Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු පළාතෙත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක්ද සිදුකර තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ලේකම්වරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් මහරගම පොලීසිය වෙත ඇමතුම් ලබා දුන් අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ සැකකරු විසින් හොරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලීසියෙන් නිදහස් කර ගැනීම සඳහා මෙලෙස ඇමතුම් ලබා දී ඇති බවය. අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් මේ වන විට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මේ සම්බන්ධව විශේෂ විමර්ශනයක්ද මේ වන විට ක්‍රියාත්මක කර තිබේ. මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ අමාත්‍යවරයා හෝ අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩලයේ හෝ කිසිදු අයෙක් ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරනු ලබන අත්අඩංගුවට ගැනීම් හෝ කිසිදු ක්‍රියාමාර්ගයක්…
දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. පොලීසිය පැවසුවේ මෙම අනතුරු ඊයේ (09) දිනයේදී සිදුව ඇති බවය. ඒ අනුව ඊයේ අලුයම් කාලයේදී මැදවච්චිය පොලිස් වසමේ කැබිතිගොල්ලෑව මැදවච්චිය මාර්ගයේ දෙවන කිලෝමීටර් කණුව අසලදී මැදවච්චිය දෙසට ධාවනය වූ රථයක් මාර්ගය අයිනේ ගමන් කළ පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 39ක් වූ මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එමෙන්ම බටපොල පොලිස් වසමේ උඩුවිල ඇත්කඳුර මාර්ගයේ දොරල හන්දිය අසලදී ඇත්කඳුර දෙස සිට දොරල දෙසට ධාවනය වූ පා පැදියක් මාර්ගයේ නඩත්තු කටයුතු කරමින්…
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා හෙට (11) දිනයේ පැය 10ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයෙහි නිට්ටඹුව සිට මිනුවන්ගොඩ දක්වා ඇති සම්ප්‍රේශණ නලයේ පිරිසිදු කිරීමේ හා විශබීජහරණය කිරීමේ කටයුතු හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බවය. ඒ අනුව හෙට පෙරවරු 10:00 සිට පස්වරු 08:00 දක්වා වූ පැය 10ක කාලයක් සඳහා රණ්පොකුණගම, බටලිය, අත්තනගල්ල, පස්යාල, නිට්ටඹුව යන කලාප සඳහා ජල සැපයුම මෙලෙස අත්හිටුවීමට නියමිතය. මේ හේතුවෙන් නිට්ටඹුව කන්දහේන, මාපගොල්ල, කෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකදෙනිය, රණ්පොකුණගම, රන්පොකුණගම නිවාස යෝජනා ක්‍රමය, බටලීය, අත්තනගල්ල, පස්යාල,…
හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (10) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ. වර්තමානයේ යෞවන සමාජ සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුධකාරී තත්ත්වයන් පිළිබඳව හිටපු ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීමට නියමිතය. ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමේ පුරෝගාමියා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එහි මුල් කාලීන අරමුණු මෙන්ම තම පාලන සමයන්හි ජාතික තරුණ සේවා සභාව සහ යෞවන සමාජවල කටයුතු සිදුකරනු ලැබූ ආකාරය සම්බන්ධවද අදහස් දැක්වීමට නියමිතය.
විශ්‍රාම වැටුප් ඇතුළු ගැටළු කිහිපයක් මූලික කරගනිමින් විශ්‍රාමික ආබාධිත රණවිරුවන් විසින් හෙට (11) කොළඹදී විරෝධතාවයක් පැවැත්වීමට කටයුකු කර ඇති බවට රණවිරු අයිතිවාසිකම් සුරැකීමෙි ජාතික සංවිධානය සදහන් කරයි. මෙම ගැටලුව විසඳා ගැනීමට බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වී තිබෙන බවත්, එබැවින් මේ පිළිබඳ හෙට දිනයේදී නැවතත් අවධානය යොමු කරවීමට කටයුතු කරන බවට සදහන් කරයි.
2025 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (10) ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ අනුව අද පෙරවරු 9.30ට දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව ඇත. ඒ වෙනුවෙන් විභාග මධ්‍යස්ථාන සූදානම් කිරීම සහ දූමායනය කිරීම ඊයේ (09) දිනයේදී සිදු කෙරිණි. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 307,951 පෙනී සිටීමටද නියමිතය. ශිෂ්‍යත්ව විභාගයේදී දෙවන ප්‍රශ්න පත්‍රය පළමුව ලබා දීමට නියමිත අතර එය 10.45 වන විට අවසන් වීමටද නියමිතව ඇත. ඉන් අනතුරුව පැය භාගයක විවේක කාලයක් හිමිවන අතර ඉන් අනතුරුව පළමු ප්‍රශ්න පත්‍රය 11.15ට ආරම්භ වේ. එම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට පැයක කාලයක් ලබා දෙන අතර ඒ අනුව 12:15ට එම ප්‍රශ්න පත්‍රය අවසන්…
බොරැල්ලේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අද (09) පෙරවරුවේ මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවය. අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ල ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි තරුණයෙකු බවද වාර්තා වේ. බොරැල්ල සහස්පුර ක්‍රීඩාංගණයක සැරසිළි කටයුතු කරමින් සිටි තරුණයින් පිරිසකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පසුගියදා වෙඩි තැබීමක් සිදුකර පලා ගොස් තිබුණි. එහිදී තරුණයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ අතර ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් විය. මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තවත් තිදෙනෙකු මේ වන විටත් කොළඹ ජාතික…
දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය විභාග ජාතික සුදුසුකම් සලකා බැලීමේ විභාග ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම ගෙදර දිසානායක මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය දහම් පාසල් අධ්‍යාපනය සඳහා සිසුන් වැඩි වශයෙන් යොමුකිරීමේ අරමුණින් යුතුව මෙම තීරණය ගෙන ඇත.
ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පාලනය අත්පත් කරගැනීමට ගත් තීරණය ගැන ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළකරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි. එම තීරණය ගාසා තීරයේ තවදුරටත් ප්‍රචණ්ඩත්වය වර්ධනයවීමට සහ එම ප්‍රදේශයේ සිටින ජනතාවගේ දුක් වේදනා තවදුරටත් උග්‍ර කිරීමට හේතු වනු ඇති බව එහි දැක්වේ. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව වහාම සටන් විරාමයක් ඉල්ලා සිටින බවත්, රාජ්‍ය තාන්ත්‍රික සංවාදයක් හරහා සියලු පාර්ශවයන්ට සිය මතභේදයන් විසදා ගන්නා ලෙසත්, තිරසාර සාමයක් ස්ථාපිත කිරීම සඳහා යොමුවන ලෙසත් ද එම නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.