Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
බොරැල්ල සිරිසර උයන ක්‍රීඩාංගණයේදී සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය තරුණයා ‘කුඩු චතූ’ නැමැත්තාගේ පාර්ශවයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට පොලීසියට තොරතුරු අනාවරණය වී තිබේ. එමෙන්ම වෙඩි ප්‍රහාරය ‘කුඩු දුමින්ද’ගේ පාර්ශවයෙන් එල්ල කර ඇතැයි ද පොලීසියට සඳහන් කළේය. වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ 23න් හැවිරිදි තරුණයා සුරේෂ් මදුෂාන් නොහොත් ‘පකඩයා’ නම් කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ‘කුඩු චතූ’ නැමැත්තාගේ මත්කඩු ජාලයේ අයෙක් බවත් මීට දින කිහිපයකට පෙර මත්ද්‍රව්‍ය චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගතව සිට පැමිණ සිටි බවත් පොලීසිය පැවසීය. තුවාල ලැබූ සෙසු පිරිස බොරැල්ල, සිරිසර උයන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 21ත් 23ත් අතර පසුවන්නන්ය. විදෙස්ගතව සැඟව සිටින ‘කුඩු චතූ’ නැමැත්තාගේ සහෝදරයා සිරිසර උයන ක්‍රීඩාංගණයේ අද…
වසර 13ක් පුරා රටේ ජනතාව නොමඟ යවමින් පටු දේශපාලන වාසි තකා පැතිරුණු කටකතා වෙනුවට සත්‍ය අනාවරණය වී තම සමාගම ලැබූ ජයග්‍රහණයක් බව සුප්‍රීම් සැට් පෞද්ගලික සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, නිරන්තරයෙන් සුප්‍රීම් සැට් රටේ ප්‍රගමනය වෙනුවෙන්, නවෝත්පාදන ක්ෂේත්‍රයට දායකත්වය දක්වමින් තවදුරටත් සමාගමේ කීර්ති නාමය තව දුරටත් ප්‍රවර්ධනය කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කොටස්කරුවෙකු ලෙස ඉදිරියටත් කටයුතු කරන බවය. එමෙන්ම නිසි දැනුමක් හෝ අවබෝධයක් නොමැතිව ජනතාව නොමඟ යවමින් සිය දේශපාලනය කිරීමට වෙර දරන පිරිස් හා ඔවුනගේ පදනම් විරහිත හිස් ප්‍රකාශ සම්බන්ධයෙන් තම සමාගම දැඩිව කනගාටුව ප්‍රකාශ කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත්…
ඌව පළාත් සභාවට දැරිය නොහැකි අධික වියදමක් ඇති සියලුම වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට තීරණය කර තිබේ. එම පළාත් සභාවේ හිටපු අමාත්‍යවරුන්, ආණ්ඩුකාරවරුන් පරිහරණය කළ අධි සුඛෝපභෝගි වාහන මෙලෙස විකිණිම සදහා මිල ගණන් කැඳවා ඇති බව බදුල්ල නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මුල්‍ය කාර්යාලය පවසයි. ඒ අනුව අදාළ වෙන්දේසිය අගෝස්තු 25වනදා පැවැත්වීමට නියමිතය.
බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් නුවරඑළිය, මහනුවර, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ප.ව. 1න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද (08) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ. ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඔල් පෙරහැර පසුගිය මස 30 වෙනිදා ආරම්භ වු අතර පුරා දින 9ක් පෙරහැර වීථි සංචාරය කිරීමෙන් අනතුරුව 10 වන දිනය වන අද දින පස්වරුවේ අවසන් රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දැල මහතා පැවසුවේය. මේ අතර, හෙට (09) දහවල් පෙරහැර සවස 2.16ට අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයෙන් ශ්‍රී දන්තධාතු මන්දිරයෙන් පිටත්ව, සතර මහා දේවාල පෙරහැර ද කැටුව, ඩී.එස්. සේනානායක වීථිය හා පන්සල පාරේ ගමන්කර, දේව වීථියෙන් රජ වීථියට හැරී සිරිත් ප්‍රකාරව, ශ්‍රී දළදා මාළිගා චතුරශ්‍රයේ තෙවරක්…
රුපියල් බිලියනයකට වඩා වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 10ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 6 වෙනිදා සවස් කාලයේ ගොතටුව පොලිස් වසමේ මානිගමුල්ල ප්‍රදේශයේ දී හා කඩුවෙල දක්ෂිණ අධිවේගී පිවිසුම අසලදී පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත වැටලීමක් සිදුකර තිබුණි. එහෙදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 5යි ග්‍රෑම් 154ක්, ජංගම දුරකථනයක් හා ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් ලක්ෂයක මුදලක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර, තවත් සැකකරුවෙක් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 5යි ග්‍රෑම් 106ක්, කාර් රථයක් හා ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 150,000ක මුදලක් සමග අත්අඩංගුවට ගෙන ගොතටුව…
අද (08) උදෑසන 6ට පමණ හොරණ රෝහල හන්දිය අසලදී වෑන් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවු අනතුරකින් දෙදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරින් තුවාල ලැබු කාන්තාව මේ වනවිට හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. අනතුරින් මියගොස් ඇත්තේ, බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඔල්වින් ඉංද්‍රසිරි නමැති 75 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙකි. මොරගහේන ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවකයින් ප්‍රවාහනය කරන වෑන් රථයක් හොරණ ප්‍රදේශයේ සිට අඟුරුවාතොට ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී අඟුරුවාතොට දෙස සිට සිල් සමාදන්වීම සඳහා ප්‍රදේශයේ විහාරස්ථානයකට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අඹුසැමි යුවළක් හොරණ රෝහල මංසන්ධියෙන් දකුණු පසට හැරීවීමට යාමේදී මෙම අනතුර සිදුව තිබුණි. අනතුරින් තුවාල ඇති අතර සිද්ධියෙන් පසු තුවාල ලැබු…
බොරැල්ල සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේ රැඳී සිටිය දී වෙඩිවැදීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ තරුණයින්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ. කොළඹ ජාතික රෝහලේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ මෙයින් එක් තරුණයෙකුට ගැඹුරු තුවාල සිදුව ඇති බැවින් මේ වනවිට ඔහුව සැත්කමකට භාජනය කර ඇති බවය. කෙසේවෙතත් බරපතළ තුවාල ලැබු තිදෙනාම මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය. මීට අමතරව තවත් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ නොවන බවද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටියේය. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින තරුණයින් තිදෙනාට ඉදිරියේ දී තවත් සැත්කම්වලට භාජනය කළ…
ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (08) යෙදී තිබේ. ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙර වස් මඟහැරි භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම මෙන්ම බුදුන්වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරමින් සේරුවිල දා ගැබ තැනීම ආරම්භ කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම පොහොය විශාල වැදගත්කමක් උසුලයි. එමෙන්ම පන්සල සහ ගිහියන් අතර සබඳතාව වඩාත් තහවුරු කිරීමට ද මෙම පොහොය වැදගත් වේ.
අන්තරාදායක ලෙස දැව පටවාගෙන ගමන්ගත් ලොරි රථ දෙකක් වාද්දූව පොලීසිය මගින් සිය භාරයට ගෙන ඇත. ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ සිදුවන රථ වාහන අනතුරු අවම කරගැනීම සඳහා වාද්දුව පොලීසියේ රථවාහන අංශය අද (7) පෙරවරුවේ සිදුකළ විශේෂ සෝදිසි කිරීමක් අතරතුර මෙම ලොරි රථ සිය භාරයට ගෙන තිබේ. විශාල ප්‍රමාණයේ දැව කොටන් මෙම ලොරි රථ දෙක තුළ අසුරා තිබීම සහ දැව ප්‍රවාහනය කිරීමේදී භාවිතා කළ යුතු මූලික උපදෙස් අනුගමනය කර නොමැති බව මෙහිදී අනාවරණය වී ඇත. මෙම ලොරි රථ පැදවූ රියදුරන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.