Author: LFN

කෙහෙල්බද්දර පද්මේ හා කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ඉන්දුනීසියාවට පැමිණ ඇති බව කෙහෙල්බද්දර පද්මේට පොලිසියෙන්ම ඔත්තුවක් ලබාදී ඇති බවට අනාවරණ වී තිබේ. මේ පිළිබඳ ව හෙළිවී ඇත්තේ සිදුකරමින් පවතින විමර්ශන අතරතුරදීය. මේ අතර කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර තිබූ රතු වරෙන්තුව ද මෙරට පොලිසිය හරහාම ඔහු වෙත ඔත්තුවක් ලෙස ලබාදී ඇති බවත් වාර්තා වේ. කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි. ඒ දෙරටේ ආරක්ෂක අංශ ඒකාබද්ධ වෙමිනි. මෙහෙයුම සඳහා මෙරටින් එක්වූ නිලධාරීන් ඉන්දුනීසියාවේදී දැඩි කැපකිරීම් සිදුකරමින් දින ගණනක් පුරා වෙහෙසී…

Read More

මරදාන ප්‍රදේශයේ ඊයේ (27) සවස පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් සිදු කර තිබේ. මරදාන stroke place ඇතුළු ස්ථාන කිහිපයක් මුල් කර ගනිමින් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. එහිදී වරෙන්තුකරුවන් හා විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පැවසුවේය. මෙම විශේෂ මෙහෙයුම සඳහා යුද හමුදාව ද එක්ව තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකිය. ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට මන්නාරම, කන්කසන්තුරය සහ මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට…

Read More

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කරූර් දිස්ත්‍රික්කයේදී පැවැති ඉන්දීය නළු තලපති විජේගේ දේශපාලන රැලියක ඇතිවූ තෙරපුමකින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 39 දක්වා ඉහළ ගොස් තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වන විට සිදුවීමෙන් මියගොස් ඇති පිරිස අතරට ළමුන් 10ක්, කාන්තාවන් 17, පිරිමි 12 ඇතුළු පුද්ගලයින් 39ක් අයත් බවය. සිද්ධියෙන් තවත් පුද්ගලයින් 46 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද ඉන් 21කගේ තත්ත්වය බරපතළ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. විජේගේ මෙම රැලිය සඳහා අවම වශයෙන් පුද්ගලයින් 30,000ක් පමණ එක්ව ඇති බවත් ඔවුන් අතර සිටි පුද්ගලයින් දැඩි තදබදය මත ක්ලාන්ත වී ඇති බවත් වාර්තා වේ. කෙසේ වෙතත් ඇති වූ…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති විය හැකි බව වාර්තා වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ තද සුළං මඟින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

Read More

මන්නාරම නගරයේ ඉදිකිරීමට යෝජිත සුළං බලාගාර වෙත අවශ්‍ය ටර්බයින හා අනෙකුත් උපකරණ ඊයේ (27) රාත්‍රියේ රැගෙන ඒමත් සමග ප්‍රදේශයේ ජනතාව ඊට එරෙහිව දැඩි විරෝධයක් පලකර තිබේ. සුළං බලාගාර ටර්බයින හා අනෙකුත් උපකරණ මන්නාරම නගරයට රැගෙන නොඑන ලෙසට ඉල්ලීම් කරමින් ජනතාව විරෝධතාවල නිරත වූ බව සදහන්ය. කෙසේවෙතත් පොලිස් කැරලි මර්දන කණ්ඩායම් උපයෝගී කරනගනිමින් මන්නාරම නගරය වෙත සුළං බලාගාරට අවශ්‍ය ටර්බයින් හා අනෙකුත් උපකරණ රැගත් වාහන රැගෙන ඒම සිදුකළ බව වාර්තාවේ. මන්නාරම දූපත සීමාවේ සුළං බලාගාර ඉදිකිරීම නතර කරන ලෙසට හා මන්නාරම දූපත අවට සීමාවේ ඛනිජ වැලි කැනීම නවත්වන ලෙසට ඉල්ලීම් කරමින් මන්නාරම ජනතාව අඛණ්ඩව 55 වන දිනටත් ඊයේ මන්නාරම නගරය මධ්‍යයේ…

