Author: LFN

වැඩතහනමට ලක්වූ විනිසුරුවරුන්ට අඩ වැටුප් ගෙවීමත් සමග ඔවුන්ට හිමි දීමනා කිහිපයක් නොගෙවීමට ද අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා විසින් ඊට අදාළ චක්‍රලේඛය සියලු මහාධිකරණ විනිශ්චයකාරවරුන් වෙත නිකුත් කර ඇති බව වාර්තා වේ. විවිධ චෝදනාවලට ලක්වූ විනිසුරුවරුන්ගේ වැඩතහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පසුගියදා පියවර ගෙන තිබුණි. ඒ අනුව එම විනිසුරුවරුන් සඳහා අඩ වැටුප් ගෙවීමක් සිදුකළ යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත. එම අඩ වැටුප් සමග ඔවුන්ට ගෙවිය යුතු දීමනා සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතිකා ඒකාබද්ධතා අමාත්‍යංශයේ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීමේ දී සාකච්ඡාවට භාජනය වී තිබේ. එහිදී එම…

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විධායක කමිටු රැස්වීමක් අද (07) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා සඳහන් කළේ අම්පාර දිස්ත්‍රික්කයේ වෛද්‍ය ස්ථානමාරුවීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි අරමුණ බවය. අම්පාර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය පරිපාලනය විසින් අත්තනෝමතික ලෙස වෛද්‍ය මාරුවීම් සිදුකිරීමට විරෝධය පළකරමින් මේවන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම දිස්ත්‍රික්කය තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. මෙතෙක් අදාළ ගැටලුව සඳහා රජයේ අවධානය යොමුවී නොමැති බැවින් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද දිනයේ තීරණය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා සඳහන්…

Read More

මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. සැකකරු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය. තලංගම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 200ක් සමග තලවතුගොඩ ප්‍රදේශයේ දී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු 36 හැවිරිදි තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු දැනට විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සමීප සබඳතා පවත්වන පුද්ගලයෙකු බවට ද සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෝදර ප්‍රදේශයේ දී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කිරීම, හෙරොයින් සන්තකයේ තබාගැනීම සහ පුද්ගලයෙකු පැහැර…

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර පැවති උත්සවයකදීය. “මේ රටේ දූෂිත ජාලයක් තියෙනවා. ඒ දූෂිත ජාලය ජාත්‍යන්තර වශයෙනුත් ඉදිරියට ගෙනිහිල්ලා පාලනය කරන්නේ මේ රටේ රාජපක්ෂවරු. මහින්ද රාජපක්ෂලාට තියෙන වරප්‍රසාද කපලා ගෙදර භාරදෙන්න කියලා තියෙනවා. මම දැක්කා ඊයේ ටිවී එකේ රාජපක්ෂලාගේ හෙන්චයියෙක් ඇවිල්ලා කට රවුම් කර කර බොහොම උජාරුවට කියනවා මේ ගෙදර තියෙනවාලු ජනාධිපති මන්දිරෙනුයි, අරලියගහ මන්දිරෙනුයි ගෙනාපු ලී බඩු උපකරණ මේවා ඒ අය ඇවිත් අරගෙන යන්න ඕනේලු එතකොට ඉතුරුවෙන ඒවා තමයිලු අපේ පුද්ගලික උපකරණ එතකොට අපි ඒවත් අරගෙන යන්නම්ලු. තමුන්නාන්සේලා හිතනවද ඒ ගෙදරට…

Read More

ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්ය. HIV යනු ලෝකය තුළ ඇති දැඩි ව්‍යසනයක් ඇති කරන දරුණුතම ලිංගාශ්‍රිත වෛරස අතුරින් ප්‍රධාන වෛරසයකි. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඍජුවම ප්‍රහාර එල්ල කර ශරීරය දුර්වල කිරීම මෙමඟින් සිදුවන අතර කැස්සක්, හෙම්බිරිස්සාවක් වැනි කුඩා හෝ රෝගයක් වැළඳීමෙන් මරණය පවා සිදුවීම මෙහි ඇති භයානකම තත්ත්වයය. HIV ආසාදිතයින් නිර්මාණය විය හැකි ප්‍රධාන ආකාර ත්‍රිත්වයක් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. 1. HIV රෝගියෙක් සමඟ ලිංගික සබඳතා පැවැත්වීම HIV රෝගියෙක් සිප වැළඳගැනීමෙන් මෙම රෝගය බෝවන්නේ නැහැ.…

