Author: LFN

දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලින් ඊයේ (25) දිනයේ දී පුද්ගලයින් 717ක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. එමෙන්ම දිවයින පුරා මෙලෙස අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ඉදිරියේදී සිදුකරන බවද වැඩිදුර සඳහන්. ඒ අනුව කොට්ඨාස මට්ටමින් සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. ඊයේ (25) දිනයේ වාර්තාව පහත පරිදි වේ. පරීක්ෂා කළ පුද්ගලයින් ගණන 27,932 කි. සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 717 කි. අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන 28 කි. අත්අඩංගුවට ගෙන ඇති දින වරෙන්තුකරුවන් ගණන 246 කි. අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන…

Read More

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගි වීම සඳහා සිදුකළ අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානය බලා පිටව ගොස් තිබේ. ඊයේ (25) රාත්‍රියේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගොස් ඇත. ජපන් රජයේ ආරාධනයකට අනුව, ජනාධිපතිවරයා සැප්තැම්බර් 27 වන දින සිට 30 වන දා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක්ව සිටී.

Read More

කොළඹ ඕල්කට් මාවතේ බස් රථයක් මතට අද (26) පෙරවරුවේ ගසක් කඩා වැටී අනතුරක් සිදුව ඇත. දුම්රිය මූලස්ථානය අසල දී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් කිසිවෙක්ට හෝ තුවාල සිදුව නොමැත. කෙසේ නමුත් වාහන එක් මන්තීරුවකින් පමණක් ගමන්කරන අතර, ඒ අවට විශාල වාහන තදබදයක් ඇතිව තිබේ.

Read More

නවතම ආරක්ෂක ක්‍රමවේද සහිත නවීන තාක්ෂණයෙන් යුත් නව අංක තහඩු නොවැම්බර් 15 වනවිට ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අද (26) පාර්ලිමේන්තුවේ ඔහු මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා සිටියේ, මේ වනවිට අංක තහඩු නොමැති වාහන ප්‍රමාණයක් වෙළෙදපොළ තුළ පවතින බවය. එමෙන්ම පෙර පැවති වෙළෙඳ සමාගම් මෙන්ම දේශපාලන ක්‍රියාවන්හි දූෂිතභාවය හා වගකීම් විරහිතභාවය නිසා මෝටර් රථ දෙපාර්තමේනතුව වසර 10ක් වැනි කාලයක් දියුණු නොවී පවතින බවද පැවසීය. නව රියදුරු බලපත්‍රයක්ද සකස් කරන බවත්, අංක තහඩු නොමැති වාහන සඳහා එළැඔන සතියේ දී තාවකාලික විසදුම් ලබාදෙන බවත්…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරෙස් මහතා අතර හමුව ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (25) රාත්‍රියේ පැවැත් වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එමෙන්ම, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග හමුවකටද ඊයේ සහභාගී වෙයි. මේ අතර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද ඊයේ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් රැසකට එක්වීමට නියමිතව තිබේ.

Read More

ජාතික වගාරක්ෂණ යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 1,669ක මුදලක් ගෙවා ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. ඒ අනුව වී, බඩ ඉරිඟු, මිරිස් සහ අර්තාපල් යන වගාවන් සඳහා ගොවීන් 81,234 දෙනෙකුට මෙමගින් ප්‍රතිලාභ ලබා දී ඇති බව එම මණ්ඩලය පැවසීය. මීට අමතරව පශු සම්පත් රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ගව, එළුවන් රක්ෂණ ව්‍යාපෘතීන් රැසක් ද ක්‍රියාත්මක කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේය. මෙම වසරේදී ගොවිජන රක්ෂණ මණ්ඩලයේ මූල්‍ය වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 2,491ක් දක්වා ඉහළ නංවා ගැනීමට ද හැකි වී ඇති බව සඳහන්ය.

