Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 මෙතෙක් ලැබූ බදු ආදායම රුපියල් ට්‍රිලියනය පනී

    May 21, 2026

    අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට

    May 21, 2026

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»චීන-අමෙරිකා වෙළෙඳ සාකච්ඡාවල දී එකඟතා රැසක්
    International

    චීන-අමෙරිකා වෙළෙඳ සාකච්ඡාවල දී එකඟතා රැසක්

    By LFNSeptember 16, 2025Updated:September 16, 2025No Comments2 Mins Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චීන-අමෙරිකා ආර්ථික හා වෙළෙඳ කටයුතු පිළිබඳ ස්පාඤ්ඤ සාකච්ඡාවල දී එකඟතා රැසකට එළැඹ තිබේ.

    චීන-අමෙරිකා ආර්ථික හා වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර දී ඇරඹි නවතම සාකච්ඡා වටයේ හමුවට චීන පාර්ශ්වයේ ප්‍රධානී, උප අග්‍රාමාත්‍ය He Lifeng මහතා, අමෙරිකා පාර්ශ්වයේ ප්‍රධානී භාණ්ඩාගාර ලේකම් Scott Bessent මහතා සහ වෙළෙඳ නියෝජිත Jamieson Greer මහතා එක් වූහ.

    පසුගිය 14 වනදා සිට ඊයේ (15) වනදා දක්වා පැවති එම සාකච්ඡාවේදී දෙරටේ නායකයන්ගේ එකඟතාව මත දෙපාර්ශ්වයේ අවධානයට ලක්වූ ආර්ථික හා වෙළඳ ගැටලු පිළිබඳ අවංක, ගැඹුරු මෙන්ම අර්ථවත් පිළිසඳරක් පැවැත්විණි.

    ඒ අනුව TikTok සම්බන්ධ ප්‍රශ්න මනා ලෙස විසඳීම, ආයෝජන බාධා අඩු කිරීම, ආර්ථික හා වෙළෙඳ සහයෝගිතා ප්‍රවර්ධනය යනාදිය පිළිබඳව දෙපාර්ශ්වය එහිදී එකඟතාවකට පැමිණ ඇත.

    TikTok සම්බන්ධ ගැටලුව පිළිබඳව චීන වාණිජ අමාත්‍යංශයේ ජාත්‍යන්තර වෙළෙඳ සාකච්ඡාවේ නියෝජිත උප ඇමති Li Chenggang මහතා ඊයේ රාත්‍රියේ පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ විද්‍යා හා තාක්ෂණික ගැටලු, ආර්ථික සහ වෙළෙඳ ගැටලු හා සම්බන්ධ දේශපාලනීකරණයට හා අවිකරණයට ද චීනය විරුද්ධ වන බවයි.

    එමෙන්ම මෙම ගැටලු නිරාකරණයට අදාළ ගිවිසුම්ගත වීමක් වෙනුවෙන් මූලධර්ම‍ සහ සමාගම්වල ප්‍රතිලාභ මෙන්ම ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය අත්හැරීමට චීනය කිසි විටෙක සූදානම් නොමැති බව ද හෙතෙම කියා සිටියේය.

    චීන ජාතික අන්තර්ජාල තොරතුරු කාර්යා‍ලයේ උප අධ්‍යක්ෂ Wang Jingtao මහතා ද එම මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසුවේ සාමගම්වල කැමැත්ත හා වෙළෙඳපොළෙහි මූලධර්මයන්ට ගරු කිරීම මත TikTok හි අමෙරිකා පරිශීලක දත්ත සහ අන්තර්ගත ආරක්ෂණ ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්වය භාර දීම සහ ඇල්ගොරිදම වැනි බුද්ධිමය දේපළ අයිතිවාසිකම් භාවිතයට අවසර දීම ඇතුළු ක්‍රම මඟින් TikTok ගැටලුව විසඳීම සඳහා චීනයත් අමෙරිකාවත් මූලික එකඟතාවයකට පැමිණ ඇති බවය.

    මේ අතර, දෙරටේ නායකයන්ගේ එකඟතාව හා පෙර පැවති සාකච්ඡාවන් හි ප්‍රතිඵල අඛණ්ඩව ක්‍රියාවට නංවමින් ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්‍රණය ඔස්සේ මතභේද විසඳා සහයෝගිතා ශක්තිමත් කිරීමට ද දෙපාර්ශ්වය මෙහිදී එකඟත්වය පළ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    කියුබානු හිටපු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝට අමෙරිකාවෙන් මිනිමැරුම් චෝදනා

    May 21, 2026

    ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    2026 මෙතෙක් ලැබූ බදු ආදායම රුපියල් ට්‍රිලියනය පනී

    May 21, 202600 Views

    2026 මැයි 18 වන දින වන විට රුපියල් ට්‍රිලියනයකට අධික බදු ආදායමක් රැස් කර ඇති…

    අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට

    May 21, 2026

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.