Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උතුරට ගිය ජනපතිගෙන් පොරොන්දු රැසක් – කච්චතිව් ගැනත් කියයි
    Featured

    උතුරට ගිය ජනපතිගෙන් පොරොන්දු රැසක් – කච්චතිව් ගැනත් කියයි

    By LFNSeptember 1, 2025No Comments3 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තවදුරටත් රට තුළ යුද අනතුරක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට අද (01) පෙරවරුවේ එක්වෙමිනි.

    මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර සංකේතාත්මකව ආරම්භ කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

    මේ යටතේ උතුරු පළාතේ ධීවර ප්‍රජාවට මෙන්ම, නැගෙනහිර සහ දකුණු පළාත්වල සිට පැමිණෙන ධීවර බෝට්ටු සඳහාද ජලය, විදුලිය, ඉන්ධන ආදී අත්‍යවශ්‍ය පහසුකම්, ශීතාගාර පහසුකම්, දැල් සැකසීමේ මධ්‍යස්ථාන පහසුකම්, වෙන්දේසි ශාලා පහසුකම් සහ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන පහසුකම්ද සලසා දීමට සැලසුම් කර තිබේ. මේ සඳහා රජය මේ වසරේ වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 298කි.

    රට තුළ බෙදී සිටිය ජනතාව එකතු කිරීමට උතුරේ ජනතාව පසුගිය මහ මැතිවරණයේ දී තීරණාත්මක සාධකයක් වූ බවත්, එම එකතුවීම අනාගතයේ තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් පැවසු ජනාධිපතිවරයා දරුවන් කිසිදාක නොබෙදී සිටිය යුතු බව ද මෙහිදී අවධාරණය කළේය.

    උතුර, දකුණ, නැගෙනහිර ලෙස බෙදීමකින් තොරව රට තුළ ප්‍රශ්න විසඳීම ආණ්ඩුවක් ලෙස තමා විශාල වෙහෙසක් දරන බව ද සඳහන් කර සිටි ජනාධිපතිවරයා උතුරේ ජනතාව මුහුණදෙන ආර්ථික ගැටලු පිළිබඳ වැඩි අවදානයක් යොමු කර ඇතැයි ද පැවසීය.

    පැවති රජයන් යුද්ධය අපේක්ෂාවෙන් වැඩ කළද, වත්මන් රජය කටයුතු කරන්නේ නැවත මේ රටේ කිසිදු ආකාරයේ යුද්ධයක් ඇති නොවන අන්දමින්, රට තුළ සාමය සහ සමගිය ගොඩනැගීමට බව පැවසූ ජනාධිපතිවරයා පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ සඳහා පවරා ගත් උතුරේ නිදහස් කළ හැකි සෑම ඉඩමක්ම යළි ජනතාව වෙනුවෙන් නිදහස් කරන බවද ප්‍රකාශ කළේය.

    රට වටා ඇති මහ මුහුද, දූපත් මෙන්ම ගොඩබිමද ජනතාව වෙනුවෙන් ආරක්ෂා කර දීමට රජය කැප වී සිටින බවත්, ඊට කිසිදු ආකාරයේ බලපැමක් එල්ල වීමට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

    වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

    “යුද්ධයක් එකි කියලා විනාශකාරී හැඟීමකින් අපි ඒ ඉඩම් තබා ගත යුතු නෑ. අපේ ආණ්ඩුව වැඩකරන්නේ යුද්ධය එන එක නවත්වන්න. සමහර ආණ්ඩු සැලසුම් කළේ යුද්ධය එනවා කියලා හිතලා ඉඩම් තියාගෙන ඉන්න. ඒ නිසා නිදහස් කළ හැකි සෑම පාරක්ම, නිදහස් කළ හැකි සෑම ඉඩමක්ම අපි ජනතාවට ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම උතුරේ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය තමා ධීවර රස්සාව . ඒ ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ වගකීමක්. ඒ අනුව තමා මේ ධීවර වරායේ තුන්වන අදියර සංවර්ධනය කිරීමට අපි සැලසුම් කළේ. ඒ ජනතාව අවශ්‍ය ආපන්න සහනාධාර මිලකට ලබාදෙන්න කටයුතු කරනවා. ධීවර ජනතාව මුහුණදී සිටින ආක්‍රමණිකයින්ගෙන් මුදවා ගන්නත් අවධානය යොමු කරනවා.”

    මෙහිදී කච්චතිව් දූපත පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙලෙස අදහස් දැක්වීය.

    “විශේෂයෙන්ම අපේ ධීවර ජනතාවට වැදගත් තැනක් තමා කච්චතිව් දූපත. අද විශාල සංවාදයක් කච්චතිව් දූපත කේන්ද්‍ර කරගෙන ගොඩ නැගී තිබෙනවා. මම හවසට එතැනට ගිහින් ඒ ධීවරයින් හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ භූමිය දුපතක් ද ? මහ මුහුද ද? අහස ද? ගොඩබිමද? ආරක්ෂා කිරීම මතු පරපුරට ආරක්ෂා කර ලබාදීම අපේ වගකීම. එය ඉටු කිරීමට අපි බැඳී සිටිනවා. අපේ මුහුද අපේ ජනතාව වෙනුවෙන්, අපේ ගොඩබිම අපේ ජනතාව වෙනුවෙන්, අපේ අහස අපේ ජනතාව වෙනුවෙන් කිසිදු බලපෑමකට යටත් නොවෙන බව ඔබට කියන්න කැමතියි.”

    ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන් මහතා, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම්, උතුරු පළාත් රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.