Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුවට සාමාජිකයින් පත් කරයි
    Featured

    ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුවට සාමාජිකයින් පත් කරයි

    By LFNAugust 24, 2025No Comments2 Mins Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුව සඳහා අධ්‍යක්ෂක මණ්ඩලය සහ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු විය.

    ඒ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙනි.

    කොළඹ, ගම්පහ, කුරුණෑගල, ගාල්ල යන ණය සහනදායක මණ්ඩල සාමාජිකයින් සඳහා මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි.

    මෙම මණ්ඩලය අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන අතර ඉන් එක් සමාජිකයෙකු මණ්ඩලයේ සභාපති ලෙස අමාත්‍යවරයා විසින් පත්කරනු ලබයි.

    එමෙන්ම මෙහි රාජකාරී කටයුතු සාමාන්‍ය අධිකරණයක පවත්නා ස්වරූපයට වඩා වෙනස් වන අතර මණ්ඩලය ඉදිරියේදි එළඹෙන ගිවිසුම් පාර්ශවකරුවන් ඔවුනොවුන්ගේ කැමැත්තෙන් එළ‍ඹෙන ගිවිසුම් වේ.

    කෙසේ වෙතත් අසාධාරණ පොලී ප්‍රමාණයන් අඩු කිරිමටද මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලබන සාධාරණ යෝජනා ණය හිමියන් විසින් පිළිනොගන්නේ නම් ඒ සම්බන්ධයෙන් ආඥාපනත යටතේ ණයකරුවන්ට සහතිකයක් නිකුත් කිරීමටද මෙම මණ්ඩලයට බලතල ඇත.

    එසේම ණයහිමි පාර්ශවය අවසාන විභාගය සඳහා නිකුත් කළ නොතීසිය පරිදි විභාගයට නොපැමිණියහොත් ඒකපාශ්වික නඩු විභාගයකින් අනතුරුව ණයකරු වෙත සහතිකයක් නිකුත් කිරීම ද මෙම දෙපාර්තමේන්තුව විසින් සිදු කරයි.

    පත්වීම් ලැබූ නිලධාරී මණ්ඩලය පහතින්,

    ප්‍රධාන මණ්ඩලය
    1. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු තිබ්බොටුවාව ගමගේ සුමිත් අරුණ පෙරේරා මහතා (සභාපති)
    2. විශ්‍රාමික කම්කරු විනිශ්චය සභා සභාපති/ අතිරේක මහේස්ත්‍රාත් කුසුම් සෙනරත් පතිරණ මිය
    3. නීතිඥ ඩබ්.පී. සිත්තම්පලම් මහතා
    4. නීතිඥ කැලුම් කුමාරසිංහ මහතා
    5. කම්කරු විනිශ්චය සභා සභාපති/අතිරේක මහේස්ත්‍රාත් වල්පොළගේ නිල්මිණී ප්‍රියදර්ශනී හේරත් මිය
    6. හපුතන්ත්‍රිගේ උපවන්ස කාරියවසම් මහතා
    7. බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම් ලෙස කටයුතු කරන ලද සෝමසිරි පල්ලත්තරගේ මහතා

    කොළඹ ශාඛා මණ්ඩලය
    1. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජී.එම්. ඩබ් ප්‍රදීප් ජයතිලක මහතා (සභාපති)
    2. නීතිඥ ඉන්ද්‍රා බදුගේ මිය
    3. නීතිඥ නිශානි ප්‍රසාදිකා කලහේ ලොකුගේ මිය

    ගම්පහ ශාඛා මණ්ඩලය
    1. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු නිශාන්ත ශාන්තිලාල් හපුආරච්චි මහතා (සභාපති)
    2. නීතිඥ ඩී.ඒ.රුවන් පතිරණ මහතා
    3. විශ්‍රාමික මහේස්ත්‍රාත් / දිසා විනිසුරු චන්ද්‍රකාන්ති විජිතා සෙනෙවිරත්න මිය

    කුරුණෑගල ශාඛා මණ්ඩලය
    1. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ආර්.එම්.පී.එස්.කේ.රත්නායක මහතා (සභාපති)
    2. විශ්‍රාමික පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.ජී.එන්.තිලකරත්න මහතා
    3. නීතිඥ සෝමසිරිගේ ධර්මවිජය සෙනවිරත්න මහතා

    ගාල්ල ශාඛා මණ්ඩලය
    1. නීතිඥ දිලිනි දයාරත්න මිය (සභාපති)
    2. නීතිඥ කේ.පී.ඩී.ගුණරත්ත මහතා
    4. නීතිඥ ජානි නානායක්කාර මිය

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.