදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පනතට අදාළව පැමිණිලි 6,296ක් සහ ළමා ආරක්ෂක අධිකාරියේ පනතට අදාළ නොවන පැමිණිලි 1,381ක් වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.

    එම පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් සැප්තැම්බර් මාසය තුළ ලැබී ඇති අතර එම පැමිණිලි සංඛ්‍යාව 1,176කි.

    ළමා ආරක්ෂක අධිකාරී පනතට අදාළව ලැබුණු පැමිණිලි අතර ස්ත්‍රී දූෂණයට සම්බන්ධ පැමිණිලි 49ක්, ළමා ශ්‍රමිකත්වය සම්බන්ධ පැමිණිලි 111ක් සහ සිගමන් යෙදවීම සම්බන්ධ පැමිණිලි 203ක් වන බව සඳහන් ය.

    ළමා ආරක්ෂක අධිකාරී පනතට අදාළ නොවන වෙනත් පැමිණිලි අතර යොවුන් වියේ ගැබ් ගැනීම් සම්බන්ධ පැමිණිලි 62ක් ලැබී තිබේ.

    ඊට අමතරව ළමයින්ට එරෙහි සයිබර් හිංසන සම්බන්ධ පැමිණිලි 102ක් ද ගෘහස්ථ හිංසනය සම්බන්ධ පැමිණිලි 38ක් ද, සියදිවි නසා ගැනීමට තැත් කිරීම සම්බන්ධ පැමිණිලි 13ක් ද ගබ්සා කිරීම සම්බන්ධ එක් පැමිණිල්ලක් ද ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.

    මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පැමිණිලි 83ක් මේ වසරේ ගතවූ කාලය තුළ ලැබී ඇති අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ළමුන් යොදාගැනීම සම්බන්ධ පැමිණිලි 27ක්, වයස අඩු 16ට අඩු ළමයින්ට මත්ද්‍රව්‍ය වෙළෙදාම සම්බන්ධ පැමිණිලි 3ක් ද ලැබී තිබේ.

    මේ අතර මත්ද්‍රව්‍ය භාවිතයට දරුවන් නැඹුරුවීමේ ප්‍රවණතාවක් පවතින බව කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.

    කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිනී වීරසූරිය මහත්මිය මේ බව සඳහන් කළාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202603 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.