Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»තංගල්ලේ මුහුදෙන් සොයාගත් මත්ද්‍රව්‍ය පාර්සල දෙහිබාලේ නම් අපරාධකරුගේ බව හෙළිවෙයි
    Local News

    තංගල්ලේ මුහුදෙන් සොයාගත් මත්ද්‍රව්‍ය පාර්සල දෙහිබාලේ නම් අපරාධකරුගේ බව හෙළිවෙයි

    By LFNOctober 16, 2025No Comments2 Mins Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තංගල්ල රැකව මුහුදු තීරයේ පාවෙමින් තිබියදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය අපරාධකරුවකු වන දෙහිබාලේ නැමැත්තාට අයත් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 5දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීය.

    ඔවුන් අවුරුදු 24 ත් 56ත් අතර වයස්වල පසුවන දෙවුන්දර, දෙවිනුවර, සුල්තානාගොඩ සහ ගන්දර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

    සැකකරුවන් සතුව තිබී අයිස් ග්‍රෑම් 19කට අධික ප්‍රමාණයක්, අශ්වබල 40 බෝට්ටුවක්, මෝටර් රථයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකතන 05ක් පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

    සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කොටවිල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී ඇති අතර වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මකය.

    තංගල්ල රැකව මුහුදු තීරයේ පාවෙමින් තිබියදී පාර්සල් 51ක මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 840කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව විසින් පෙරේදා රාත්‍රියේ සිය භාරයට ගනු ලැබීය.

    ඒ අතරට කිලෝග්‍රෑම් 670කට අධික අයිස්, කිලෝග්‍රෑම් 12 කට අධික හෑෂ් සහ කිලෝග්‍රෑම් 156 කට අධික හෙරොයින් අයත් වේ.

    මේ අතර මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළේය.

    මෙම උර තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට නියෝග ලබා දෙන්නැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ ඉල්ලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්.බෝදරගම මහතා අවසර ලබාදී තිබේ.

    එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය තොගය වරාය භූමියට ගෙනඒමෙන් පසු එහි සැරිසරමින් සිටි සුනඛයින් ඊයේ පස්වරුවේ සිට අසාමාන්‍ය හැසිරීමක් පෙන්නුම් කරන බව ධීවරයින් පවස‍යි.

    ධීවරයින් සැකකරන්නේ තංගල්ල ධීවර වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කිසියම් ආකාරයකින් ජලයට මිශ්‍රවීමෙන් පසු ඒවා පානය කළ සුනඛයින්ගේ අසාමාන්‍ය හැසිරීමක් නිරීක්ෂණය වූ බවය.

    එමෙන්ම, සුනඛයින් දෙදෙනෙක් අතුරුදන්ව ඇති බවත් වාර්තා වේ.

    මෙම තත්ත්වය නිරීක්ෂණය කිරීමට තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අද උදෑසන එහි පැමිණියේය.

    එහිදී සුනඛයින් අසළට ළංවීමෙන් වළකින ලෙසට ඔහු උපදෙස් ලබාදුන් අතර මේ පිළිබඳව පශු වෛද්‍ය කාර්යාලය දැනුම්වත් කරන බවත් ඔහු සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.