Author: LFN

මෙරට චීන තානාපතිවරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ. පසුගියදා මෙම හමුව සිදුව තිබුණේ හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදීය. එහිදී වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරි දේශපාලන තත්ත්තවය පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වෙයි. චීන තානාපතිවරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට පෙර හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ද හමුවී ඇති බව සඳහන්ය. “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව තිබේ. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඊට අදාළ ලියකියවිලි ලැබීමෙන් පසු නිල…

Read More

GovPay හරහා සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවා ඩිජිටල් ගෙවීම් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පලාත බවට පත්ව තිබේ. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැවසුවේ GovPay හරහා රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව හා එක්වෙමින් දකුණු පළාත පුරා විහිදී ඇති සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මාර්ගගත ගෙවීම් පිළිගැන්වීම ඊයේ (15) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ආරම්භ වූ බවය. ඒ අනුව GovPay හරහා පළාතක් යටතේ එන සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඩිජිටල් ගෙවීම් මගින් සවිබල ගැන්වූ පළමු පළාත ලෙස දකුණු පළාත පත් වනු ඇත. මෙමගින් දකුණු පළාත පුරා විහිදී ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල 3කට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 53කට GovPay හා සම්බන්ධ…

Read More

චීන-අමෙරිකා ආර්ථික හා වෙළෙඳ කටයුතු පිළිබඳ ස්පාඤ්ඤ සාකච්ඡාවල දී එකඟතා රැසකට එළැඹ තිබේ. චීන-අමෙරිකා ආර්ථික හා වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර දී ඇරඹි නවතම සාකච්ඡා වටයේ හමුවට චීන පාර්ශ්වයේ ප්‍රධානී, උප අග්‍රාමාත්‍ය He Lifeng මහතා, අමෙරිකා පාර්ශ්වයේ ප්‍රධානී භාණ්ඩාගාර ලේකම් Scott Bessent මහතා සහ වෙළෙඳ නියෝජිත Jamieson Greer මහතා එක් වූහ. පසුගිය 14 වනදා සිට ඊයේ (15) වනදා දක්වා පැවති එම සාකච්ඡාවේදී දෙරටේ නායකයන්ගේ එකඟතාව මත දෙපාර්ශ්වයේ අවධානයට ලක්වූ ආර්ථික හා වෙළඳ ගැටලු පිළිබඳ අවංක, ගැඹුරු මෙන්ම අර්ථවත් පිළිසඳරක් පැවැත්විණි. ඒ අනුව TikTok සම්බන්ධ ප්‍රශ්න මනා ලෙස විසඳීම, ආයෝජන බාධා අඩු කිරීම, ආර්ථික හා වෙළෙඳ සහයෝගිතා ප්‍රවර්ධනය යනාදිය පිළිබඳව…

Read More

රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීම රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක් හඳුන්වා දී තිබේ. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර නව මාවතකට යොමු කිරීම වත්මන් රජයේ අරමුණ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ආචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සන හඳුනාදීමේ අවස්ථාවට ඊයේ (15) එක්වෙමිනි. ජනතාව අපේක්ෂා කරන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම තම අරමුණු බවත් ග්‍රාම නිලධාරිවරයා දක්වා මෙම නව තාක්ෂණය ගෙන යා යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. රාජකාරී කටයුතු පහසුව සහ කාර්යක්ෂමව කිරීම සඳහා 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු…

Read More

පොලිස් සේවය ස්වාධීන, කාර්යක්ෂම, මිත්‍රශීලී හා මහජනයාට සමීප සේවාවක් බවට පත්කිරීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. කොළඹ ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ පැවති ශ්‍රී ලංකා පොලීසියේ 84 වැනි පොලිස් අන්තර් මළල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අමතමින් ඇය මේ බව සඳහන් කළාය. 84 වැනි පොලිස් අන්තර් මළල ක්‍රීඩා උළෙලේ දක්ෂතම මළල ක්‍රීඩිකාව ලෙස අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ සචිත්‍රා ජයකාන්තන්, දක්ෂතම මළල ක්‍රීඩකයින් වන ටී.ජී.එස්. විජේතුංග, ඒ.එම්.එන්. පෙරේරා, පො.ප. හේමන්ත යන ක්‍රීඩකයින් වෙතත්, සමස්ථ අනුශුරතාව වෙනුවෙන් අගමැති අභියෝගතා පලිහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවත්, සමස්ථ ශුරතාව වන ජනාධිපති අභියෝගතා පලිහ පොලිස් විශේෂ කාර්ය බලකාය වෙතත් පිරිනැමීම අග්‍රාමාත්‍යතුමිය අතින් සිදු විය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්…