Read More

කාර්යක්ෂම නොවන විදුලි උපකරණ හේතුවෙන් බලශක්ති හානිය වැඩි වශයෙන් සිදුවන බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසයි. එම ආයතනය පෙන්වා දෙන්නේ වසර 10කට වඩා පැරණි ශීතකරණ භාවිතය නිසා මෙම හානිය වැඩිවශයෙන් සිදුවන බවය. එම අධිකාරීයේ අධ්‍යක්ෂ ජනරාල් හර්ශ වික්‍රමසිංහ මහතා කොළඔ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව හෙළිකළේය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ හර්ෂ වික්‍රමසිංහ මහතා, “සමීක්ෂණවලදී අපට දැනගන්න ලැබුණා ලංකාවේ කාර්යක්ෂම නොවන ගෘහ උපකරණ අධික විදුලි බිල්වලට හේතුවක් බව. සාමාන්‍යයෙන් වසර 10කට වඩා භාවිතාකරන ශීතරකණයක මේ ප්‍රශ්නය තියෙනවා. ඒ වගේම වායුසමිකරණවල. බස්නාහිර පළාතේ නිවෙස්වල තියෙන ශීතකරණවලින් තුනෙක් එකක් භාවිතයට නුසුදුසු තත්ත්වයේ තියෙන්නේ. ඒ හේතුවෙන් විදුලි ඒකක මාසයකට…

Read More

සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවාගැනීම සඳහා ඉකුත් දා පැවැති විභාගයට පෙනී සිටි අය අතුරින් 45 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරු 170 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් ගොනු කර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, උසස්වීම් ලද සහකාර පොලිස් අධිකාරීවරු සහ ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන් නම් කර ඇත. නීතිඥ මංජුල බාලසූරිය මහතා ගොනුකර ඇති පෙතසම් තුළින් ඔවුන් සඳහන් කර සිටින්නේ, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරු සහකාර පොලිස් අධිකාරී ධුරය උසස් කිරීම සඳහා පැවති සීමිත තරග විභාගයේ ප්‍රතිඵල මත ඉකුත් 25…

Read More

මහියංගන – ගිරාදුරුකෝට්ට ප්‍රධාන මාර්ගයේ සොරබොර වැව 1 කනුව ප්‍රදේශයේදී වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුවී තිබේ. ඊයේ (26) රාත්‍රී 11ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර, වෑන් රථයේ ගමන් ගත් 11 දෙනකු තුවාල ලබා මහියංගන රෝහලට සහ බදුල්ල රෝහලට ඇතුළත් කර ඇත. බදුල්ල ප්‍රදේශයේ පිරිසක් අනුරාධපුරයට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. තුවාලකරුවන් 6ක් බදුල්ල රෝහලේ සහ තුවාලකරුවන් 5ක් මහියංගනය රෝහලේ ප්‍රතිකාර බලමින් සිටින බව වාර්තා වේ.

Read More

BBNJ සාමාජිකත්වයට 60වන රටත් එක්වීම සැමරීම සඳහා නිව්යෝර්ක් හිදී පවත්වනු ලැබූ උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගි වි තිබේ. අමෙරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට එක්වූ අවස්ථාවේදී මේ සඳහා සහභාගි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය සම්බන්ධ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය යටතේ වන ගිවිසුම මෙලෙස ‘BBNJ’ ලෙසින් හඳුන්වනු ලැබේ. ඒ සඳහා රටවල් 60ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ප්‍රංශ රජය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ඇතුළු සෙසු රටවල රාජ්‍ය නායකයන් රැසක් ඒ සඳහා එක්ව ඇත. මෙම ගිවිසුමට…

Read More