Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහගෙන් ගුරු – විදුහල්පතිවරුන්ට දැනුම්දීමක්
    Featured

    නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහගෙන් ගුරු – විදුහල්පතිවරුන්ට දැනුම්දීමක්

    By LFNSeptember 30, 2025No Comments2 Mins Read140 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දරුවන් හිංසනයට ලක්වීම වැළැක්වීම සහ දරුවන් ශික්ෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් ලාංකේය සමාජය තුළ සංවාදයක් නිර්මාණය වීම සාධනීය තත්ත්වයක් බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම්, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

    කෙසේ වෙතත් නව නීති සංශෝධන යටතේ ගුරු-විදුහල්පතිවරුන් අගතියට පත් වන බවට පළවන අදහස් ප්‍රතික්ෂේප කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

    මහින්ද ජයසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ලංකා ගුරුසේවා සංගමය විසින් ඊයේ (29) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    දරුවන් සම්බන්ධයෙන් මේ වනවිටත් නීති, රීති සහ චක්‍රලේඛ රැසක් පවතින බව පෙන්වා දෙන මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙරට ගුරු-විදුහල්පතිවරුන් අනේකවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද දරුවන් ශික්ෂණය කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින පිරිසක් බවයි.

    මෙරට පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය නූතනත්වයට ගෙන එමින් ශික්ෂණයක් සහිත ශිෂ්‍ය ප්‍රජාවක් මෙන්ම ඉහළ වෘත්තීමයභාවයක් සහිත ගුරු-විදුහල්පති සේවයක් නිර්මාණය කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණ වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

    මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහින්ද ජයසිංහ මහතා,

    “පසුගිය 25 වැනිදා දණ්ඩ නීති සංග්‍රහයට අදාළ සංශෝධන කිහිපයක් සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වුණා. අදාළ සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා, අදහස්, යෝජනා ගැන රජය තුළත් ඉන් බාහිරවත් සංවාදයක් නිර්මාණය වෙලා. එය ඉතා සාධනීය තත්ත්වයක්. ලංකාවේ ගුරුවරු කියලා කියන්නේ දරුවන් වෙනුවෙන් විවිධ කැපකිරීම් කරන පිරිසක්. 1907 වසරේ සිටම දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් විවිධ චක්‍රලේඛ මේ දක්වා නිකුත් කරලා තියනවා. පරාජිත පිරිස් මේ සම්බන්ධයෙන් අසත්‍ය සහ සාවද්‍ය අදහස් සමාජ ගත කරමින් ඉන්නවා. එවැනි අදහස්වලට නොරැවටෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. අපි හැමදාමත් පාසල් ශිෂ්‍ය ප්‍රජාව සහ ගුරු-විදුහල්පතිවරුන් වෙනුවෙන් පෙනී සිටියේ නිස්සරණධ්‍යාශයෙන්. ඉදිරියටත් ඒක එහෙමයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202606 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.