Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
යුරෝපා රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කළ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනෙකුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම ජාවාරම සඳහා සෘජුව සම්බන්ධ වූ, විදේශ රැකියා අංශයේ වසර ගණනක පළපුරුද්දක් ඇති මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මාවනැල්ලේදී හා කඩවත ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී බව සඳහන්වේ. කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රලාභී රැකියා නියෝජිතායතනයක් ලෙස කටයුතු කරමින් මීගමුව ප්‍රදේශයේ වසර එක හමාරක කාලයක් පමණ පවත්වාගෙන ගිය FC International ආයතනය මගින් හංගේරියාව, නෙදර්ලන්තය හා ෆින්ලන්තය වැනි රටවල සාත්තු සේවා…
සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ දිස්ත්‍රික්ක තුනකදී සෙනසුරාදා (11) සහ ඉරිදා(12) පැවැත්වේ. රත්නපුර දිස්ත්‍රික්කයට අදාළ සම්මුඛ පරීක්ෂණ රත්නපුර හෙද විදුහලේ දී 11 වැනිදා ද ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්ක වලට අදාළ සම්මුඛ පරීක්ෂණ 1 සහ 12 දිනවල මඩකලපුව හෙද විදුහලේ දී සහ අම්පාර දිස්ත්‍රිකයට අදාල සම්මුඛ පරීක්ෂණ අම්පාර හෙද විදුහලේ දී ද පැවැත්වේ. මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණිය යුතු වන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් පෙර දැනුම් දීම් සිදු කළ පුද්ගලයින් පමණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කියයි.
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය සාර්ථකව අවසන් කර ඇත. IMF විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 347ක පමණ මූල්‍යකරණයක් හිමිවීමට නියමිතය.
පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට ගොස් තිබේ. අද (09) උදෑසන ඒ මහතා එම කොමිසම හමුවට ගොස් ඇත්තේ, කතාබහට ලක්ව තිබෙන බහාලුම් 323 සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව බව වාර්තා වේ.
මෙරට ජනගහණයෙන් සියයට 10ක් විවිධ මානසික රෝග වලින් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ජනගහණයෙන් සියයට දෙකක ප්‍රමාණයකට බරපතළ මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙලෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේය. ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ඊයේ (08) පැවති ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙම තත්ත්වය සියදිවි හානිකර ගැනීම සඳහා ද වැඩි වශයෙන් බලපා ඇති බවය.
මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12ක් සමග කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් ඊයේ (8) පස්වරුවේ කඩවත පහළ බියන්විල ප්‍රදේශයේ දී නිවසක සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව හෙරෙයින් කිලෝ 9ක්, අයිස් කිලෝ 2 හා හෑෂ් 1ක් තිබී සොයාගෙන තිබේ. නුවරඑළිය අපරාධ විමර්ශන කොට්ඨසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, ඔවුන් විසින් සැකකරුවන්ව කඩවත පොලීසිට භාරදී ඇත. අත්අඩංගුවට ගත් කාන්තාවට වයස අවුරුදු 32ක් බවත්, පිරිමි පුද්ගලයාට වයස අවුදුරු 26ක් වන බවත් පොලීසිය පැවසීය. ඔවුන් අද (9) දිනයේ දී මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මඟින් සිදුවිය හැකි අනතුරු, අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයක තිබූ පිහිණුම් තටාකයක ගිලී දරුවෙකු මියගොස් තිබේ. ඊයේ (08) සවස මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ වයස අවුරුදු 05 ක් වූ තලපත්පිටිය, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙකි. මෙම ළමයා පෙර පාසලේ ගුරුවරුන් සහ තවත් ළමුන් කණ්ඩායමක් සමඟ පුහුණුකරුවෙකු යටතේ පුහුණුවීම් කරන අතරතුරදී දියේ ගිලී ඇති අතර පසුව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත. මිරිහාන පොලීසිය විමර්ශන සිදුකරනු ලබයි.
මස්කෙළිය වැවිලි සමාගම යටතේ පාලනය වන නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ තේ කර්මන්තශලාවේ තේ කුඩු නිෂ්පාදන අංශයේ ඊයේ (09) අලුයම 1ට පමණ ගින්නක් හට ගෙන තිබේ. තේ කුඩු නිෂ්පාදන අංශයේ හටගත් ගින්න තේ කොළ ගබඩා කර තිබූ ගබඩා කාමරය තෙක් පැතිරී යෑම හේතුවෙන් ඇසුරුම් කරන ලද නිමි තේ කුඩුද විශාල වශයෙන් විනාශ වී ඇතැයි අප වාර්තාකරු පැවසීය. පැතිර යමින් තිබු ගින්න එම වතුයායේ වතු කම්කරුවන් එක්ව සෙසු අංශ වෙත පැතිරීම පාලනය කර ඇත. කෙසේවෙතත් වතු කම්කරුවන් චෝදනා කර සිටියේ, වතු පාලනාධිකාරිය විසින් සැලසුම් කර මෙම ගින්න ඇති කර ඇති බවය. ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නෙමැති අතර, ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක්…
තලෙයිමන්නාරම සහ ඩෙල්ෆ්ට් දූපත් අසල මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය බෝට්ටු පහක් සහ ධීවරයින් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.