Read More

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගී වන NDTV ලෝක සමුළුව මෙම මස පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. එම සමුළුව ඔක්තෝබර් 17 සහ 18 යන දිනවල නවදිල්ලියේදී පැවැත්වීමට නියමිතය. 2025 – NDTV ලෝක සමුළුවේ ගෝලීය සංවාදයට වර්තමානයේ වඩාත්ම බලගතු රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහභාගී නියමිත බව වාර්තා වේ. ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි, ශ්‍රී ලංකාවේ හරිනි අමරසූරිය සහ හිටපු අගමැතිවරුන් දෙදෙනෙකු වන එක්සත් රාජධානියේ රිෂි සුනක් සහ ඔස්ට්‍රේලියාවේ ටෝනි ඇබට් මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය.

Read More

දික්වැල්ල, නිල්වැල්ල බ්ලූබීචි දුපත අසල මුහුදේ දිය නෑමට ගිය යටියන ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකු දියේ ගසාගෙන ගොස් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (06) පස්වරු 3.30ට පමණ මෙම අනතුර සිදුව තිබූ අතර, පුද්ගලයින් දෙදෙනෙකු රෝහල්ගත කර ඇත. ප්‍රදේශවාසින් එක්ව දියේ ගිලුණු පිරිස බේරාගැනීමට උත්සාහ දරා ඇති අතර, එහිදී ඵක් පුද්ගලයකු මියගොස් තිබේ. මියගොස් ඇති පුද්ගලයාගේ මෘතදේහය බතීගම රෝහලට රැගෙන ගොස් ඇති අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා මාතර මහ රෝහලේ දැඩිසත්කාර ඵ්කකයේ ප්‍රතිකාර ලබයි. මියගොස් ඇත්තේ 32 හැවිරිදි මැදවියන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු වන අතර, 51 හැවිරිදි සහ 38 හැවිරිදි පුද්ගලයින් දෙදෙනා රෝහල්ගතව සිටී.

Read More

අද (07) දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව දැනුම් දී තිබේ. බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර, පුත්තලම, යාපනය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මඟින් සිදු විය හැකි අනතුරු, අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.

Read More

ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා වූ අමෙරිකානු සාම සැලැස්ම පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීම අරමුණු කරගනිමින් නිල නොවන සාකච්ඡා ඊජිප්තුවේ ෂාර්ම් එල්-ෂෙයික් නගරයේදී ආරම්භ කර තිබේ. හමාස් සංවිධානය සාම සැලැස්මේ යෝජනාවලට අර්ධ වශයෙන් එකඟ වන බව පවසා ඇති නමුත්, එහි නිරායුධකරණය සහ ගාසා තීරයේ ඉදිරි සැලැස්ම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් කිහිපයකට ප්‍රතිචාර දක්වා නොමැති බව සඳහන් වේ. ඒ සඳහා දෙපාර්ශ්වයේ නියෝජිතයින්ට අමතරව අමෙරිකානු ජනාධිපතිගේ විශේෂ නියෝජිතයින් ලෙස ස්ටීව් විට්කොෆ් සහ ජනපතිගේ බෑණා වන ජෙරාඩ් කුෂ්නර් ද සහභාගී වන බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණි. මේ අතර, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පසුගිය සෙනසුරාදා පැවසුවේ ඉදිරි දිනවලදී ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම…

Read More

ඔක්තෝබර් මාසය සඳහා පළමු පාර්ලිමේන්තු සතිය අදින් (07) ආරම්භ වේ. අද පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය. අද දිනයේ දි ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත. හෙට (08) දිනයේ දි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය. බ්‍රහස්පතින්දා දිනයේ දී විපක්ෂය විසින් ගෙනඑනු ලබන සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිත අතර සිකුරාදා දිනයේ දි පෞද්ගලික මන්ත්‍රී යෝජනා 8ක් විවාදයට ගැනීමට නියමිතව තිබේ.

Read More