Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 8යි ග්‍රෑම් 220ක් සමග ඉන්දීය ජාතික සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (02) රාත්‍රී කාලයේදී මෙම සැකකරුවන් ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන්ට විසින් මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔවුන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීම් දෙකකදීය. එහිදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 04 ග්‍රෑම් 112ක් සහග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 04 ග්‍රෑම් 108ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. සැකකරුවන් අවුරුදු 38 සහ 47 වයස්වල පසුවන ඉන්දියන් ජාතිකයන් බව වාර්තා වෙයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට පෙන්වන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (03) වීථී සංචාරය කිරීමට නියමිතය. සිව්වන කුඹල් පෙරහැර ඊයේ (02) රාත්‍රි වීථී සංචාරය කෙරුණි. කෝට්ටේරාජා, පුලතිසිරාජා දෑල පිරිවරා ඉන්දිරාජා මංගල හස්තියා විසින් සධාතුක පෙරහැර කරඬුව වැඩම කළේය. පළමු රන්දෝලි පෙරහැර හෙට (04) ආරම්භ වෙයි. අවසන් මහා පෙරහැර අගෝස්තු 08 දින වීථි සංචාරය කිරීමට නියමිතව ඇති අතර අගෝස්තු 09 වැනිදා පවත්වනු ලබන දහවල් පෙරහැරින් පසුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වේ.
මාතර කපුගම ප්‍රදේශයේ අද (03) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇත. වෙඩි වැදීමෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරු රෝහල් ගත කර ඇතැයිද වාර්තා වේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ගමන්කළ රථය අද (02) උදෑසන 09.00ට පමණ අනතුරට ලක්ව තිබේ. අදාළ කැබ් රථය නෑබඩ ප්‍රදේශයේ සිට ගොවින්න ප්‍රදේශය දක්වා ගමන් කරමින් තිබියදී ඉදිරිපසින් පැමිණි ටිපර් රථයක පිටුපස කෙළවරේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබුණි. අනතුරෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැති අතර කැබ් රථයට සුළු හානි සිදුවී ඇත. අනතුරු සිදුවන අවස්ථාවේදී අදාළ කැබ් රථය සභාපතිවරයා විසින් පදවාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.
ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කරනවා හා සමානවම බැංකු හා මූල්‍ය ආයතන ඊට අදාළ යටිතල පහසුකම් ගමේ සිටින ජනතාව දක්වාම රැගෙන යා යුතු බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. දඹුල්ලේ පැවති උත්සවයක් අමතමින් අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා මහබැංකුව සංවිධාන කරන ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධන වැඩසටහනක් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් ඊයේ පැවැත් වුණි. එහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, “ඩිජිටල් ගනුදෙනුවලදී විශේෂයෙන් අපේ රටේ ගෙවීම් සහ පියවීම් සඳහා විශාල වශයෙන් අවශ්‍ය කරන යටිතල පහසුකම් කාලයක් තිස්සේ සම්පූර්ණ කරලා තියෙනවා. Online Banking, QR code එක පාවිච්චි කරලා ගෙවන…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, එම නිවේදනය අද (02) රාත්‍රී 11 දක්වා බලපැවැත්වෙන බවය. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බැවින් මෙම ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා…
කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට තැඹිලියාන ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී තිබේ. අදාළ බස් රථයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසක් ගමන්කර තිබූ බවද වාර්තා වෙයි. අනතුර සිදුවී ඇත්තේ අද (02) අලුයම 6:30ට පමණය. බස් රථයේ 41 දෙනෙකු පමණ ගමන් කර තිබෙන අතර ඔවුන් සියලුදෙනාම අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බව අද දෙරණ වාර්තාකරු පැවසීය. දැරණියගල සිට අවිස්සාවේල්ල කර්මාන්ත පුරය දක්වා ධාවනය කරමින් තිබියදී බස් රථය අනතුරට ලක්වී තිබේ.
මාලිගාවත්ත දුම්රිය අංගණයේ ගාල්කර තිබූ දුම්රියක තුන්වන මැදිරියේ වැසිකිළියකින් බිළිඳියකගේ මළ සිරුරක් ඊයේ (01) හමුවී තිබේ. මියගොස් ඇති බිළිඳියගේ වයස දින තුනක් පමණ වන බව වාර්තා වේ. පුත්තලමේ සිට ඊයේ උදෑසන ගල්කිස්ස බලා පැමිණි අංක 8346 දරණ දුම්රිය, ගමන නිමාකිරීමෙන් පසු මාලිගාවත්ත දුම්රිය අංගණයේ ගාල්කර තිබේ. එහිදී දුම්රිය පිරිසිදු කිරීමට එක්වූ සේවයන් පිරිසකට දුම්රියේ තුන්වන පන්තියේ මැදිරියක් දෙසින් දැඩි දුර්ගන්ධයක් දැනී ඇති අතර ඒ අනුව කළ පරික්ෂාවේදී ඔවුන් දැක ඇත්තේ කුඩා බිළිඳියක් මල්ලක දමා වැසිකිළියේ අතැර ගොස් තිබූ අයුරුය. මියගිය බිළිඳිය පිළිබඳ මෙම සේවකයන් වහාම දෙමටගොඩ පොලිසිය දැනුම්වත් කළ අතර ඒ අනුව විමර්ශන ආරම්භ කෙරිණි. මූලික විමර්ශන අනුව හෙළිවී ඇත්තේ…
කථානායකවරයාගේ නිල නිවස “පාර්ලිමේන්තු අධ්‍යයන සහ පර්යේෂණ මධ්‍යස්ථානයක්” බවට පරිවර්තනය කිරීම පිළිබඳව යෝජිත වැඩපිළිවෙළට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ ප්‍රතිපත්තිමය එකඟතාව හිමිව තිබේ. ඒ අනුව මාස හයක ආරම්භක කාලයක් සඳහා මධ්‍යස්ථානයේ පදනම් රාමුව සැලසුම් කිරීම සහ ව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය, උපදෙස් දීම සහ මෙහෙයවීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙකු ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස පත්කිරීමටද කාරක සභාවේ අනුමතිය හිමිව ඇත. පසුගිය 24 වැනිදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේදී එම යෝජනාව සළකා බැලූ අවස්ථාවේදී මේ පිළිබද සාකච්ඡා කෙරිණි. රජයේ සියලු අංශ ඔස්සේ ව්‍යවස්ථාදායක සහ ආණ්ඩුකරණ හැකියාවන් ශක්තිමත් කිරීමේ මූලික ඉලක්කය ඇතිව මෙම යෝජිත මධ්‍යස්ථානය මගින්,…