Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
නීතිවිරෝධීව නිෂ්පාදනය කරනු ලබන හක්කා පටස් සහ චීන පටස් භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, රතිඤ්ඥා හා ගිනිකෙළි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදනවලට නිකුත් කරනු ලබන අමුද්‍රව්‍ය භාවිත කරමින් හක්කා පටස් සහ චීන පටස් නැමති නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය සිදුකරනු ලබන බවට තොරතුරු ලැබී ඇති බවය. වගාබිම්වලින් වනසතුන් පළවා හැරීම සඳහා බහුලව භාවිතා වන මෙම නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය මඟින් පසුගිය කාල සීමාව තුළ පුද්ගල මරණ කිහිපයක් ද වාර්තා වී තිබේ. ඊට අමතරව මෙම පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් සැලකිය යුතු පාරිසරික සහ සංරක්ෂණ අභියෝග ද මතුවී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පෙන්වා…
රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී අද (30) සිට බලපැවැත්වෙන පරිදී නුගේගොඩ ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනයෙන් නිකුත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස අද සිට මෙ ආරම්භ කරන බවත් රියදුරු බලපත්‍රයේ යම් වෙනස්කමක් සිදු කිරීමට අවශ්‍ය නොවන්නේ නම් තාවකාලික රියදුරු බලපත්‍රය එම ආයතනයෙන් ලබා ගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි. තාවකාලික රියදුරු බලපත්‍ර අයදුම්කරුවන් වේරහැර මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයට පැමිණීම අවශ්‍ය නොවන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
රන්දෙණිගල 36 වන සහ 37 වන කණුව අතර දී කීර්තිබණ්ඩාරපුර සිට මහියංගනය දක්වා ධාවනය වූ ඇගලුම් කර්මාන්ත ශාලාවකට අයත් පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්ව තිබේ. ඊයේ (29) රාත්‍රීයේ බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් සමග මෙම අනතුර සිදුව ඇත. බස් රථය මාර්ගයේ තිබු ගල් වැටියක ගැටී අනතුරට ලක්ව ඇති අතර, බසයෙ හි සිටි පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා කැන්දකැටිය රෝහලට ඇතුළත් කර තිබේ.
දරුවන් හිංසනයට ලක්වීම වැළැක්වීම සහ දරුවන් ශික්ෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් ලාංකේය සමාජය තුළ සංවාදයක් නිර්මාණය වීම සාධනීය තත්ත්වයක් බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම්, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි. කෙසේ වෙතත් නව නීති සංශෝධන යටතේ ගුරු-විදුහල්පතිවරුන් අගතියට පත් වන බවට පළවන අදහස් ප්‍රතික්ෂේප කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. මහින්ද ජයසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ලංකා ගුරුසේවා සංගමය විසින් ඊයේ (29) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. දරුවන් සම්බන්ධයෙන් මේ වනවිටත් නීති, රීති සහ චක්‍රලේඛ රැසක් පවතින බව පෙන්වා දෙන මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙරට ගුරු-විදුහල්පතිවරුන් අනේකවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද දරුවන් ශික්ෂණය කිරීමට මේ වනවිටත්…
ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් නිකුත්කළ 2025 වසරට අදාළව ශ්‍රී ලංකාවේ ආයෝජන පසුබිම පිළිබඳ වාර්තාවේ දැක්වෙන්නේ නව පරිපාලනය යටතේ ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම් අඩු බවක් පෙනෙන්නට තිබුණද විශේෂයෙන් තහවුරු වූ වරප්‍රසාද ලත් කණ්ඩායම් විසින් ආරක්ෂා කරන ලද අංශ තුළ ආයතනික දූෂණය දිගටම සිදුකරගෙන යන බවය. 2025 වසරට අදාළව ශ්‍රී ලංකාවේ ආයෝජන පසුබිම පිළිබඳ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශනයක් නිකුත්කර තිබේ. එහි දැක්වෙන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහයෝගයෙන් කටයුතු කරමින් ආයෝජකයින්ට සහතිකයක් ලබාදුන්නද ඔවුන්ගේ අතීතයේ සිට පැවත එන බටහිර විරෝධී, මාක්ස්වාදී බලපෑම් සහිත මතවාද හේතුවෙන්…
ගාසා තීරය සඳහා නව සාම සැලැස්මකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රයල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. අදාළ සැලැස්ම සඳහා එකඟවන ලෙස හමාස් සංවිධානයට අනතුරු අඟවන බව ඔවුන් ප්‍රකාශ කර ඇත. මෙම නව සාම සැලැස්ම මගින් හමුදා මෙහෙයුම් වහාම නතර කිරීමට යෝජනා කර ඇති අතර පැය 72ක් ඇතුළත ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු නිදහස් කිරීමට යෝජනා කර තිබේ. එමෙන්ම අමෙරිකානු ධවල මන්දිරය විසින් හමාස් සංවිධානයට කරුණු 20ක් ඇතුළත් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙරට අපරාධවලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුව ඉන්දියාවේ බැංගලෝර් මධ්‍යම අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉරේෂ් හසන්ක, සුගත් සමින්දු සහ දිලීප් හර්ෂණ යන අය බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත. මෙම සැකකරුවන් තිදෙනා මෙරට අපරාධවලට සම්බන්ධ වී පසුගිය වසරේ දී ඉන්දියාවට නීතිවිරෝධී ලෙස ඇතුළු වී ඇති බව සඳහන් වේ.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ. මෙවර තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වීමට නියමිතය. තරගාවලියේ සමාරම්භක උත්සවය ඉන්දියාවේ ග්වාති ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර පළමු තරගය ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවැත් වේ. පළමු වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 7කට සහභාගී වන අතර ඉන් තරග 2ක් ඉන්දියාවේදීත් තරග 5ක් ශ්‍රී ලංකාවේදීත් පැවැත්වීමට නියමිතය. කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් මස 2 වන දින පැවැත්වීමට නියමිතය.
හැෂ් මත්ද්‍රව්‍ය, හෙරොයින් හා මත්පෙති සමඟ සැකකරුවෙකුව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (29) දහවල් කාලයේ මට්ටක්කුලිය පොලිස් වසමේ සිරිවර්ධන පාර ප්‍රදේශයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ඇත. එහිදී ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ 33 ග්‍රෑම් 270 ක්, හෙරොයින් ග්‍රෑම් 408 ක්, මත්පෙති 200 ක් හා විකිණීම සඳහා සකස් කර තිබූ හෙරොයින් (චරස්) කෑලි 7,400 ක් සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ. සැකකරු වයස අවුරුදු 38 ක් වන සමිත්පුර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සැකකරු ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතයෙකු…
සැකකටයුතු මළසිරුරු දෙකක් කොළඹ ප්‍රදේශ දෙකකින් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ එක් සිරුරක් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමෙන් සහ අනෙක් සිරුර දෙහිවල පොලිස් වසමෙන් හමු වූ බවය. ඊයේ (29) සවස් කාලයේ ග්‍රෑන්ඩ්පාස්, ඉඟුරුකඩේ හන්දිය අසල ඇති ජාඩි ඇලේ තිබී එක් මළසිරුරක් හමු වී ඇති අතර පොලීසිය පැවසුවේ මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර එම සිරුර වයස අවුරුදු 35 ත් 40 ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයෙකුගේ බවය. එමෙන්ම එම පුද්ගලයා අඩි 05 අඟල් 04 ක් පමණ වන බවත් කළු පැහැති කොට කලිසමක් හා උඩු කයට කළු පැහැති ටීෂර්ට් එකක් හැඳ සිට ඇත. මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගරයේ තැන්පත් කර…