Author: LFN

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය අද (14) උදෑසන ප්‍රකාශය කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළ නැංවීමට යෝජනා කර ඇති බව වාර්තා වේ. ප්‍රතිව්‍යූවගතකරණ වැඩපිළිවෙල නිවැරදි ආකාරයෙන් සිදුකිරීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් විදුලි ගාස්තුව ඉහළ නැංවීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Read More

ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන්, පලස්තීන සිරකරුවන් සහ රැඳවියන් නිදහස් කිරීමෙන් පසු ගාසා සටන්විරාම ගිවිසුමේ පළමු අදියරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයින් අත්සන් තබා තිබේ. ඊජිප්තුවේ පැවති සමුළුවේ දී මෙම සටන්විරාම ගිවිසුමට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකානු ජනාධිපතිවරයා, ඊජිප්තු ජනාධිපතිවරයා, කටාර්මි එමීර්වරයා, තුර්කි ජනාධිපතිවරයා ගාසා සටන්විරාම ගිවිසුමේ පළමු අදියරට අත්සන් තබා තිබේ. ගාසා තීරයේ ඉතිරිව සිටි ප්‍රාණඇපකරුවන් 20 දෙනා ඊශ්‍රායලයට භාරදීමෙන් අනතුරුව ගිවිසුම අත්සන් තැබීම සිදුවු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටි පලස්තීන සිරකරුවන් 250 දෙනෙකු සහ රැඳවියන් 1,700කට වැඩි පිරිසක් නිදහස් කිරීම ද සිදුව තිබේ.

Read More

ශ්‍රී ලාංකිකයින් විසින් ඉන්දියාව තුළ ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු අනාවරණය කරගැනීමට ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යංශය සමත්ව තිබේ. එහිදී ඉන්දීය රුපියල් කෝටි 50කට අධික වටිනාකමකින් යුත් අධික විෂ සහිත ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. හයිඩ්‍රොපොනික් ගංජා මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45යි ග්‍රෑම් 400ක් සහ සයිලොසොබීන් හෙවත් මැජික් හතු නමින් හඳුන්වන හතු කිලෝග්‍රෑම් 6ක් එහිදී සොයාගෙන තිබේ. තායිලන්තයේ සිට ඉන්දියාවට ශ්‍රී ලංකාව හරහා මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවට ලැබුණු තොරතුරක් මත ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යංශය විසින් පසුගිය 9 වනදා කෙම්පෙගඋඩා ගුවන්තොටුපළේ දී කොළඹ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. එහිදී ඔවුන්ගේ ගමන් බෑග තුළ…

Read More

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA)ලබාගැනීම අනිවාර්ය කර තිබේ. ‍හෙට (15) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අවසර පත්‍රය ලබාගැනීම අනිවාර්යය කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවට පැමි‍ණීමේ දී නොමිලේ සංචාරක වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලබන සියලුම රටවල විදේශිකයින් ඒ අනුව මෙම අවසර පත්‍රය ලබාගත යුතු වේ. මේ අතර අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය යාවත්කාලීන කර තිබේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දෙවන අදියර යටතේ මෙම සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇති අතර එහිදී අවදානම් දර්ශක කිහිපයක් එකතු කිරීමට ද පියවර ගෙන ඇති බව වාර්තා වේ. ශ්‍රී…

Read More

ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud – LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් වලට තාවකාලිකව බලපෑම් එල්ල වී ඇත. මෙම සේවාවන් අතර, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න, විවාහ සහ මරණ (BMD) සහතික නිකුත් කිරීමේ පද්ධතිය, පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (බස්නාහිර පළාත හැර) මාර්ගගත ආදායම් බලපත්‍ර පද්ධතිය (eRL 2.0), පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිෂ්කාශන සහතික පද්ධතිය, වාණිජ දෙපාර්තමේන්තුවේ නිෂ්පාදිත රට සහතික නිකුත් කිරීමේ මාර්ගගත පද්ධතිය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් පද්ධතිය, ඊ – පළාත් පාලන පද්ධතිය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති මණ්ඩලය ඇතුළු ආයතන…

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේ දී ද වැසි ඇති විය හැකි බවය. මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මිදුම් සහිත තත්ත්වයක් පවතී.

Read More

කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 03ක් යොමු කර ඇති අතර මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වූ බවත් ගිනි නිවීමේ ඒකකය පැවසීය. විදුලි කාන්දුවීමක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවත් වාර්තා වේ.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) උදෑසන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබුණි. ඒ අනුව පැය 5ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව ඒ මහතා සවස 2ට පමණ අල්ලස් කොමිසමෙන් පිටව ගියේය. වසර 15කට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළ ආයතනයක සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව මෙලෙස අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.

Read More

2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ඊට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේ දී රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකළ නඩු හතරක් විභාගය ගැනීම සඳහා කොළඹ මහාධිකරණය අද (13) දින නියම කළේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී මෙම නඩු සඳහා වරද පිළිගෙන කෙටියෙන් අවසන් කර ගැනීමට තිබෙන හැකියාව සොයා බැලීම සඳහා විත්තිකාර සරණ ගුණවර්ධන මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩු අද දින කැඳවා තිබුණි. කෙසේ වෙතත් මෙම නඩු විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර…

Read More