Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්
    Featured

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    By LFNSeptember 12, 2025No Comments3 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට තුළ ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව ඉදිරි ආර්ථික වර්ධන ඉලක්ක සපුරාගැනීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය ඇත.

    ඇගලුම් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමග 2026 පූර්ව අයවැය සාකච්ඡාවකට ඊයේ (11) පස්වරුවේ එක් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

    එහිදී කර්මාන්තකරුවන්ට සහ ආයෝජකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමට රජය නොපැකිළව කටයුතු කරන බවට ජනාධිපතිවරයා සහතික වී ඇත.

    මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනය

    මේ වන විට රට තුළ ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව ඉදිරි ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම රජයේ අරමුණ බවත්, එහිදී කර්මාන්තකරුවන්ට සහ ආයෝජකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමට රජය නොපැකිළව කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඇගලුම් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවකට ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

    මෙහිදී දැනට පවතින කර්මාන්ත වෙනුවෙන් පහසුකම් සැපයීම තුළින් පළමු වටයේදී අපේක්ෂිත වර්ධන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා ප්‍රවේශයක් ලබාගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එහිදී සෑම රුපියලක්ම වඩා ප්‍රතිඵලදායී ආයෝජන වෙනුවෙන් යෙදවීම රජයේ ප්‍රතිපත්තිය බවද පැවසීය.

    මෙහිදී ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (Joint Apparel Association Forum), නිදහස් වෙළෙඳ කලාප නිෂ්පාදකයන්ගේ සංගමය (FTZMA) ඇතුළු ඇඟලුම් ක්ෂේත්‍රයේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ නියෝජිතයෝ එක් එක් ක්ෂේත්‍රයන්ට අදාළව අයවැය යෝජනා ඉදිරිපත් කළහ.

    නිෂ්පාදන පිරිවැය ඉහළ යාම ඇතුළු ඇඟලුම් ක්ෂේත්‍රයේ නව අභියෝග සහ අවස්ථා පිළිබඳවද පාර්ශ්වකරුවන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලද අතර, සියලු ක්ෂේත්‍ර සඳහා බදු සහන හිමි විය යුතු බව රජය පිළිගන්නා බවත්, රජයේ ආදායම් තත්ත්වයට සාපේක්ෂව රටේ ආර්ථිකයද ආරක්ෂා කර ගනිමින් ඉදිරියේදී එම සහන ලබා දීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

    ඇමෙරිකා එක්සත් ජනපදය “අන්‍යෝන්‍ය තීරුබදු” ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට පනවා තිබූ තීරුබදු ප්‍රතිශතය අඩු කර ගැනීමට රජය සිදු කළ මැදිහත්වීම මෙහිදී අගය කළ කර්මාන්තකරුවෝ, ඒ පිළිබඳ ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළ අතර, ඉදිරියේදී තවදුරටත් සහන ලබා ගැනීමට මැදිහත් වන ලෙසද ඉල්ලා සිටියහ.

    එමෙන්ම, ඇඟලුම් ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, ලෝක වෙළෙඳපොළ තුළ මේ වන විට ශ්‍රී ලංකාවට ඇති නව අවස්ථා ඵලදායී ලෙස යොදා ගැනීමට සහ අභියෝගයන්ට මුහුණ දීමට ගත හැකි පියවර පිළිබඳවද සාකච්ඡා කෙරිණි. මෙම කරුණු පිළිබඳව ඉදිරි විදේශ නිල සංචාරවලදී අවධානය යොමු කරන ලෙසද පැමිණ සිටි නියෝජිතයෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

    මේ වන විටත් රජයේ අවධානය යොමුව තිබෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් වූ සංවර්ධන බැංකුවක අවශ්‍යතාව මෙහිදී පැමිණ සිටි නියෝජිතයන් විසින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරිණි.

    ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අයුරින්ම මාර්ගගත ක්‍රමවේද සංවර්ධනය සහ SVAT, Standard VAT දක්වා පරිවර්තනය කිරීම ඇතුළු රජයේ ඩිජිටල්කරණ ප්‍රවේශය පිළිබඳවද මෙහිදී කර්මාන්තකරුවන් ස්තූතිය පළ කළ අතර, එකී ප්‍රවේශ පහසුකම් තවදුරටත් සංවර්ධනය කරන ලෙසද ඔවුහු යෝජනා කළහ.

    මේ වන විට නිෂ්පාදනවලින් 55%ක් අගය එකතු කරන ලද නිෂ්පාදන බවත්, එය ඉදිරියේදී තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් මෙහිදී ප්‍රකාශ කළ කර්මාන්තකරුවෝ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමට රජය කටයුතු කරනු ඇති බවටද විශ්වාසය පළ කළහ.

    ක්ෂේත්‍රයේ දිගුකාලීන අත්දැකීම් මත පදනම් රටේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා එම සියලු යෝජනා පිළිබඳ අධ්‍යයනය කර, රජය පාර්ශ්වයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග සහ ඒ වෙනුවෙන් කළ යුතු ඉදිරි සාකච්ඡා පිළිබඳ සැලැස්මක් සකස් කරන ලෙසද මුදල් අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපෝන්සු, කපිල ජනක බණ්ඩාර, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්වරුද, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහූ සහ ඇගලුම් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.