Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉෂාරා සෙව්වන්දි රටින් පලාගිය බවට අනාවරණයක්
    Featured

    ඉෂාරා සෙව්වන්දි රටින් පලාගිය බවට අනාවරණයක්

    By LFNSeptember 1, 2025No Comments2 Mins Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි නම කියැවුණු ඉෂාරා සෙව්වන්දි නම් තැනැත්තිය රටින් පලාගොස් සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු අනාවරණය වී තිබේ.

    ඒ පසුගියදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගෙන පසුව මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීය.

    ශ්‍රී ලංකා පොලිසිය, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් පසුගියදා අත්අඩංගුවට ගැනුණු සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් ඇතුළු පිරිස මේ වනවිට පැය 72ක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටී.

    ඔවුන් අතරින් මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ, නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුර නිලංග සහ ශලින්ත මදුෂාන් පෙරේරා හෙවත් කමාන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් ප්‍රශ්න කිරීම් සඳහා මේ වනවිට රඳවා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේය.

    ළහිරු මදුසංඛ හෙවත් තැඹිලි ළහිරු සහ එන්.එන්. ප්‍රසංග හෙවත් බැකෝ සමන් යන අපරාධකරුවන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ කොළඹ වරාය පොලිසිය තුළ රැඳවුම් භාරයේ පසු වේ.

    එම පිරිසකගෙන් මෙතෙක් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේදී ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ද කරුණු රැසක් අනාවරණය වී ඇත.

    එහිදී ඔවුන් අනාවරණය කර ඇත්තේ අදාළ ඝාතනයට ආධාර අනුබලදුන් ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව එම ඝාතන සිදුවීමෙන් පසු විදේශ රටකට පලාගිය බවය.

    මේ අතර කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට පත්වූ වූ අවස්ථාවේදී ඔවුන් සතුව තිබී ජංගම දුරකථන 28ක් ද ඉන්දුනීසියානු පොලිසිය භාරයට ගෙන තිබේ.

    පසුව අදාළ ජංගම දුරකථන ශ්‍රී ලංකා පොලිසියට භාරදීමට ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් කටයුතු කර ඇති අතර ඒවා භාවිතයෙන් ලබාගත් දුරකතන ඇමතුම් පිළිබඳව මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.