Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී
    Local News

    ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී

    By LFNOctober 18, 2025No Comments1 Min Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් අදියර අද (18) කොළඹ තුරග තරග පිටියේදී ආරම්භ වේ.

    දෙදිනක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියට ජපානය, හොංකොං, චීනය සහ සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළු පිරිමි සහ කාන්තා කණ්ඩායම් 24ක් සහභාගි වනු ඇත.

    අවසන්වරට ඉකුත් සැප්තැම්බර් මස චීනයේ හැංෂෝ හිදී පැවති අදියරේ පිරිමි ශූරතාව දිනා ගැනීමට හොංකොං කණ්ඩායම සමත් විය.

    එම අදියරේ දී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සිව්වන ස්ථානයට පත් වූ අතර, කාන්තා කණ්ඩායම 9වන ස්ථානයට පත්විය.

    මේ දක්වා පැවති තරග අනුව පිරිමි ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ හොංකොං පසුවන අතර, සෙසු ස්ථාවල පිළිවෙළින් ජපානය, චීනය, ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මැලේසියාව, කොරියාව, චීන තායිපේ, උස්බෙකිස්තානය හා සිංගප්පූරුව පළමු දසදෙනා අතර පසුවෙයි.

    ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ‘ C’ කාණ්ඩයෙන් තරගවදින අතර, ඊට චීනය, උස්බෙකිස්තානය සහ සිංගප්පූරුව ඇතුළත්ව ඇත.

    ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය දහවල් 12:40ට උස්බෙකිස්තානයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය.

    ඉන් අනතුරුව සිංගප්පූරුව සමගින් ප.ව. 5:04ටද, චීනය සමග රාත්‍රී 9:50ටද තරග වදිනු ඇත.

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ක්‍රීඩාකරන පළමු තරගය පෙ.ව. 10:28ට තායිලන්තයට එරෙහිව ක්‍රීඩාකිරීමට නියමිතය.

    ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම මහනුවර ක්‍රීඩා සමාජයේ කවිඳු පෙරේරා විසින් මෙහෙයවනු ලබයි.

    කාන්තා කණ්ඩායමට රන්දිකා කුමුදුමාලි නායකත්වය ලබාදේ.

    මෙම තරගාවලියේ සියලු තරග ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමට ශ්‍රී ලංකා රග්බි සංගමය අවස්ථාව ලබා දී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,474 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.