Author: LFN

පුරප්පාඩු වී පවතින අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරය සඳහා පැවැත්වෙන නිලවරණය අද (28) පැවැත්වේ. අද පස්වරු 2.00 ට මහනුවර අස්ගිරි මහා විහාරයේ ඓතිහාසික පොහොයගේ හිදී එය පැවැත්වෙන අතර අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥාණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන් නිලවරණය පැවැත්වෙන බව සඳහන් වේ. ඒ සඳහා අස්ගිරි කාරක මහා සංඝ සභාවේ හිමිවරුන් 19 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබේ. පුජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන් අපවත්වීම හේතුවෙන් අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ධූරය මේ වන විට පුරප්පාඩු වී පවතී. අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ඓතිහාසික මහියංගණය රජමහා විහාරාධිපති පුජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි හා අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී ධර්මාචාර්ය පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමි මෙම…

Read More

මෙරට ප්‍රධාන පෙලේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවටගත් පිරිස අතරට කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වාගන්නා අපරාධ කල්ලි සාමාජිකයින් සිටින බව පොලීසිය පැවසුවේය. ඊට අමතරව, බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ සහ තුන් හැවිරිදි දරුවෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් සහ ජකර්තා පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

Read More

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය. මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසා සිටියේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මාධ්‍යයට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු හෙළි කිරීම සම්බන්ධයෙන් මෙම විනය පරීක්ෂණය සිදුකිරීමට බලාපොරොත්තු වන බවය.

Read More

කිසිදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සංවිධානයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධයක් දක්වා නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (27) පැවැති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව පැවසීය. විවිධ පුද්ගලයින් විවිධ ප්‍රකාශ සිදුකර ඇති බවද සඳහන් කළ අමාත්‍යවරයා ඒවා සැලකියයුතු කාරණා නොවන බවද සඳහන් කළේය. මෙරට තුළ නීතිය එකහා සමානව ක්‍රියාත්මක වෙන බවට ජාත්‍යන්තරය මේ වනවිට නිරීක්ෂණය කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය. පසුගිය කාලසීමාවේදී ශ්‍රී ලංකාව තුළ නීතිය නිසිපරිදි ක්‍රියාත්මක නොවන බවට ප්‍රකාශ කළද වර්තමානයේ එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවද ඔහු සඳහන් කළේය.

Read More

මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශ්ව විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 17 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) නියම කළේය. මෙම පෙත්සම් අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විණිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින අමාත්‍ය මණ්ඩල…

Read More

2022 වසරේ ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙම නියෝගය නිකුත් කළාය. ඒ අනුව සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළාය. සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් සැකකරුට තවත් නියෝගයක් නිකුත් කරනු ලැබීය. එමෙන්ම කැඳවීම් සිදුකරනු ලබන අවස්ථාවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

Read More

ආනයනික අර්තාපල් සහ බොම්බයි ලූනු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ඊයේ (26) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බදු සංශෝධනය සිදුකර ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය. මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබු රුපියල් 60ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 80 දක්වා ඉහළ දමා ඇති බව වාර්තා වේ. ආනයනික බොම්බයි ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 10ක් පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා රුපියල් 40කින් ඉහළ දමා…

Read More

ඉත්තෑපාන, මීගම පාලම යටින් ගලාබසිනා බෙන්තර අතු ගංගාවේ පාවෙමින් තිබි පුද්ගල මළ සිරුරක් හමුවූ බව ඉත්තෑපාන පොලීසිය පවසයි. එලෙස මියගොස් තිබුණේ ඉත්තෑපාන බදුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි පුද්ගලයෙකි. දිනකට පෙර නිවසින් අතුරුදන්ව සිටි බව පැවසෙන පුද්ගලයාගේ සිරුර එලෙස සොයාගත් බව පොලීසිය පැවසීය. මියගිය පුද්ගලයා ඉකුත් 24 දහවල් නිවසින් පිටවී ගොස් ඇති බවට ඔහුගේ දියණිය කරන ලද පැමිණිල්ලක සඳහන් වන බව පොලීසියේ සඳහන් කළේය. මළ සිරුර කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර අද (27) පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. ඉත්තෑපාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තව දින දෙකක් පමණ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. අද (27) උදෑසන මාධ්‍ය හමුවක් පවත්වමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසා සිටියේ, හිටපු ජනාධිපතිවරයා තවදුරටත් රැඳවියෙකු නොවන බැවින් ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වෙත වුවද යොමුවිය හැකි බවය. ඔහුට බරපතළ ලෙස තිබූ විජලනය තත්ත්වය මේ වනවිට ලබාදෙන ප්‍රතිකාර සමග පහව යමින් තිබෙන බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියා සිටියේය. මේ අතර, ජාතික රෝහලෙන් ඕනෑම රෝගියෙකුට එකම අයුරකින් සේවය සපයන බව පැවසු වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා, සේවය ලබාගැනීමට රෝහලට පැමිණෙන…

Read More

කුලියාපිටිය, විල්පොළ පාලම ආසන්නයේදී අද (27) උදෑසන 7.10ට පමණ සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. අනතුරින් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු අනතුර සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය. “මම ත්‍රිවිල් එකේ ඉඳගෙන ඉන්නකොට දැක්කා වෑන් එක හැප්පෙනවා. ඉස්කෝල ළමයි 7ක් 8ක් හිටියා. ඔක්කෝම අරගෙන වාහනවලට පැටෙව්වා. ටිපර් එකේ වැදුණේ. වෑන් එකේ රියදුරු මහත්තයා බලාගෙන ඉන්නකොටම ඇදගෙන වැටුණා. එයා නැති වුණා. ළමයි දෙන්නෙක් හිටියා නැතිවෙලා. අපි පුළුවන් තරම් වාහනවලට පැටෙව්වා. එක ළමයෙක් හොඳ තත්ත්වයෙන් හිටියා.”

Read More