Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තැපෑලේ වංචා ගැන කියූ තැපැල්පතිගේ ප්‍රකාශයට තැපැල් වෘත්තිය සංගම්වලින් විරෝධය
    Featured

    තැපෑලේ වංචා ගැන කියූ තැපැල්පතිගේ ප්‍රකාශයට තැපැල් වෘත්තිය සංගම්වලින් විරෝධය

    By LFNOctober 6, 2025No Comments2 Mins Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තැපැල් සේවකයින් විසින් අනීතික ලෙස අතිකාල ලබාගෙන ඇති බවට තැපැල්පතිවරයා සිදුකළ ප්‍රකාශයට දැඩි ලෙස අප්‍රසාදය පල කරන බව තැපැල් වෘත්තීය සමිති පවසයි.

    ඒ අනුව තැපැල්පතිවරයාගේ අදාළ ප්‍රකාශයට විරෝධය පල කරමින් එළැඹෙන 09 වැනිදා කළුපටි පැළඳ සේවයට වාර්තා කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජි.ජි.සී.නිරෝෂන මහතා පැවසුවේය.

    මේ අතර ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ද පැවසුවේ කිසිදු විමර්ශනයකින් තොරව තැපැල්පතිවරයා විසින් තැපැල් සේවකයින් හට සිදුකරන චෝදනාවලට දැඩි විරෝධය පල කරන බවත්ය.

    ඇඟිලි සළකුණ නොතබා තැපැල් සේවකයින් රුපියල් කෝටි ගණනක අතිකාල ලබාගෙන ඇති බවත් තැපෑලේ සිදුවන තවත් අක්‍රමිකතා රැසක් සම්බන්ධවත් හපුතලේ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් තැපැල්පති රුවන් සත්කුමාර මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

    එහිදී ඔහු අදහස් දක්වමින් මෙලෙස පැවසීය.

    “කෝටි ගාණක් ඇඟිලි සළකුණු තියන්නේ නැතිව හොරට OT අරන් තියෙනවා. එහෙම තියෙනකොට අපි මේකට උත්තරයක් දෙන්න ඕනේ නැද්ද? අපේ තියෙනවා වර්ක්ෂොප් එකක්. ඒකේ වාහන හදනවා.. මං දන්නේ නෑ හදනවාද නැද්ද කියලා.. එකේ ඉරිදාට වාහන සර්විස් කරනවා. ඒ කරන්නේ OT එකට සර්විස් කරන්න දෙන්නෙක් ඉන්නවා එතනින් එහාට තව 10 දෙනෙක් විතර ඉන්නවා වාහනේ සර්විස් කරන්න.. වාහනයක් සර්විස් කරන්න පැය 4ක් OT ගෙවනවා. ඒක ලොකු ගාණක් නෙමේ නේ පැය 4යි නේ. හැබැයි මේ 10 දෙනාටම පැය 4 ගානේ OT ගෙවනවා. ඉතිං මේ වගේ වාහන කීපයක් කරපුවාම හිතන්න… මේ හින්දා එයාලා කියනවා වාහන සර්විස් කරන්න බෑ කියලා. මම කියුවා කමක් නෑ කියලා. වාහන සර්විස් කරන්නේ අපි විතරක් නෙමෙයිනේ. ඕන තරම් ප්‍රයිවට් සෙක්ටර් එකේ තියෙනවා වාහන සර්විස් කරන තැන් මම එකකට දාලා සර්විස් කරගන්නවා.

    පැයකින් දෙකකින් දෙන්නනේ ටෙලිමේල් එකක් ගහන්නේ. මගේ අතේ තියෙනවා එකක්. මේක මට ඊයේ එව්වේ යාපනයේ ඉන්නකොට. මේක උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට එවලා තියෙන්නේ එවලා තියෙන්නේ 9.02 පිළිමතලාවෙන්. මේක එතනට ගිහින් තිබුණේ 10.03 මට කතා කරලා අහනවා 09.02 එවපු එකක් 10.03 ඇවිත් තියෙනවා කියලා.. මේක නොගියා නම් හොඳයි.. මාසෙකුත් දවසක් ගිහින් මගෙන් අහනකොට ඇතිවෙන ලැජ්ජාව ගැන හිතාගන්න පුළුවන්ද ? ටෙලිමේල් එකක් යවන්න මාසයක් ගියා කියන්නේ හිතාගන්න පුළුවන්ද ?

    අපි සෑම මාසෙකම ඉල්ලනවා තැපැල් ගාස්තුව වැඩි කරන්න. රුපියල් 50යි නේ අපි ගන්නේ. කොළඹින් දාන එක අපි කන්කසන්තුරයටත් ගිහින් දෙන්න ගන්නේ රුපියල් 50යි. ඉතිං අපි ඔට්ටුවෙලා ලියලා ලියලා ඊයේ පෙරේදා මට එවලා තියෙනවා වැඩි කරලා. රුපියල් 50 70කරලා මම ඒක හංගගෙන ඉන්නවා. අර ස්ට්‍රයික් කරලා, මිනිස්සු පට්ට බැනුම් බැනලා ඉන්නකොට අපි සතියකින් දෙකකින් කියනවා තැපැල් ගාස්තු වැඩි කරනවා කියලා කොහොමට තියෙයිද ?”

    තැපැල්පතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධව තැපැල් වෘත්තිය සමිති ඒ අනුව සිය විරෝධය මේ වන විට පළකර තිබේ.

    එහිදී එම වෘත්තිය සමිති සඳහන් කරනුයේ කරුණු නිසි පරිදි විමර්ශනය කිරීමකින් තොරව තැපැල්පතිවරයා මෙලෙස පැවසීම අසාධාරණ බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.