Close Menu
Lanka Focus News
    What's Hot

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලෝක හදවත් දිනය අදයි
    Featured

    ලෝක හදවත් දිනය අදයි

    By LFNSeptember 29, 2025No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබේ.

    සෑම වසරකම සැප්තැම්බර් 29 වනදා හදවත් රෝග සම්බන්ධයෙන් ලෝකය දැනුවත් කිරිමේ අරමුණින් හදවත් දිනය සමරනු ලැබේ.

    ලොව වැඩිම පිරිසකට මරණය ගෙන දෙන රෝගී තත්ත්වයක් ලෙස හදවත් රෝග සැලකිය හැකි අතර ලෝක හදවත් දිනය ප්‍රකාශයට පත් කිරීම මගින් බලාපොරොත්තු වන්නේ ඒ පිළිබද දැනුවත් කර එමගින් සිදුවිය හැකි මරණ අවම කර ගැනීමය.

    මෙවර හදවත් දිනයේ තේමාව වන්නේ ”සෑම හෘද ස්පන්දනයක්ම වැදගත්. කිසිම හෘද ස්පන්දනයකට අකාලේ මිය යන්න දෙන්න එපා” යන්න වේ.

    මේ අතර ලොව පුරා හෘද රෝග හේතුවෙන් සිදුවන මරණවලින් සියයට 80ක්ම වළක්වා ගත හැකි මරණ වීම කණගාටුවට කරුණක් බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් මහතා පවසයි.

    ලෝක හෘද දිනය වෙනුවෙන් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ ඊයේ (28) පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

    ලෝක හදවත් දිනයේ ප්‍රධාන අරමුණක් වන්නේ වළක්වා ගත හැකි හදවත් මරණ වළක්වා ගැනීම සඳහා එක්වී කටයුතු කිරීම බව වෛද්‍යවරයා එහිදී අවධාරණය කළේය.

    එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ සරල හා නිරෝගී දිවි පෙවෙතක් ගත කිරීම හරහා හෘද රෝග අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවය.

    ව්‍යායාම, යහපත් ආහාර රටාව, දුම්පානයෙන් වැළකී සිටීම සහ ආතතිය ඇතිවන ක්‍රියාවන්ගෙන් වැළකීම මෙන්ම නිතිපතා කරන සෞඛ්‍ය පරීක්ෂාවන් ද මේ සඳහා වැදගත් වන බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 202601 Views

    දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ගුණ සිහිකරමින් උත්සවාකාරයෙන් අද එය සමරනු…

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.