Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නීතියට උඩින් කිසිවෙකුටත් ඉන්න අපි ඉඩ තියන්නේ නෑ -මහජන ආරක්ෂක ඇමති
    Featured

    නීතියට උඩින් කිසිවෙකුටත් ඉන්න අපි ඉඩ තියන්නේ නෑ -මහජන ආරක්ෂක ඇමති

    By LFNAugust 28, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දුනීසියාවේ දී සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ව ඉදිරි දින දෙක තුන තුළ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

    සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) උදෑසන පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, වත්මන් රජය ජනතාවට පොරොන්දු වූ පරිදි නීතිය පසඳලීමේ ආයතනවල ස්වාධීනත්වය ඇති කර ඇති බවය.

    ඒ අනුව සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බවත් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ඉන්දුනීසියානු පොලීසිය එක්ව සිදුකළ දින 7ක ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයක් බව ද ආනන්ද විජේපාල අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    අදාළ මෙහෙයුම සඳහා ඉන්දියානු බුද්ධි අංශවල සහායද හිමි වූ අතර, ඒ අනුව සැලැස්ම ක්‍රියාත්මක කළ බවත් මේ වනවිට අඩපණ වී තිබූ බුද්ධි අංශයේ යම් යම් කොටස් සක්‍රීය වී ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

    බොහෝ අවස්ථාවලදී සංවිධානාත්මක අපරාධ වර්ධනය වී ඇත්තේ, දේශපාලනඥයින්ගේ ආශිර්වාදයෙන් බවත් ඔවුන්ගේ පැවැත්ම සහ බලය රඳවා ගැනීමට සංවිධානාත්මක අපරාධකරුවන්ව පෝෂණය කර ඇති බවට අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු රජයක් ලෙස ඒ සියල්ල නතර කර ඇති බවත්, මේ වනවිට සංවිධානාත්මක අපරාධකරුවන්ව නිර්මාණය කළ දේශපාලනඥයින් හා ඔවුන්ගේ සබඳතා පිළිබඳ සුපරික්ෂාකාරීව සොයා බලමින් සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    එවැනි අයගේ දේපොළ සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශන සිදුකරන බවත්, සංවිධානාත්මක අපරාධ රැසකට දේශපාලන සබඳතා ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත් පැවසූ අමාත්‍යවරයා, නුදුරේ දීම ඒ පිළිබඳ අවධාරණය කරන බවත් කියා සිටියේය.

    “නීතියට උඩින් කිසිවක් නෑ. කිසිදු තරතිරමක් නීතිය ඉදිරියේ අපිට අදාළ නෑ. නීතිය ඉදිරියේ සියලුදෙනා එක හා සමානයි. මේ සමාජයට අපි ඒක භාවිතයක් විදියට ගේනවා. නීතියට උඩින් කිසිවෙකුටත් ඉන්න අපි ඉඩ තියෙන්නේ නෑ. ඒ ගැන අපි සමාජයට අවධාරණය කරනවා. අපේ තියෙන දේශපාලන උවමනාව තමා රටට යුක්තිය, සාධාරණත්වය ලබාදීම. ඒ වගේම නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම හා නීතිය සැමට සමානයි යන පණිවුඩය සමාජයට ලබාදීම. ප්‍රමිතිගත සමාජයක් බවට පත්කර ගැනීම තුළින් තමා අපි සියලුදෙනාට සතුටින් ජීවිත් විය හැකි වන්නේ. ඒ නිසා අපි පොරොන්දු වු පරිදිම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සමාජයට ලබාදීමේ කර්තව්‍යයේ නියැලෙනවා. ඒ කරුණු අතර අපිට සුවිශේෂි වෙනවා සංවිධානාත්මක අපරාධකරුවන් නීතියට කොටු කරගැනීම. මේ වෙනවිට 75කට ආසන්න ප්‍රමාණයකට රතු වරෙන්තු නිකුත් කරලා තියෙනවා. එයින් 20 අධික ප්‍රමාණයක් ලංකාවට අරන් ඇවිත් තියෙනවා. ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වෙමින් තියෙනවා. දැනට ඉන්දුනීසියාව භාරයේ ඉන්න අයව මෙරටට ගෙන්වීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතිනවා. ඔවුන්ව මෙරටට ගෙන ආ පසු ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. ඒ නිසා අපි පාතාලය වේවා, දේශපාලනඥයින් වේවා, පොලීසිය වේවා, නිලධාරීන් වේවා සියලුදෙනාට නීතිය යටත්, නීතිය ක්‍රියාත්මක රටක් බවට අපි පත්කරනවා. බලය භාවිත කරමින් සමාජයේ හැසිරීමට අපි ඉඩදෙන්නේ නෑ”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202606 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.