Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති ඇතුළු කණ්ඩායම ජනපති හමුවෙයි
    Featured

    ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති ඇතුළු කණ්ඩායම ජනපති හමුවෙයි

    By LFNOctober 8, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සහාය ලබා දෙන බව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (Asian Infrastructure Investment Bank – AIIB)සභාපති ජින් ලික්‍යුන් (Jin Liqun) මහතා පැවසීය.

    ආසියානු යටිතල පහසුකම් අයෝජන බැංකුවේ සභාපති ජින් ලික්‍යුන් (Jin Liqun) මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.

    ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ණය මුදල් යටතේ මෙතෙක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතින්හි ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරුණු අතර ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව කටයුතු කරමින් රටේ ඉදිරි ගමනට සහාය ලබා දෙන බව සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ බලශක්ති ස්ථායීතාව වෙනුවෙන් හරිත බලශක්තිය, හරිත ප්‍රවාහන පහසුකම් ආදි ක්ෂේත්‍රයන් කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරමින් ඉදිරි සහාය ලබා දීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

    පොලී අනුපාත පහත හෙළීම, උද්ධමනය පාලනය ඇතුළු ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික වශයෙන් ලබා ඇති ප්‍රගතිය මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා ජාතික ආර්ථිකයේ ප්‍රතිලාභ රටේ සාමාන්‍ය ජනතාව අතරට ගෙන යාම රජයේ අපේක්ෂාව බවද සඳහන් කළේය.

    එහිදී රාජ්‍ය අංශය ප්‍රතිව්‍යුහගත කරමින් කාර්යක්ෂම සහ ඵලදායී රාජ්‍ය සේවාවක් ඇති කිරීමේ සැලසුම්ද පැහැදිලි කළ ජනාධිපතිවරයා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සැපයිමේදී කෘත්‍රීම බුද්ධිය සහ ඩිජිටල්කරණය පිළිබඳ අවධානය යොමු කර තිබෙන බවද පැවසීය. ඒ අනුව ජනතාවට සේවා සැපයීමේදි ගම සහ නගරය අතර දුරස්ථභාවය අවම කර ගැනීමට මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සිදු කෙරෙන ගනුදෙනු පහසු කර ගැනීමේ හැකියාවද සාකච්ඡාවට ලක් විය.

    පිරිවැය අවම වූ විදුලි සැපයුමක් සහිත කලාපයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා විදේශ ආයෝජන කැඳවා ගැනීමේදී දත්ත මධ්‍යස්ථානයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත්, කෘෂිකර්ම, ධීවර ආදි ක්ෂේත්‍රයන්හි ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා සැලසුම්සහගත වැඩපිළිවෙළක් රජය සතුව තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කෙරෙන නව ප්‍රතිසංස්කරණ පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපතිවරයා ඇතුළු නියෝජිත පිරිස දැනුවත් කළේය.

    කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ආර්. අපොන්සු යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.