Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»සැබෑ සාමය සාක්ෂාත් කරගත හැක්කේ ගැටුම් අවසන්කිරීමෙන් පමණක් නොවෙයි – ආරක්‍ෂක ලේකම්
    Hot News

    සැබෑ සාමය සාක්ෂාත් කරගත හැක්කේ ගැටුම් අවසන්කිරීමෙන් පමණක් නොවෙයි – ආරක්‍ෂක ලේකම්

    By LFNSeptember 21, 2025No Comments2 Mins Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සැබෑ සාමය සාක්ෂාත් කරගත හැකි වනුයේ ගැටුම් අවසන්කිරීමෙන් පමණක් නොවන බවත්, ඵලදායි සංවාද, අන්‍යොන්‍ය අවබෝධය සහ නිර්මාණාත්මක ප්‍රවේශයන් ඔස්සේ ලබා ගන්නා සම්බන්ධතා තුළින් බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තෙයියකොන්තා (විශ්‍රාමික) මහතා පවසයි.

    “සියලු ජාතීන්ගේ නීත්‍යානුකූල හා අනන්‍ය වූ ආරක්‍ෂක අපේක්‍ෂාවන්ට ගරු කරමින් සාකච්ඡා මාර්ගයෙන් මතභේද විසඳා ගත යුතුය” යනුවෙන් චීන ජනාධිපති Xi Jinping මහතා විසින් සිදුකළ ප්‍රකාශය උපුටා දැක්වමින් ආරක්‍ෂක ලේකම්වරයා මේ බව පැහැදිලි කළේ සැප්තැම්බර් 17 දින සිට 19 දින දක්වා චීනයේ බීජිං ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වූ 12 වැනි Beijing Xiangshan සමුළුව අමතමිනි.

    තවද, මෙම උසස් රාජ්‍යතාන්ත්‍රික ආරක්‍ෂක සංවාදයට ශ්‍රී ලංකාවට ඇරයුම් කිරීම සම්බන්ධයෙන් චීන රජයට සිය කෘතඥතාව පළකල ආරක්‍ෂක ලේකම්වරයා, විශේෂයෙන් ආසියා-පැසිෆික් කලාපයේ සහ ඉන් ඔබ්බට සාමය සහ සංවාදය පෝෂණය කිරීම සඳහා මෙම සමුළුව වැදගත් වේදිකාවක් සපයන බව ද ප්‍රකාශ කළේය.

    එමෙන්ම, ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම ඉස්මතු කල ආරක්‍ෂක ලේකම්වරයා, ඉන්දියානු සාගර කලාපීය වඩාත් සාමකාමී, සහයෝගීතාවයෙන් යුතු, විවෘත සහ ගැටුම්වලින් තොර කලාපයක් ලෙස පවත්වා ගැනීම සහතික කිරීමට ශ්‍රී ලංකාවේ දිගුකාලීන කැපවීම පිළිබඳව ද යලිත් අවධාරණය කළේය.

    ආසියානු කලාපයේ රටවල් හා බටහිර රටවල් අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් ඇතිකිරීමටත්, ආර්ථිකමය සහ සංස්කෘතිකමය සංවාදය සඳහා අවශ්‍ය පහසුකම් සපයමින් සාමය සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා වේදිකාවක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සූදානම්ව සිටින බව ද, ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

    වසර හැත්තෑවකට අධික කාලයක් පුරාවට විශ්වාසය, අන්‍යොන්‍ය ගෞරවය සහ හවුල්කාරිත්වය මත ශ්‍රී ලංකාව සහ චීනය අතර ගොඩනැගුණු දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව ද ආරක්‍ෂක ලේකම්වරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය. එමෙන්ම, ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය සහ ස්ථාවරත්වය ආරක්‍ෂා කිරීම සඳහා චීන රජය විසින් ලබා දුන් අඛණ්ඩ සහයෝගය මෙන්ම විශේෂයෙන්ම හමුදා පුහුණු වැඩසටහන් සහ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීන රජය ලබා දුන් දායකත්වය ද ආරක්‍ෂක ලේකම්වරයාගේ පැසසුමට ලක්විය.

    සම්පූර්ණ නිවේදනය පහතින්,

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.