Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ළමයින්ට දඬුවම් කිරීම සම්බන්ධ පනත් කෙටුම්පත සංශෝධනය ගැන අධිකරණ ඇමතිගෙන් නිවේදනයක්
    Featured

    ළමයින්ට දඬුවම් කිරීම සම්බන්ධ පනත් කෙටුම්පත සංශෝධනය ගැන අධිකරණ ඇමතිගෙන් නිවේදනයක්

    By LFNOctober 3, 2025No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව (19 වන අධිකාරය වු) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

    අධිකරණ අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වුවා මිස එය පාර්ලිමේන්තුව මඟින් නීතියක් ලෙස සම්මත කර නොමැති බවය.

    ඉහත සඳහන් කළ දණ්ඩ නීති සංග්‍රහය සං‍ශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පසුගිය සැප්තැම්බර් 24 වනදා පැවැත් වුණි.

    එය විවාදයක් පමණක් මිස නීතියක් ලෙස සම්මත කර ගැනීමකින් තොරව කල්තැබූ බවත් අදාළ පනත් කෙටුම්පත සම්මත කරනු නොලැබුවේ එම සංශෝධනය බලාත්මක වීමට නම් ඊට සමානව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේද සංශෝධනයක් සිදුවිය යුතු බැවින් බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

    එමෙන්ම මෙම පනත් කෙටුම්පත මෙතෙක් නීතියක් ලෙස සම්මත කර නොමැති අතර, මේ සඳහා සංශෝධන ඉදිරිපත් කළ යුතු නම් අදාළ සංශෝධන පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව ද අධිකරණ අමාත්‍යවරයා අදාළ නිවේදනය මඟින් දැනුම් දී තිබේ.

    ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වු මෙම පනත මේ දක්වා නීතියක් බවට පත්ව නොමැති බව අධිකරණ අමාත්‍යවරයා සිය නිවේදනයෙන් තවදුරටත් අවධාරණය කර සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026

    රණවිරුවන් හැමදාමත් අපේ හදවත්තුළ අනුස්මරණීයයි – ජනපති

    May 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 202600 Views

    හපුතලේ, දඹේතැන්න මාර්ගයේ පිහිටි ෆාමසියකින් කල් ඉකුත් වූ ඖෂධ සහ මිල වෙනස් කළ ඖෂධ අලෙවි…

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026

    මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.