Read More

කුරුණෑගල මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසන භූමිය තුළදී ඩක්කුවක් කඩා වැටීමෙන් භික්ෂූන් වහන්සේ හත් නමක් අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහව මහෙස්ත්‍රාත්වරිය පන්සියගම පොලීසියට නියෝග කර තිබේ. සිද්ධියට අදාළ විමර්ශන සඳහා යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ සහාය ලබාගන්නා ලෙසටද මහව මහෙස්ත්‍රාත් කංචනී අභිමානී සෙනෙවිරත්න මෙනවිය පන්සියගම පොලීසියට නියෝග කර ඇති බව වාර්තාවේ. මෙම අනතුරින් අපවත් වූ භික්‍ෂූන් වහන්සේගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණ පවත්වා ඊට අදාළ වාර්තා වෙන් වෙන් වශයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ද නියෝග කර තිබේ. ඩක්කුවක් කඩා වැටීමේ ක්‍රියාවලියේදී යම් අපරාධමය වරදක් සිදු…

Read More

පිදුරුතලාගල රක්ෂිතයට ඇතුළු වී අනවසරයෙන් කඳවුරු බැඳ නතර වී සිටි තරුණ තරුණියන් 26 දෙනෙකු ඊයේ (25) අධිකරණයට ඉදිරිපත් කළේය. මෙම පිරිස පසුගිය 07 වනද නුවරඑළිය අඩවි වන කාර්යාලයේ නිලධාරින්ගේ භාරයට ගෙන බැඳුම්කරයක්මත මුදාහැර සිටි අය බව වාර්තාවේ. එහිදී සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇති අතර, ඒ හේතුවෙන් නුවරඑළිය මහෙස්ත්‍රාත් ලංකාගනී ප්‍රබුද්ධිකා මෙනවිය විසින් ඔවුන්ට ඇප ලබා දී තිබුණි. එමෙන්ම සැකකරුවන්ට දඬුවම් ලබාදීම සඳහා නඩුව ඔක්තෝබර් 16වනදා දක්වා කල් තැබීමට ඇය නියෝග කළාය. මෙම සැකකරුවන් අවසරයකින් තොරව ඉකුත් 07 වනදා පිදුරුතලාගල රක්ෂිතයේ කැරයන් යන ප්‍රදේශයට ඇතුළු වී කඳවුරු බැඳ ගිනි මැළ දලවා සිටින බවට නුවරඑළිය අඩවි වන කාර්යාලයේ නිලධාරින්ට ලද තොරතුරක්…

Read More

අල්ලස හෝ දූෂණයට වඩාත් නැඹුරු ආයතන සැලකීමේදී මෙරට ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපාන ආයතනය රේගු දෙපාර්තමේන්තුව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති නීල් ඉද්දවෙල මහතා පවසයි. කොළඹදී ඊයේ (25) පැවති දේශනයකදී ඔහු මේ අදහස් පළ කළේය. ශ්‍රී ලංකා පරිපාලන වෘත්තිකයින්ගේ ආයතනය සහ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් මෙම දේශනය සංවිධාන කර තිබූ අතර, ජාතික සංවර්ධනය සඳහා අවංකභාවය, විනිවිදභාවය සහ සුපිරිපාලනය යන මාතෘකාව ඔස්සේ මෙය පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීල් ඉද්දවල මහතා, “2024 වර්ෂයේදී අපි ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා සමීක්ෂණයක් පැවැත්වුවා. ඒකෙදි මහජන මතය අනුව අල්ලස හෝ දූෂණයට වඩාත් නැඹුරු ආයතන කියලා මහජනතාව තෝරපු…

Read More

බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 11කින් පරාජය කර ආසියානු කුසලාන විස්සිය20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (25) සමත් විය. මෙහිදී පාකිස්තාන කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 136ක ඉලක්කයට පිළිතුරු ලෙස බංග්ලාදේශයට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 124ක් පමණි. ඉන්දීය කණ්ඩායම මේ වනවිට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින අතර, ඒ අනුව ඉන්දියාව හා පාකිස්තානය එළැඹෙන 28වනදා අවසන් මහා තරගයේ දී තරග වදිනු ඇත. මෙහි විශේෂත්වය වන්නේ ආසියානු කුසලාන ඉතිහාසයේ මීට පෙර කිසිදු අවස්ථාවක ඉන්දියාව හා පාකිස්තානය අවසන් මහා තරගයක් ක්‍රීඩාකර නොමැති වීමය. ඒ අනුව වසර 41ක (1984 සිට/ අදියර 17) ඉතිහාසයක් ඇති ආසියානු කුසලාන…

Read More