Author: LFN

කොච්චිකඩේ පොලීසියට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාව සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහලෙන් පිටව ගොස් තිබේ. ඒ අද (29) උදෑසන ඒ මහතාව සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර යැවීමෙන් පසුවය.

Read More

දූෂණය නමැති චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත අධිකරණය නියම කෙරුණි. ඒ අනුව සැකකරු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා නියෝග කළේය.

Read More

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අධිකරණය මඟින් වරෙන්තු ලබාසිටි උන් වහන්සේ අද (29) දහවල් අධිකරණය හමුවේ පෙනී සිටියේය. 2020 මහ මැතිවරණයෙන් ‘අපේ ජනබල’ පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම නඩු විභාගය පැවැත් වේ.

Read More

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එළඹෙන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අද (29) පෙරවරුවේ අධිකරණය හමුවේ පෙනී සිටියේය. ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ මහතාව ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළේය. අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබුණි.

Read More

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අද (29) පෙරවරුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය හමුවට රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ. ඒ අනුව සේනාරත්න මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු රිමාන්ඩ් භාරයේ තබාගන්න ලෙස මෙහිදි මහාධිකරණ විනිසුරුවරිය නියම කර ඇත.

Read More

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේවන විට කොළඹ මහාධිකරණයට පැමිණ තිබේ. රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක්ද අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ පෙනී සිටීමට නියමිතය. මේ අතර රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුකරය අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

Read More

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය ඊයේ (28) පස්වරුවේ නම් කළේය. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ සඳහා නම්කර ඇත. මෙම සංචිතයට වනිඳු හසරංග ඇතුළත් වුවත්, ඔහුගේ සහභාගිත්වය තීරණය වන්නේ ශාරීරික යෝග්‍යතාව මත බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි. මෙවර තරගාවලිය සැප්තැම්බර් 9 වනදා සිට 28 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගය සැප්තැම්බර් 13වනදා බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩාකිරීමට නියමිතය. ශ්‍රී ලංකා සංචිතය 1. චරිත් අසලංක (නායක), 2. පැතුම් නිශ්ශංක, 3. කුසල් මෙන්ඩිස්, 4. කුසල් පෙරේරා, 5. නුවනිදු ප්‍රනාන්දු, 6. කමිඳු මෙන්ඩිස්, 7.…

Read More

හොරොව්පතාන – කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ ඇලයාපත්තුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවියක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (28) දහවල් මෙම මාරක රිය අනතුර සිදුවූ බවෙ වාර්තාවේ. වව්නියාව සිට අනුරාධපුර දෙසට වීදුරු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ පාලමක ආරක්ෂිත වැටෙහි ගැටී මෙම අනතුර සිදුව තිබුණි. අදාළ අනතුරින් පාසල් අවසන් වී නිවස බලා යමින් 10 හැවිරිදි හැවිරිදි පාසල් සිසුවියක් සහ 27 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය. 27 හැවිරිදි පුද්ගලයා ලොරි රථයේ රිය සහායක ලෙස කටයුතු කල පුද්ගලයා බව වාර්තා වෙයි. ලොරි රථයේ ගමන්කළ රියදුරු හා තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා හොරොව්පතාන රෝහලට…

Read More

රුසියාව ඊයේ (27) රාත්‍රියේ යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. එම ප්‍රහාර වලින් දරුවෙකු ඇතුළුව පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තවත් 38කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි. ප්‍රහාරය සඳහා ඩ්‍රෝන 600කට ආසන්න සංඛ්‍යාවක් සහ බැලිස්ටික් හා කෘෘස් මිසයිල 30කට අධික සංඛ්‍යාවක් යොදා ගෙන තිබූ නමුත් ඉන් බහුතරයක් විනාශ කිරීමට හැකිවූ බව යුක්‍රේන ගුවන් හමුදාව පවසයි. පසුගිය ජූලි 31වැනිදාට පසු යුක්‍රේනයට එල්ල වූ විශාලතම ප්‍රහාරය මෙය බව වාර්තා වෙයි.

Read More