Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ වර්ජනය කලින්ම එයි
    Featured

    පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ වර්ජනය කලින්ම එයි

    By LFNAugust 20, 2025No Comments2 Mins Read106 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් බස්නාහිර පළාත තුළ හෙට සිදුකිරීමට නියමිතව තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (20) උදෑසන 8ට ගම්පහ මහ රෝහලේ දී හදිසියේ ආරම්භ කර තිබේ.

    අද උදෑසන ගම්පහ දිස්‍ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා, පරිපූරක වෛද්‍ය වෘත්තීය නිලධාරීන්ට අත්සන් තැබීම සිදුනොකරන ලෙසට උපදෙස් ලබාදෙමින් නිකුත් කර තිබූ ලිපියක් හේතුවෙන් පරිපූරක වෛද්‍ය සේවාවේ සියලු නිලධාරීන් ගම්පහ රෝහලේ සියලු රාජකාරී කටයුතුවලින් ඉවත් වූ බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය, ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසීය.

    අදාළ ගැටලුව සම්බන්ධයෙන් ගම්පහ මහ රෝහලේ අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කරමින් සිටින අතර, ඔහු ඊට නිසි පිළිතුරක් ලබාදීමට මේ වනවිටත් අපොහොසත් වී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

    මීට පෙර පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් හෙට (21) දිනයේ සිට බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31ක වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබුණි.

    බරපතළ විෂමතාවයන් සහිතව සහ දැඩි විරෝධතා මධ්‍යයේ සකස් කළ “ස්ථාන මාරු නියෝග 2024” ක්‍රියාත්මක කිරීමට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය නියෝග කිරීමත් සමග ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කිරීමට තීරණය කර තිබුණි.

    මෙම වර්ජන ක්‍රියාමාර්ගයට විකිරණ තාක්ෂණවේදීන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්, වෘත්තියේ චිකිත්සක නිලධාරීන්, කතන චිකිත්සක නිලධාරීන්, ඖෂධවේදීන් ඇතුළු වෘත්තික කණ්ඩායම් 07ක් සම්බන්ධ වන අතර වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් එම සියලු වෘත්තිකයන් විසින් සිදුකරන විකිරණ පරීක්ෂණ, CT Scan පරීක්ෂණ, සියලු රසායනාගාර පරීක්ෂණ සේවා, වෘත්තීය චිකිත්සක සේවා ඇතුළු සියලු සේවාවන් බිඳ වැටෙනු ඇත.

    අද රාත්‍රියේ රැස්වීමට නියමිත සියලු වෘත්තීය සමිති නායකයන් සහ නියෝජිතයන් හෙට (21) දිනයේ සිට සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණය ගනු ඇතැයි ද පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය, ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.