Read More

කෙහෙල්බද්දර පද්මේ හා කුඩු නිලංග මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළැයි සැකකෙරෙන තවත් නිවසක් හම්බන්තොට මයුරපුර ප්‍රදේශයෙන් සොයා ගැනීමට කළුතර දිසා අපරාධ කොට්ඨාසය සමත් වී තිබේ. මෙම නිවස පිළිබඳ අනාවරණය වී ඇත්තේ කුඩු නිලංගගේ සමීපතමයෙකු වන ඇඹිලිපිටිය සුරංග නැමැත්තා කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවට පත්වීමෙන් පසු කළ හෙළිදරව්වකට අනුවය. වැල්ලවාය කිරියගොල්ල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි සම්පත් බණ්ඩාර නම් අයෙකු පිළිබඳ ඔහු හෙළිකර තිබූ අතර පානදුර අරුක්ගොඩදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැකකෙරෙන මයුරපුර නිවස පිළිබඳ සැකකරු හෙළිකර ඇති අතර එහි අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන අවස්ථාවේ තමන් එහි රැඳී සිටි බවත් සැකකරු පොලීසියට…

Read More

බන්ධනාගාරගත වන පුද්ගයින් සංඛ්‍යාව අඩු කිරීම අරමුණ විය යුතු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පැවැති 27 වැනි සිරකරු දින උත්සවයට එක්වෙමිනි. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ බන්ධනාගාරගත වන සිරකරුවන් වෙනුවෙන් සිරකරු සුභ සාධක සංගමය විසින් ලබා දෙන සේවය ප්‍රශංසනීය වන බවය. එමෙන්ම මේ වන විට බන්ධනාගාර තුළ සිරකරුවන්ගේ විශාල තදබදයක් පවතින බවත් එම තදබදය අඩු කරමින් අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ වගකීමක් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එහිදී බන්ධනාගාරගත වන පුද්ගලයින් සංඛ්‍යාව අවම කිරීමත් බන්ධනාගාරගත වන සියලු දෙනාගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදී පහසුකම් ඇති කිරීමත් අතිශයින් වැදගත්…

Read More

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක අවස්ථාව මේ වන විට ආරම්භ වී තිබේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. 1964 වසරේ ඉදිකර ඇති පිටකොටුව බස්නැවතුම්පොළ මෙලෙස ප්‍රතිසංස්කරණයට ලක්වනුයේ අවුරුදු 60කට පසු වීම විශේෂත්වයකි. මේ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 424ක් වේ. අදාළ නවීකරණය යටතේ බස් නැවතුම්පොළට නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් ස්ථාපිත කිරීමට නියමිතය.

Read More

දිවයිනේ ස්ථාන දෙකකදී පුරා වස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු සිදුකළ පුද්ගලයින් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල සහ බණ්ඩාරදූව යන ප්‍රදේශවල කැණීම් කටයුතු සිදු කළ පුද්ගලයින් පිරිසකි. ඒ අනුව ඊයේ (14) සවස් කාලයේදී ගලේවෙල පොලිස් වසමේ මාදිපොල ප්‍රදේශයේදී ගලේවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරුක් මත සිදුකළ වැටලීමකදි පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු කරමින් සිටි සැකකරුවන් 07 ගලේවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සමගම ඔවුන් විසින් කැණීම් කටයුතු සඳහා යොදා ගන්නා ලද උපකරණ සහ පූජා භාණ්ඩ කිහිපයක්ද පොලිස් භාරයට ගැනීමටද කටයුතු කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28-58ත් අතර වයස්වල පසුවන මාදිලිපොල, වැලිකන්ද, මිල්ලවාන,…

Read More

මෙම වසරේදී මේ දක්වා සහල් සම්බන්ධ මුළු වැටලීම් ප්‍රමාණය 3,000කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරිය පැවසුවේ වැඩි මිලට සහල් අලෙවි කිරීම, සහල් තොග සඟවා තැබීම, පාරිභෝජනයට නුසුදුසු සහල් අලෙවි කිරීම් ඇතුළු සහල් සම්බන්ධ විවිධ ප්‍රමාණයේ වැටලීම් 3,000ක් මේ වන විට සිදුකර ඇති බවය. එමෙන්ම වැඩි මිලට සහල් විකිණීම් සම්බන්ධ වැටලීම් දහසකට අධික ප්‍රමාණයක් සිදුකර ඇති බවද පැවසූ එම අධිකාරිය පැවසුවේ ඒ මගින් පුද්ගලයින් 900කට අධික ප්‍රමාණයකට අධිකරණය හමුවේ නඩු පැවරීමටද කටයුතු කළ බවය. පාරිභෝගික අධිකාරිය පැවසුවේ සහල් අලෙවියේදී වැඩි මිලට අලෙවි කරන තනි පුද්ගල ව්‍යාපාරිකයෙකුට එරෙහිව නඩු පැවරීමේදී ඔහු වරදකරු වුවහොත් රුපියල් ලක්ෂයේ සිට…

Read More