Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් මස 29 වන දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (04) කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය. එහෙත් එම නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා අද දින රාජකාරි නිවාඩු ලබා සිටීම හේතුවෙන් එම නඩුව යළි ඔක්තෝබර් මස 29 වනදා කැඳවන ලෙස එම අධිකරණය විසින් නියම කරනු ලැබීය. 2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල්…
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රෝහල්වලට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවකු වූ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අදාළ ඖෂධ සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තා විසින් ගොනු කරනු ලැබූ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අගෝස්තු මස 07 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය අද (04) නියෝග කළේය. මෙම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. එහෙත් කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ මහත්මිය දැනුම් දුන්නේ එම නියෝගය මේ මස 07 වනදා ප්‍රකාශයට පත් කරන බවය. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත්…
ගම්පහ සිට කොළඹ දක්වා සහ තවත් ගමනාන්ත කිහිපයක් දක්වා පෞද්ගලික බස් ධාවනය නවතා දැමීමට තීරණය කර තිබේ. ඇතැම් ස්ථානවල බස් රථ නතර කිරීමට ඉඩ ලබානොදීමට විරෝධය පළ කරමින් මෙලෙස සිය සේවා නවතා දැමීමට කටයුතු කළ බව ගම්පහ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.
තණමල්විල, හම්බෙගමුව පොලිස් බලප්‍රදේශයට අයත් දහයියාගල කරමැටිය වැව ආසන්නයේ වගුරු බිමක තිබී මියගිය වනඅලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ. මෙම වනඅලියාට වනජීවි නිලධාරීන් විසින් අවස්ථා රැසක දී ප්‍රතිකාර කටයුතු ද සිදුකර ඇති අතර නමුත් පසුව එම අලියා මියගොස් ඇත. මරණයට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරන පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ වනජීවි නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.
2025 වර්ෂයට අදාළව ප්‍රමාද වූ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු නිලධාරීන් විසින් එකී ප්‍රකාශ ලබා නොදෙන්නේ නම් ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය මාර්තු 31 වැනි දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු නිලධාරීන් විසින් අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන සභාවට භාර දීම සඳහා ආයතන ප්‍රධානියා වෙත භාරදිය යුතු අවසාන දිනය පසුගිය ජුනි මස 30 වැනි දින වන බවය. කෙසේ නමුත් මේ මස 31 දින වන විටත් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ආයතන ප්‍රධානියා වෙත භාර…
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ දේශපාලනඥයින්ට ලබාදෙන වරප්‍රසාද අඩු කිරීම වත්මන් රජයේ මූලික අරමුණක් බවයි. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සාමාජිකයෙකු වූ නන්දන ගුණතිලක මහතා මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳව සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නන්දන ගුණතිලක මහතා පසුගිය (02) සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණි. එමගින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් පූර්ණ කාලීනව දේශපාලනයට යොමුවීම හේතුවෙන් සිය රැකියාව ද අහිමිවූ අතර මෙම තත්ත්වය තුළ විශ්‍රාම වැටුප අහෝසි කළහොත්…
විශ්වවිද්‍යාලවලට ඇතුලත් වන දරුවන්ගේ ආරක්ෂාව, සුබ සාධන පහසුකම් සැපයීම සහ ඉගෙනුම් පහසුකම් පිලිබඳ විශ්වවිද්‍යාල වගකීමෙන් කටයුතු කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති අතුළු අධ්‍යයන, අනධ්‍යය සේවකයින් අචාර්ය මණ්ඩලය සහ සිසුන් සමග ඊයේ (03) යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය. විශ්වවිද්‍යාලයේ සිසුන් මුහුණ දෙන නේවාසික පහසුකම්, ජලය, විදුලිය ඇතුළු සුභසාධන පහසුකම් පිලිබඳ මෙහිදී අග්‍රාමාත්‍යතුමියගේ අවධානය යොමු වූ අතර මෙතෙක් විසඳා ගැනීමට කටයුතු නොකළ සිසුන්ගේ පානිය ජල ගැටලුව මසක් ඇතුළත විසඳීමට කටයුතු කරන ලෙස දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ නිරන්තර අධික්ෂණය ඒ වෙනුවෙන් යොමු කරන ලෙසත් අග්‍රාමාත්‍යවරිය…
මාරවිල, මුදුකටුව වෙරල තීරයේදී දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා මාරව්ල රෝහලට ඇතුලත් කිරිමේදී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (03) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 32 ක් වූ මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ජාතික ධීවර යාත්‍රා සංගණනය අද (04) ආරම්භ වීමට නියමිතය. එහි පළමු අදියර අද පානදුර ධීවර වරායෙන් ආරම්භ වන අතර එය ලබන 20 වනදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සඳහන් කළේය. වසර 10කට පමණ පසු, මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම ධීවර යාත්‍රා සංගණනය පවත්වන බව සඳහන්ය. මෙරට වෙරළ තීරයේ පවතින 50,000ක් පමණ වන ධීවර යාත්‍රා පිළිබඳව යාවත්කාලීන දත්ත පද්ධතියක් නිර්මාණය කිරීම මෙම සංගණනයේ ප්‍රධාන අරමුණක් බව එම අමාත්‍යංශය සඳහන් කළේය. එහිදී සක්‍රීය ධීවර යාත්‍රා හඳුනාගැනීම, භාවිතයේ නොයෙදෙන සහ අබලන් වූ යාත්‍රා වෙරළ තීරයෙන් ඉවත් කර “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සහාය වීම, සංචාරක කර්මාන්තය…
යේමනයේ වෙරළට ඔබ්බෙන් 150 දෙනෙකු පමණ රැගත් බෝට්ටුවක් පෙරළී ගොස් ගිලී යාමෙන් සංක්‍රමණිකයන් 65 කට වැඩි පිරිසක් මියගොස් තිබේ. මෙම පිරිසෙන් පුද්ගලයින් 10 දෙනෙකුගේ පමණ දිවි බේරාගෙන ඇති අතර අනෙක් පිරිස තවමත් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ. මොවුන්ගෙන් බොහෝ දෙනෙක් ඉතියෝපියානු ජාතිකයන් යැයි විශ්වාස කරන බව ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ (03) මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ. අප්‍රිකාවේ සිට රැකියා සොයමින් ගල්ෆ් අරාබි රාජ්‍යයන් වෙත ගමන් කරන සංක්‍රමණිකයින් සඳහා යේමනය තවමත් ප්‍රධාන මාර්ගයක් වන අතර, IOM සංවිධානය විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව එම මුහුදු කළාපයේ තිබූ නැව් සුන්බුන්…