Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 07 දෙනෙකු නිදහස් කෙරේ
    Featured

    ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 07 දෙනෙකු නිදහස් කෙරේ

    By LFNOctober 13, 2025No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගාසා තීරයේ සාම ගිවිසුම යටතේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හමාස් සංවිධානය විසින් ආරම්භ කර තිබේ.

    ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු මෙලෙස අද (13) දිනයේ නිදහස් කෙරෙන අතර ඔවුන්ගේ නම් ලැයිස්තුව එම සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.

    ඒ අනුව පළමු අදියර යටතේ හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 07දෙනෙකු උතුරු ගාසා තීරයේ දී රතු කුරුස සංවිධානය වෙත භාරදීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    අනතුරුව රතු කුරුස සංවිධානයේ නිළධාරීන් විසින් ඊශ්‍රායල ආරක්ෂක අංශ වෙත එම පිරිස භාරදෙනු ඇති.

    නිදහස ලබන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිළිගැනීම සඳහා ඔවුන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් එරට ටෙල්අව්වි අගනුවරට එක් රැස්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    2023 වසරේ ඔක්තෝබර් මස 07 වනදා හමාස් සංවිධානය ඊශ්‍රායලයේ සිදුකල ප්‍රහාරයේදී ප්‍රාණ ඇපයට ගත් පුද්ගලයින් 251 දෙනාගෙන් 155 දෙනෙකු මීට පෙර මුදා ගැනීමට හැකිව තිබු අතර තවත් 58 දෙනෙකු මියගොස් තිබුණි.

    හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට සමගාමීව ඊශ්‍රායලය විසින් ද අද දිනයේ පලස්තීන සිරකරුවන් 1718 දෙනෙකු නිදහස් කිරීමට නියමිතව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202603 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.