Close Menu
Lanka Focus News
    What's Hot

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මිද්දෙණියේ ඉඩමෙන් පොලිස් නිලධාරීන් රාජකාරි සඳහා භාවිතා කරන උපාංග හමුවෙයි
    Featured

    මිද්දෙණියේ ඉඩමෙන් පොලිස් නිලධාරීන් රාජකාරි සඳහා භාවිතා කරන උපාංග හමුවෙයි

    By LFNSeptember 9, 2025No Comments2 Mins Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගෙන්වූ රසායන ද්‍රව්‍ය සොයාගත් මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමෙන් පොලිස් නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරි සඳහා භාවිතා කරන උපාංග හමුවූ බව පොලීසිය පවසයි.

    මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (08) එම ඉඩමේ සිදුකළ සෝදිසිකිරීම් සහ කැණීම් මගින් වළදමා තිබූ මෙම උපාංග හමුව තිබුණි.

    එහිදී පොලිස් ක්‍රීඩා ඇදුම්, පොලිස් නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරි සඳහා භාවිතා කරන උපාංග සහ පොලිස් නිල අදුමට සමාන රෙදි පීළි ‌ආයිත්තම් හමුවී වු බව පොලීසිය පවසයි.

    මිද්දෙණිය‌ පොලිස් ස්ථානය මෙම හමුවූ දෑ පොලිස් ස්ථානය භාරයට ගෙන ඇති අතර ඒ් සම්බන්ධ වැඩිදුර විමර්ශන ආරම්භකිරීමට නියමිතය.

    ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන අගෝස්තු 30 වන දින මෙරටට ගෙනා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් ලෙස හඳුනාගත් සැකකරුවන් පස්දෙනා සම්බන්ධව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන විමර්ශන මගින් අයිස් මත්ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනය කිරීම සඳහා ආනයනය කරන ලද රසායනික අමුද්‍රව්‍ය තොගයක් වලදමා තිබෙන මිද්දෙණිය තලාව දකුණ ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධව අනාවරණය විය.

    එම ඉඩමේ එවැනි රසායනද්‍රව්‍ය තොගයක් තිබී සොයාගෙන පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය.

    ඒ අතරතුර සෝදිසි කිරීම් සිදුකළ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් එම ඉඩමේ තිබී ජීව අත්බෝම්බ 5ක්, T- 56 අවියට යොදන ජීව පතරොම් 17ක්, බෝර12 වර්ගයේ ජීව පතරොම් 2ක් සහ හිස් පතරොම් කොපුවක් 2025.09.06 වන දින සොයාගෙන තිබුණි.

    මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 2025.09.08 වන ඊයේ දින එම ඉඩමේ සිදුකළ සෝදිසිකිරීම් සහ කැණීම් මගින් වළදමා තිබූ පොලිස් ක්‍රීඩා ඇදුම්, පොලිස් නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරි සඳහා භාවිතා කරන උපාංග සහ පොලිස් නිල අදුමට සමාන රෙදි පීළි ‌ආයිත්තම් හමුවී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 202602 Views

    දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ගුණ සිහිකරමින් උත්සවාකාරයෙන් අද එය සමරනු…

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.