Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
රජයේ පළමු කැබිනට් සංශෝධනය අනුව සංශෝධනය වූ අමාත්‍යධුර සහ නියෝජ්‍ය අමාත්‍යධුර සම්බන්ධව ගැසට් නිවේදනය මේ වන විට නිකුත් වී තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමනායක මහතා විසින් අදාළ ගැසට් නිවේදනය ඊයේ (11) දිනයේදී නිකුත් කර ඇත. පසුගිය 10 වැනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති කැබිනට් සංශෝධනය අනුව නව අමාත්‍යවරු තිදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 10 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ලෙස කටයුතු කළ බිමල් රත්නායක මහතාගෙන් වරාය හා සිවිල් ගුවන්සේවා ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට නාගරික සංවර්ධන අමාත්‍යාංශය එක් කර තිබුණු අතර ඒ අනුව ඔහු එම අමාත්‍ය ධුරයේ එදින දිවුරුම් දුනි.…
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ හිඟ වරිපනම් බදු ලෙස රුපියල් බිලියන 4කට අධික ප්‍රමාණයක් තවමත් පවතින බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය වී තිබේ. ඒ පසුගියදා කොළඹ මහ නගර සභාව පසුගියදා කෝපා කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ දීය. එහිදී කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මහනගර සභාවේ නිලධාරීන්ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න යොමුකරමින් අසා සිටියේ, “ගියපාර පෙබරවාරි මාසයේදී දුන් නිර්දේශවලින් එකක් තමයි මිලියන 610ක හිඟ වරිපනම් එකතු කිරීමක් තිබුණා කොටුව කොට්ඨාසයෙන් පමණක්. එතනදි තීරණය කරලා මහ නගර සභාවම එකඟ වුණා එදා ඒ කොට්ඨාසවල තිබෙන හිඟ මුදල් එකතුකිරීමේ ප්‍රවනතාවය වැඩි කරනවා කියලා. හැබැයි මිලියන 53ක ගාණක්…
දිවයිනේ බොහෝ පළාත්වල අද (12) පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකියි. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මඟින් සිදුවිය හැකි අනතුරු, අවම කර ගැනීමට…
මතුගම සිරිකදුර නාගහවල ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල තිබී ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබේ. පොලිසිය සදහන් කළේ එම්.පී.එම්.ජී. උණ්ඩ 50ක්, ටී. 56 උණ්ඩ 6ක්, ශොට්ගන් උණ්ඩ 2ක්, ත්‍රී එයිට් වර්ගයේ උණ්ඩ 6ක් සහ මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල උණ්ඩ 12ක් මෙහි තිබී සොයා ගෙන ඇති බවය. අදාළ උණ්ඩ තොගය, එම ස්ථානයේ දමාගිය සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව මතුගම පොලීසිය වැඩිදුරටත් පැවසුවේය.
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (11) රාත්‍රී 11 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උනැගෙනහිර, ඌව, මධ්‍යම පළාත් සහ පොලොන්නරුව, හම්බන්තොට දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකයි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
බිත්තර මිල රුපියල් 10කින් පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. එහි සභාපති නවොද් සම්පත් බණ්ඩාර මහතා සඳහන් කළේ මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ මාෆියාව නතර කිරීම අරමුණු කරගෙන මෙලෙස බිත්තර මිල පහත දැමීමට තීරණය කළ බවය. ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 18ක මිලකට සහ රතු බිත්තරයක් රුපියල් 20ක මිලකට අලෙවි කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති නවෝද් සම්පත් බණ්ඩාර මහතා පැවසීය. මේ අතර සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසන්නේ වෙළෙඳපොළ හැසිරීම් තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව මෙලෙස එක් පුද්ගලයකුගේ…
මෙරට රත්‍රං මිල පසුගිය සතියට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (11) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 310,000ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (10) දිනයේ දී එය දැක්වුණේ රු. 305,300ක් ලෙසය. මේ අතර ඊයේ (10) දිනයේ දී රු. 330,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 335,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 39 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන “තොටළඟ කන්නා” නමැත්තාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය ඔහු අත්අඩංගුවට ගෙන වහාම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස දන්වා පොලිස්පතිවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ඊයේ (11) නියෝගයක් නිකුත් කළේය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරන්න මහතා මෙම තීන්දුව ලබා දුන්නේය. 2014 වසරේ දෙසැම්බර් මස 26 වන දා ඇළකන්ද ප්‍රදේශයේදී හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 39.99ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් කනපති ගනේෂ් හෙවත් තොටළඟ කන්නා නමැත්තාට එරෙහිව නිතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණි.…
මෙරට රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලවන ලෙස සෞඛ්‍ය ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කරමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා නවක සෞඛ්‍ය වෘත්තිකයින් 309ක් සඳහා පත්වීමේ ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට ඊයේ (10) එක්වෙමිනි. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි වසර 10ට සරිලයන ලෙස සියලු අංශ ආවරණය වන ආකාරයට සුවපත් රටක් උදෙසා මෙම සෞඛ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කරන බවය. ඒ අනුව එහිදී විශේෂයෙන්ම බෝ නොවන රෝග පාලනය, ප්‍රතිකාර කිරීම, මානසික සෞඛ්‍ය පෝෂණය වැනි ක්ෂේත්‍ර සඳහාද වැඩි අවධානයක් යොමු කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම මෙයට සමගාමීව…
වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ අන්තර්ගත අධ්‍යාපන සභාව ස්ථාපනය කිරීම සඳහා ඊට අදාළ යෝජනාවලිය සකස් කිරීම පිණිස අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව, එම කමිටුවේ සභාපති මහාචාර්ය ඕ.ජී. දයාරත්න මහතා විසින් ඊයේ (10) භාර දෙන ලදී. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග යෝජිත අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාවේ සභාපතිවරයා ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාද මෙම අවස්ථාවට සහභාගි විය. අද පවත්වා ඇත්තේ අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාවේ තෙවැනි රැස්වීම වන අතර එහි පළමු රැස්වීම පසුගිය ජූලි මස 07 වැනිදා පැවැත්විණි. අධ්‍යාපන සභාව ස්ථාපනයට අදාළ විද්වත් කමිටුව විසින් ඉතා කෙටි…