Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රටක් හැඬවූ ඇල්ල බස් රථ අනතුරේ වාර්තාව ඇමතිට භාරදෙයි
    Featured

    රටක් හැඬවූ ඇල්ල බස් රථ අනතුරේ වාර්තාව ඇමතිට භාරදෙයි

    By LFNSeptember 23, 2025No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇල්ල ප්‍රදේශයේ දී පුද්ගලයින් 16 දෙනෙකුට ජීවිත අහිමි කරමින් සිදුවු බිහිසුණු අනතුර සම්බන්ධ සම්පූර්ණ වාර්තාව අමාත්‍ය බිමල් රතනායක මහතා වෙත භාරදී තිබේ.

    ඊයේ (22) එම වාර්තාව නිල වශයෙන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේදී අමාත්‍යවරයා වෙත භාර දී ඇත.

    අනතුරට පත්වූ NB- 1673 යන බස් රථය එය ධාවනය කළ රියදුරු වන චිරාත් දිමන්ක යන තරුණයා විසින් පදවා ඇත්තේ ප්‍රථම වතාවට බවත් අධික බෑවුම් සහ වංගු සහිත අවධානම්කාරී මාර්ගයක, මාර්ගය හුරු නැති රියදුරෙකු ලෙස පිරිසක් රැගෙන බසය ධාවනය කිරීම අනතුරට හේතුව ලෙසත් අදාළ වාර්තාවේ සඳහන්ය.

    අදාළ බස් රථයේ අනන්‍යතාවය සැක සහිතද බවද අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහයන් වෙයි.

    අනතුරට මූලික නිරික්ෂණය ලෙස වාර්තාවේ සඳහන් ව ඇත්තේ, තිරිංග ඩ්‍රම්ස් ගලවා පරික්ෂා කිරීමේදී ඉදිරි දෙපස සහ පසු පස ඩ්‍රම්ස්වල පැහැය වෙනස්වී තිබීමෙන් ඒවා අධික ලෙස රත්ව තිබූ බවය.

    මේ අතර පිටුපස රෝදයේ තිරිංග පද්ධතියට ග්‍රීස් කාන්ඳුවක් තිබූ බව අදාළ වාර්තාවේ සඳහන්ය.

    අදාළ කමිටු වාර්තාවට අනුව අනතුරට ලක්වු බස් රථය නිසි ලෙස නඩත්තු කර නොමැති බවට අනාවරණය වී ඇති අතර තිරිංග පද්ධතියේ ද දෝෂ පැවති බව හඳුනාගෙන තිබේ.

    එමෙන්ම බස් රථයේ රියදුරු අදාළ ප්‍රදේශයේ මාර්ගය පිලිබඳව නිසි දැනුවත් භාවයකින් තොරව කටයුතු කර ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව වාර්තා වේ.

    ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව අසලදී තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ සාමාජිකයින් පිරිසක් විනෝද චාරිකාවක යමින් සිටි බස් රථයක් පසුගිය 04 වනදා රාත්‍රීයේ ප්‍රපාතයකට පෙරළිමෙන් අනතුරක් සිදුවිය.

    එම අනතුරින් පුද්ගලයින් 16 දෙනෙකු මියගිය අතර තවත් 16 දෙනෙකු තුවාල ලැබීය.

    මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් 05 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබීය.

    එම කමිටුව විසින් මෙම අනතුර සම්බන්ධයෙන් සිදුකළ දිර්ඝ පරීක්ෂා කිරීම්වලින් අනතුරුව එහි වාර්තාව සකස් කර ඇති බව කමිටුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.