Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් 30ක් රෝහලට
    Featured

    විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් 30ක් රෝහලට

    By LFNSeptember 2, 2025No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජල සම්පාදන මණ්ඩලයට අයත් පුස්සැල්ලාව, ඩෙල්ටා වත්ත ජල පවිත්‍රාගාරයේ හටගත් විෂ වායුවක් ආඝ්‍රාණය වීම හේතුවෙන් රෝගී වූ 30 ගම්පොළ ශික්ෂණ රෝහලට හා පුස්සැල්ලාව වහුගපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

    එම පවිත්‍රාගාරයේ ක්ලෝරින් නළ පද්ධතියෙන් මෙම වායුව කාන්දු වී පරිසරයට නිකුත්ව ඇති බව හෙළි වී තිබේ.

    මේ අවස්ථාවේ එම වත්තේ සේවය කරමින් සිටි කම්කරුවන්ට මෙම විෂ වායුව ආඝ්‍රාණය වී ඇති අතර ඉන් කිහිපදෙනෙකුම බිම වැටී සිටියදී රෝහල් ගත කළ බව එහි සේවකයෝ පවසති.

    ජල පවිත්‍රාගාරයේ අසල ඇති තේ වත්තේ තේ පඳුරු දහසක් පමණ ද මෙම වායුව වැදීම සමග මැලවී ගොස් ඇති අතර ටැංකිය අසල වැඩ කරමින් සිටි වතු සේවක පිරිසකට මෙම වායුව දැඩිව ආඝ්‍රාණය වීමෙන් රෝගී වී තිබේ.

    රෝහලට ඇතුළත් කළ පිරිස අතර වතු පරීක්ෂකවරයෙක් ද සිටින අතර ජල සම්පාදන මණ්ඩලයේ සේවකයෙකුද වේ.

    මෙම සිදුවීම සමග ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරින් එම ස්ථානයට පැමිණ අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කළ අතර වතු නිලධාරීන්ද මේ සේවක පිරිසට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරනු ලැබීය.

    මෙම ජල සම්පාදන ක්‍රමයෙන් පුස්සල්ලාව හා පාරදෙක නගරවලට මෙන්ම අවට ප්‍රදේශවලටද ජලය සැපයීම සිදුකෙරේ.

    මේ පිළිබඳව විමසීමේ දී ජල සම්පාදන මණ්ඩලයේ ගම්පොළ වැඩ බලන නිලධාරී ඒ. ඒම්. ප්‍රේමතුංග මහතා ප්‍රකාශ කළේ, මෙම ජල පිරිපහදුවේ ක්ලෝරින් නළයක කාන්දුවක් හදිසියේ ඇතිව තිබීම නිසා එය පරිසරයට විවෘත වුවත් එහි සේවකයෙක් ගෑස් ආවරණ මුහුණට දමා ගත් විගසින් එම කාන්දුව වසා දැමීමට පියවර ගෙන ඇති බවය.

    ජල ටැංකිය අසල දළු කිරමින් සිටි සේවකයන් පිරිසකට මෙම වායුව ආග්‍රහණය වීම නිසා මෙසේ රෝගී වී ඇති බවද ඔහු පැවසීය.ක්ලෝරින් අඩංගු ගෑස් ටැංකිය තුළ සුළු ගෑස් ප්‍රමාණයක් තිබීම නිසා හානිය අවම වී ඇති බවද ඉදිරියේදී මෙහි ආරක්ෂාව තවත් තර කරන බවද ඔහු සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.