Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පොලීසියේ ස්වාධීනත්වයට රජය බාධා නොකරන බව අගමැතිනිය කියයි
    Local News

    පොලීසියේ ස්වාධීනත්වයට රජය බාධා නොකරන බව අගමැතිනිය කියයි

    By LFNSeptember 15, 2025No Comments2 Mins Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලිස් සේවය ස්වාධීන, කාර්යක්ෂම, මිත්‍රශීලී හා මහජනයාට සමීප සේවාවක් බවට පත්කිරීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

    කොළඹ ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ පැවති ශ්‍රී ලංකා පොලීසියේ 84 වැනි පොලිස් අන්තර් මළල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අමතමින් ඇය මේ බව සඳහන් කළාය.

    84 වැනි පොලිස් අන්තර් මළල ක්‍රීඩා උළෙලේ දක්ෂතම මළල ක්‍රීඩිකාව ලෙස අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ සචිත්‍රා ජයකාන්තන්, දක්ෂතම මළල ක්‍රීඩකයින් වන ටී.ජී.එස්. විජේතුංග, ඒ.එම්.එන්. පෙරේරා, පො.ප. හේමන්ත යන ක්‍රීඩකයින් වෙතත්, සමස්ථ අනුශුරතාව වෙනුවෙන් අගමැති අභියෝගතා පලිහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවත්, සමස්ථ ශුරතාව වන ජනාධිපති අභියෝගතා පලිහ පොලිස් විශේෂ කාර්ය බලකාය වෙතත් පිරිනැමීම අග්‍රාමාත්‍යතුමිය අතින් සිදු විය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය,

    ”ක්‍රීඩාව, සහභාගිත්වය සහ ජයග්‍රහණය සඳහා පමණක් නෙමෙයි, නිරෝගීමත් විනයගරුක සහ බුද්ධිමත් ජන සමාජයක් නිර්මාණය කර ගැනීමට අතිශය වැදගත්. ජයග්‍රහණය, කීර්තිය සහ අභිමානය ගේනවා වගේම සහභාගීත්වය විසින් නිරෝගී ජාතියක් බිහිකරමින් විනයගරුක, ශක්තිමත් පෞරුෂයක් සහ උසස් මනෝ භාවයක් ඇති මිනිසුන් නිර්මාණය කරනවා. මහජනතාව සමග කටයුතු කරන පොලිස් සේවයට විනය, පෞරුෂය වගේම යහපත් මනෝභාවයක් පැවතීම ඉතාම වැදගත්. ඒනිසා පොලිස් අන්තර් මළල ක්‍රීඩා උළෙල ජාතික තලයේ ක්‍රීඩකයින් බිහි කිරීමට වගේම ඔබේ වෘත්තීය ගෞරවය වර්ධනය කරගැනීමටත්, වෘත්තීය වටිනාකම වර්ධනයටත් බලපාන බව මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව වැනි සිහින බිඳ වැටී තිබුණ රටක ක්‍රීඩාවෙන් ලබා ගත හැකි බොහෝ දේ පැවතියත් ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව සිටින්නේ ඉතා පසුපසින් බව මම මතක් කරන්න අවශ්‍යයි.

    අතීතයේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව සැලකිය යුතු මට්ටමක පැවතුණා. නමුත් මෑත ඉතිහාසයේ ක්‍රිකට් ක්‍රීඩාව යම් පසුබෑමකට ලක්වී තිබෙනවා. ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ජාතියට කීර්තියක් හා අභිමානයක් ගෙන ඒමට සමත් ඒ වගේම නිරෝගී හා විනය ගරුක පුරවැසි ප්‍රජාවක් නිර්මාණය කිරීමට සමත් ක්‍රීඩා හා ශාරීරික සුවතා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම අපේ රජයේ අරමුණක්. පොලිස් සේවාව පිලිබඳ යම් අදහසක් පැවසීමටත් මම මෙය අවස්ථාවක් කර ගන්න කැමතියි. රටේ නීතිය සහ සාමය පවත්වා ගෙන යාමේදී මහජනතාවට වඩාත් සමීප ආයතනය ලෙස පොලීසිය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්ම වන ආකාරය සමාජයට පිළිඹිඹු වන වැදගත්ම සාධකයක් වන්නේ පොලිසියේ ස්වාධීන හා කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය. නමුත් ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳව ඇති පොදු මහජන මතය වන්නේ දේශපාලන හෝ වෙනත් සමාජ සම්බන්ධතාවයක් හෝ මුල්‍ය ප්‍රදානයක් නොමැතිව සේවය ලබා ගැනීමට නොහැකි ආයතනයක් ලෙසයි. ඒ මතය වෙනස් කර ගන්න ඔබේ විනය, නීතිගරුක බව සහ සාධාරණ ලෙස රාජකාරි සිදු කිරීම ඉතා වැදගත්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.